Paper Article

අපේ ගෙදර තාත්ති කෙනෙක් නැතත් අම්මි කවදාවත් ඒ අඩුව අපට දැනෙන්න ඉඩ දෙන්නෑ – චන්න පෙරේරාගෙ ලොකු දුව

චන්න පෙරේරා සහ ගයත්‍රි ඩයස් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පීන් යුවලක් වනවා. සිනමා කර්මාන්තය ඔස්සේ විශාල කාර්යභාරයක් සිදු කරන කලා ශිල්පියෙක් විදිහට චන්න පෙරේරාව අපට හඳුන්වන්නට පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් නිෂ්පාදකවරයෙක් ලෙසත් රංගන ශිල්පියෙක් ලෙසත් කටයුතු කරන ඔහු සිනමාවේදී පමණක් නොව සැබෑ ජීවිතයේදීත් නිරහංකාර නිහතමානී පුද්ගලයෙක් වනවා. අංජලිකා සිනමාපටය ඔස්සේ ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ ඔහු ඉන්දියානු රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර්ව සිංහල සිනමාවට හඳුන්වා දීමටත් සමත් වුණා.

ඔහු විවාහ වන්නේ කවුරුත් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක් වන ගයාත්‍රි ඩයස් සමඟයි. බොහෝ කලක් ආදරේ කර විවාහ දිවියට පිවිසෙන ඔවුන් දෙපළට ආදරණීය දියණියන් දෙදෙනෙක් ද සිටිනවා. ඒත් ඉතින් ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයෙන් වෙන් වීමට තීරණය කරන ඔවුන් තම දරුවන්ගේ වැඩ වලදී දෙමාපියන් විදියට සිය යුතුකම් සහ වගකීම් ඉටු කරලීමට සැදී පැහැදී සිටින බව කිව යුතුමයි. එය සනාථ වූයේ පසුගිය දිනක දී ඔවුන්ගේ වැඩිමහල් දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට චන්න පෙරේරාත් සහභාගි වී සිටීම නිසයි. ඔවුන් අතර කොතරම් ප්‍රශ්න ගැටළු ආවත් ඔවුන් තවමත් සුහදව තමයි සිටින්නේ. ඉතින් ඔවුන්ගේ වැඩිමහල් දියණිය එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී සිය දෙමව්පියන් පිළිබඳව පවසා සිටියේ මෙවන් දෙයක්.

” අපේ තාත්ති වෙනම ගෙදරක ඉන්නේ. මමයි නංගියි අම්මියි වෙනම ගෙදරක ඉන්නේ. එහෙම හිටියත් අපේ තාත්ති අපි ගැන හොයලා බලනවා. ඒ වුණාට අපේ ගෙදර තාත්ති කෙනෙක් නෑනේ. ඒ අඩුව කවදාවත් අපිට දැනෙන්න අම්මි ඉඩ තියන්නේ නෑ. අපේ අම්මි හරිම ශක්තිමත් කෙනෙක්. ඕනම දේකට බය නැතුව මුහුණ දෙනවා. මටත් ඕන එහෙම strong කෙනෙක් වෙන්න. ”

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලු ම ඉදිරි අනාගත වැඩකටයුතු ඇය සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.