පසුගිය දවසක යුගයේ ජනප්‍රියම ගායකයෙක් වන නාමල් උඩුගම මහතාගේ ආදරණීය දියණිය වන පහන්දි යුග ජීවිතයට පිවිසුනා.මේ විවාහ මංගල්‍යය උත්සවය දේශීය සිරිත් විරිත් වලට අනුකූලව සිදු කරපු ලස්සන මංගල උත්සවයක් උනා.

විශාල පිරිසකගේ ආදරය ආකර්ෂණය වගේම ඉහළ ප්‍රතිචාරත් නාමල් උඩුගමට සහ රුවන්ති මංගලාට හිමිවුණා.ඒ දේවල් එක්ක පවුලට අලුතින් එකතු වුණු ඔහු ගැන රුවන්ති මංගලා ආදරණීය කලාකාරිනිය පුවත්පතට කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවයට අවුරුදු අටක්.ඒ වගේම අපේ දුවටත් දැන් අවුරුදු විසිපහක් වෙනවා.ඒ නිසා අපි ගිය අවුරුද්දේ ඉඳන් විවාහ උත්සවය සැලසුම් කරා. පුතා හරිම හොඳයි හිනා වෙච්චි ගමන්ම ඉන්න සිරියාවන්ත පුතෙක් අපිට ලැබුණේ.හැමෝම අහනවා ලස්සනට හිනා වෙන මේ කොල්ලා කොහෙන්ද හොයාගත්තේ කියලා.ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්”

ඉතින් රුවන්ති ඔන්න ඔය විදිහට තමයි ඔවුන්ගේ ආදරණීය පවුලට එකතු වුණු අලුත් සාමාජිකයා ගැන අදහස් දක්වලා.ඉතින් ඔවුන්ගේ ජීවිත තව තවත් සාර්ථක වේවා කියා අපි  හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.