Paper Article

එක පිරිමි ළමයෙක් මාව බදාගෙන එයාලගේ ගෙදර එක්ක යන්න ඕනේ කියලා කිව්වා

දිනිති වල්ගම කියලා කියන්නේ කලින් කලට අලුත් කතා මවන නව පරපුරේ ඉන්න සුරුපී රංගන ශිල්පිනියක්.ඒ වගේම තමයි ඇය වෘත්තීමය වශයෙන් ගුවන් සේවිකාවක්.මේ වන විට ලංකාවේ තරුණයන්ගේ සිත් වශී කර ගැනීමට සමත් වූ ඇය කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින කලාකාරිනියක් කීවොත් මා නිවැරදියි.පසුගිය දිනකදී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ ඇය පැවසුවේ මෙවන් දෙයක්.

“මම ශ්‍රී ලංකන් එයාර් ලංකා සමාගමේ ගුවන් සේවිකාවක් විදිහටත් සේවය කරන ගමන් තමයි රංගන කටයුතුවලට සහභාගි වෙන්නේ.මම කිසිම දෙයකට කම්මැලි කෙනෙක් නෙවෙයි.එනිසා හැම දෙයක්ම කළමනාකරණය කරගෙන වැඩ ටික කරගෙන යන්න මට පුළුවන්.පසුගිය දවස් වල මට මගේ ආයතනයේ නිවාඩුත් ලැබුණා.ඒ නිසා මට රංගන කටයුතු සඳහා සහභාගි වීම පහසු වුණා.

ඉස්කෝලේ යන දවස් වල මම බාහිර ක්‍රියාකාරකම් වගේම අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. මම ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත්වුණා. සාමාන්‍ය පෙළ විභාගයට A අටක් ලබාගත්තා. උසස් පෙළත් හොඳින්ම සමත්වුණා. මට ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දියාවට ගියා. ඉගෙන ගන්න කියලා ගෙදරින් මට ලොකුවට බලපෑම් කළෙත් නැහැ. මට තාම මතකයි මට සාමාන්‍ය පෙළට ඉගැන්නුවෙත් මගේම නෑදෑයෝ.මගේ මුළු පරම්පරාවම ගුරු පරම්පරාවක්.

මං පුංචි කාලේ ඉදන් දැකපු හීනයක් තමයි මේ ලෝකෙ පුරා සංචාරය කරන එක.ඉස්සර පිටරටවල් වල ඉන්න අය තෑගි ගෙනත් දෙද්දී මං හරි ආසයි ඒවායේ සුවඳට.ඒ නිසා මගේ හැමදාම හීනය තිබ්බේ ලෝකයේ වටේ යන එක.මට ගුවන් නියමුවරියක් වෙන්න නෙවෙයි ඕනි උනේ ගුවන් සේවිකාවක් වෙන්න.මොකද එතකොට මගෙ හීනෙත් එක්ක සල්ලිත් ලැබෙනවා.එක වතාවක් මෙල්බන් එයාර්පෝට් එකේදී එක පිරිමි ළමෙක් මාව බදාගෙන මාව එයාලගේ ගෙදර එක්ක යන්න ඕනි කිව්වා.ඒ සිදුවීම නම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.

මට මම ගැන ගොඩක් සතුටුයි. මම මේ ගමන ආවේ තනියමයි.මගේ අම්මයි, තාත්තයි මට මූලික අත්තිවාරම දාලා දුන්නා. ඒ දෙන්නා මගේ පස්සෙන් ඉඳලා මට ආශීර්වාද කළා. අද මම හම්බකරපු හැම සල්ලියකම මගේ මහන්සිය, කැපවීම තියෙනවා. මට මගේ ජීවිතේ ගැන තියෙන්නේ ලොකු සතුටක්” කියලා තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලු ම අනාගත කටයුතු සහ බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.