Celebrity Gossip Uncategorized

හේමාල් ලැබෙන්න ඉද්දි රෝස පාටින් ඇඳුම් මැහුවේ ඒත් මට රෝස පාට දුවෙක් හම්බුන්නෑ – හේමාල් රණසිංහගේ මව

හේමාල් රණසිංහ කියලා කියන්නේ සිංහල සිනමාව තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කරන අපූරු සිනමා රංගන ශිල්පියෙක්. තරුණියන්ගේ සිහින කුමරා වන ඔහු සැබවින්ම ඉතාමත් ම කඩවසම් රංගන ශිල්පියෙක් වනවා. සිනමා නිර්මාණ වලට සහ ගීතවල රූප රචනාවලට පමණක් සිය රංගන දායකත්වය ලබා දෙන ඔහු එනිසාම කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක් වනවා. පසුගියදා ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක විමට අවස්ථාව උදාකර ගැනීමත් ඔහුගේ රංගන ජීවිතය තුළ ඔහු ලද මහත් භාග්‍යයක්.

ඉතින් පෙරේදා දිනය (25) ඔහුට විශේෂ දවසක්. ඒ තමයි ඔහුගේ 39 වන ජන්ම දිනය යෙදී තිබීම. ඉතින් එහිදී ඔහුගේ මව වන විශාඛා මහත්මිය හේමාල් ඉපදුණු හැටි සහ ඔහුගේ ළමා කාලයේ පිළිබඳ මතක ආවර්ජනයක් කළේ මේ විදියට.

‘ මගේ දෙවැනි පුතා ගෙ ඉඳලා මම හීන දැක්කේ දුවෙක්ට. ඒ දවස්වල ලස්සන රෝස පාටින් මම කාමරේ සරසනවා. හේමල් ලැබෙන්න ඉද්දිත් රෝස පාටින් තමයි ඇඳුම් මැහුවේ. ඒත් මට ලස්සන රෝස පාට දුවෙක් හම්බුනේ නෑ. හේමාල් හම්බුනාට පස්සෙ ඩොක්ටර් මට කිව්වා මිසිස් රනසිංහ ඔයාගේ පුතාලා තුන් දෙනා ලස්සන දුවලා තුන් දෙනෙක් අරන් ඒ නිසා දුක් වෙන්න එපා කියලා. හේමාල් පොඩි කාලේ ගොඩක් දඟයි. අයියල දෙන්න එක්ක තමයි එයා හැම දඟ වැඩක්ම කරන්නේ. හේමාල්ට සැර කලාම හරි දුකයි. කිසිම දෙයක් එයාට දෙසරයක් කියන්න ඕනෙ නැහැ. ඒ වගේම එයා බොරු කියන කෙනෙක් නෙමේ. එයා මට තමා ගෙදර ගොඩක් කිට්ටු. එයාගෙ පෙම්වතියන් ගැන පවා මාත් එක්ක කියලා තියෙනවා. ළමයි ලොකු උනාම අම්මලගෙන් ඈත් වුණාට මගේ ළමයි අදටත් මට ගොඩක් කිට්ටුයි. ‘

මේ විදිහට තමයි ඇය ඉතාමත්ම ආදරණීය විදිහට තම අතීත ආවර්ජනා වන් සිදු කළේ ඉතින් කොයි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පියාට සුභම සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.