කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගදරයෙක් වන ජැක්සන් ඇන්තනීගේ දියණිය වන මාධවී ඇන්තනී පිළිබඳව පසුගිය කාලසීමාවේදී බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා.ඒ අය උතුම් මව් පදවිය ලැබුවා කියන සුබ ආරංචිය ප්‍රේක්ෂකයන් දැනගැනීමත් සමඟයි.

පසුගිය දින කසුන් සහ ඇයගේ ආදරණීය විවාහ උත්සවය පැවැතියා.ඉතින් ඊට පස්සෙ විවාහ ජීවිතය ගත කරන්න විවාහ ජීවිතයට අවතීර්ණ වූ ඔවුන්ට ඉතාමත් කෙටි කාලයකින් මේ සුභ ආරංචිය ගැන දැනගන්න අවස්ථාව උදා උනා.


ජීවිතයේ ඒ වෙනසත් එක්ක පසුගිය දවසක ඇය බොහෝ දෙනෙක් පිරිවරාගෙන ඇයගේ උපන්දිනයත් සමරලා තිබුණා.ඒවගේම ඇය උතුම් මව් පදවිය ලබන්න සූදානම් කියන සුභ ආරංචිය කිව්වෙත් ඇයගේ උපන් දිනය දවසේ.කෙසේ නමුත් ඔවුන් දෙදෙනා මේ අවස්ථාව බිඳ දරා ගත් ආකාරය පිළිබඳව මාධවී කියලා තිබ්බේ මේ වගේ කතාවක්


“කසුනුත් මමත් දරුවෙක් හදන්න ඉලක්ක කරන් ඒ වෙනුවෙන් කැපවෙමින්ම ජීවත් වුනේ නෑ. අපි හැමදාම හිතුවේ අපට උරුම කාලෙක ස්වභාවධර්මයේ නියමය අනුව අපි ලඟට එයා ඒවි කියලයි. ඉතිං ඒක එහෙමම වුනා. 


කසුන්ට තමයි කිව්වෙ. මං පරීක්ෂණ පටිය එයාට පෙන්නුවා "මේ බලන්නකො" කියලා. කසුන් ඇහුවා "හරි නේද?" කියලා. එච්චරයි. එතෙක් ඒක හරි සාමාන්‍ය දවසක්. ඒත් ක්ෂණිකව ඒ දවස ජීවිතේ ලස්සනම දවසක් වුනා. මාව සිපවැළඳගෙන සෑහෙන වෙලාවක් හිටියා. ඊලඟට ටික දවසකින් කිව්වෙ අම්මලා දෙන්නට. ඊලඟට සහෝදර සහෝදරියන්ට.”


ජීවිතයේ විවිධ අභියෝග මැද ඉදිරියට ගියපු ඇයට නිරෝගී දරු සම්පතක් වෙනුවෙන් අපිත් සුභ පැතුම් එක් කරන්නෙමු.