ගායන ලෝකය තුළ අලුත්ම යුගයක් සනිටුහන් කරපු ගායන ශිල්පිනියක් තමයි චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය කියන්නේ. ගේ ආදරණීය සැමියා වන රූකාන්ත ගුණතිලක සමග ඇය යුගයක් සලසන්න පුළුවන් ගීත රැසක් දායාද කළා.ඒ වගේම තමයි චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ කලින් විවාහ ජීවිතයේ ඇයට දරුවන් සිටියා.ඒ අතරින් වැඩිමහල් දියණිය තමයි ශයාමි නදීෂා.


ඉතින් පසුගිය දවසක ඇය අලුත්ම ගීත නිර්මාණයක් එළිදැක්වුවා.මේ ගීත නිර්මාණයට බොහෝ දෙනෙක් ප්‍රශංසා කරලා තිබුණා.ඒ වගේම තවත් පිරිසක් ඇයගෙන් ඇහෙන්න ඇයගේ ආදරණීය අම්මාගේ කටහඬ කියන දේත් සඳහන් කරලා තිබුණා.ඉතින් ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක ශාමී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි


ගොඩක් අය කියනවා මගෙන් අම්මගෙ හඬ එනව කියලා. ඒත් මට හිතෙන්නෙ අම්මගෙ කටහඬේ සමහර තැන් මගෙන් ඇහෙනව ඇති. නංගිල දෙන්නටයි මටයි අම්මගෙ හඬේ වෙන වෙන වර්ෂන් ලැබිල තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඒත් අම්මගෙ හඬ නෙවෙයි. කාටහරි එහෙම මගෙන් එන්නෙ අම්මගෙම හඬම කියලා ඇහෙනව නම් ඒක තමයි මට ලැබෙන ලොකුම ගෞරවය.


ඇය මේ වන විට ආදරණීය සැමියා සහ දරුවන් තිදෙනා සමග විදෙස්ගත වෙලා ජීවත් වෙනවා.අවුරුදු ගණනාවක් ඇය විදෙස් රටක තමයි ජීවත් වුණේ.ඉතින් නැවත වතාවක් සංගීත ක්ෂේත්‍රයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න පටන් ගත්තු ඇයගේ ඉදිරි ගමන දිනෙන් දින සාර්ථක වේවා කියා අපි හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමු.