Paper Article

මම කවදාවත් කොණ්ඩ කට්ටක්වත් ඉල්ලලා අම්මට තාත්තට කරදර කරලා නෑ – ත්‍රිකලා ධරණි

නිරූපණ ක්ෂේත්‍රය කියලා කියන්නේ සුන්දර යුවතියකට මුදල් ඉපයීමට ඇති ඉතාම ලේසි පහසු මාර්ගයක්.ඒ වගේම තමයි ඔවුන් කලා ක්ෂේත්‍රයට කරන්නේ මහඟු මෙහෙවරක්.නිරූපණ ක්ෂේත්‍රය තුළ කලින් කලට කතා මවන නිරූපිණියන් අතර ත්‍රිකලා ධරණි කියන්නේ තම සිහිනය යථාර්ථයක් බවට පත් කරගත් සුන්දර යුවතියක්.ඇය පිළිබඳව මේ දවස් වල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ ඇයගේ සුපිරි පන්නයේ මිල අධික range rover වාහනය නිසයි.මුලු ලංකාවටම ඇත්තේ එවැනි වාහන එකක් පමණි.

ඉතින් එම එකම වාහනයේ අයිතිකාරිනිය වීම පිළිබඳව ඇයට ඇත්තේ මහත්වූ ආඩම්බරයක්.ඇය එම වාහනයේ number plate එක සඳහා ඇයගේ නම වූ ත්‍රිකලා ධරණි යන්න භාවිතා කරයි.දම් පැහැයට හුරු රෝස පැහැයක් ඇති මෙම වාහනය අධි සුඛෝපභෝගී රථයක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්.

ඇය එක්තරා රූපවාහිනි මාධ්‍ය වැඩසටහනකට සහභාගි වී ඇයගේ හෑන්ඩ් බෑගයේ වටිනාකම ලක්ෂයකට වඩා වැඩි යනුවෙන් පැවසුවා.ඒ ඔස්සේ සමාජයේ කතා බහට ලක්වූ ත්‍රිකලා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2017 වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමත් සමඟයි.ගුවන් සේවිකාවක් ලෙස මෙන්ම විශාරදවරියක් ලෙස ද ඇය වෘත්තීය මට්ටමෙන් සේවය කරනවා.ඉතින් ඇය සමග එක් වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ මෙවැන්නක්.

“ඇත්තටම මගේ ඉස්සර ඉඳන්ම හීනයක් තිබුණා මේ වගේ range rover එකක් මගේම කරගන්න එක.මම බිත්තියේ පින්තූර පවා අලවලා තිබුණ මගේ සිහිනය කරා නිරන්තරයෙන් motivation එකක් කරගන්න.මං ළඟ තිබ්බ ඉස්සර පොඩි ජීප් රථයක්.ඉතින් මං හිතපු දෙයක් තමයි ඒක රෝස පාටින් රැපින් කරලා range rover එකක් කියලා හිතාගෙන ඩ්‍රයිව් කරනවා කියලා.ඒ තරම් මං අසාවෙන් හිටියෙ මේ වගේ වාහනයක් ගන්න.

මං ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රය කරන්නේ විනෝදාංශයක් විදිහට.මං ගොඩක් වැඩ කරන්නේ ඩුබායි සාජා වගේ රටවල.ඒ රටවල් වලින් අපට හොඳට ගෙවනවා.ලංකාව වගේ නෙවෙයි.ලංකාවේ ඉන්න හැම නිරූපිකාවකට ම එහේ ගිහිල්ලා වටිනා මුදලක් හම්බ කරන්න පුළුවන්.මගේ range rover එකේ සියලුම වියදම් දැරුවේ මම.මම කවදාවත් කොණ්ඩ කට්ටක්වත් ඉල්ලලා අම්මලාට තාත්තලාට කරදර කරලා නෑ.හැම වෙලාවකම මම තව කෙනෙක්ට බරක් නොවී ඉන්න තමයි උත්සාහ කරන්නේ.

ඇත්තටම මම කොච්චර මුදල් පැත්තෙන් ශක්තිමත් වුණත් මට මගේ ස්වාමියාගේ ආදරය කියන දේ අනිවාර්යෙන්ම ඕනේ.මොකද මම දකින විදියට හැමදේකටම මුදලක් නියම කරන්න බෑ.මම නම් මම ආදරය කරන කෙනාගේ රැකවරණය කියන දේ අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා.පිරිමියාගේ සෙවනැල්ල නැතුව ගැහැනියකට ඉස්සරහට යන්න අමාරුයි මම දකින විදිහට නම්” කියලා තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සිහිනය කරා නොපසුබට උත්සාහයෙන් ගමන් කළ ඇය මුළු ලංකාවටම ලොකු ආදර්ශයක්.ඉතින් ඇයගේ ඉදිරි කටයුතුවලට හදවතින්ම සුබ පතනවා.