Paper Article

කවුරුත් දැන නොසිටි ළදරු පවුඩර්වල විස නිසාම නිෂ්පාදනය සදහටම නවතා දමයි

ළදරු පවුඩර් හෙවත් baby powder කියලා කියන්නේ ශ්‍රී ලාංකික මව්වරුන් පමණක් නොව ලොව පුරා වෙසෙන මව්වරුන් බොහොමයක් දෙනා තම ළදරුවාට අනිවාර්යෙන්ම පාවිච්චියට ගනු ලබන අපූරු සුවඳ විලවුන් වර්ගයක්. අද වෙන විට ලෝකයේ නැතුවම බැරි තත්ත්වයකට පත් වී තිබෙන මෙම ළදරු පවුඩර් සඳහා අද දිනයේ දී අපට දැනගන්නට ලැබුණේ එතරම් සුබ දායක පුවතක් නම් නෙවෙයි. ටැල්ක් මත පදනම් වූ මෙම ළදරු powder බොහොමයක් ලොව පුරා නිෂ්පාදනය කිරීම සහ විකිණීම සිදු කරනු ලබන්නේ ලෝක ප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ සමාගමක් වන johnson and johnson සමාගම විසිනුයි.

නමුත් ලබන වසරේ සිට එම සමාගම විසින් ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් නිශ්පාදනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. එයට ප්‍රධාන වශයෙන් ම හේතු සාධක වී ඇති කරුණ වන්නේ ලෝ පුරා වෙසෙන බොහෝ මව්වරුන් ටැල්ක් මත පදනම් වූ පවුඩර් වලට එරෙහිව විවිධාකාර වූ චෝදනාවන් ගොනුකර තිබෙන බැවිනි. එනම් එම පවුඩර් වල ඇස්බැස්ටෝස් අඩංගු වීම හේතුවෙන් බොහෝ කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව පිළිකාමය තත්ත්වයන් ඇති කළ බවට කියන හේතු කාරණාවන් නිසයි. ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත් එම කාන්තාවන් දිගින් දිගටම මෙම ලදරු පවුඩර් නිෂ්පාදන සඳහා වැරදි මත එල්ල කරනු ලබනවා.

කෙසේ නමුත් ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන johnson and johnson සමාගම විසින් මෙම පවුඩර් වර්ගය නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සදහටම නවතා දමන බවට නිවේදන නිකුත් කර තිබුණේ එක්සත් ජනපදයේ එම නිෂ්පාදන අලෙවි කර අවසන් වී වසර දෙකකට වැඩි කාලයකට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඉතින් ඔවුන් මුහුණ දී ඇති මෙම ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් එම තීරණය ගන්නට සිදු වූ බව johnson and johnson සමාගම පවසා සිටිනවා. කෙසේ නමුත් ඔවුන් දිගින් දිගටම පවසා සිටින්නේ දශක ගණනාවක් පුරාවට සිදුකළ ස්වාධීන පරීක්ෂණ මඟින් තහවරු වී ඇත්තේ එම ළදරු නිෂ්පාදන භාවිතා කිරීම කිසිදු ආකාරයක අනාරක්ෂිත බවක් නොමැති අතර එම නිෂ්පාදනවල කිසිදු දෝෂයක් නොමැති බවත්ය. ඒ වගේම තමයි ඔවුන් වැඩිදුරටත් ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර පවසා සිටින්නේ ලෝක ව්‍යාප්තව සිදු කරනු ලැබූ පරීක්ෂණවල තක්සේරුවක කොටසක් ලෙස සිය බේබි පව්ඩර් නිෂ්පාදනය කිරීම ඉරිගු පිෂ්ඨය පදනම්ව සිදු කිරීමට වාණිජමය තීරණයක් ගෙන ඇති බවත් ය. ඒ වගේම එලෙස ඉරිඟු පිෂ්ඨය පදනම්ව සිදු කරන බොහෝ නිෂ්පාදන මේ වන විටත් ලොව පුරා ඇති බවත්ය. එයට අනුව එහි ප්‍රතිඵලයක් ලෙස එම පව්ඩර් නිෂ්පාදනය 2023 වසරේ දී ගෝලීය වශයෙන් නවතා දමන බව එම සමාගම සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කරලා තියෙනවා. කෙසේ නමුත් ලෝක ප්‍රසිද්ධ දැවැන්ත සමාගමක් වන johnson and johnson සමාගම දිගින් දිගටම පවසා සිටින්නේ ටැල්ක් මත පදනම් වූ ලදරු පව්ඩර් නිෂ්පාදනවල කිසිදු විෂ රසායන සංයෝගයක් අඩංගු වී නොමැති බවත් සිය මතය දිගින් දිගටම දරන බවත් ය. කෙසේ නමුත් 2023 දි සිට ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් නිශ්පාදනය සහ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඔවුන් ගත් තීරණය තවමත් එලෙසින් ම පවතිනවා. අපට මේ පිළිබඳව මෙතරම් තොරතුරු අනාවරණය කර ගන්න පුළුවන් වුණේ සති අග මව්බිම පුවත් පත මගිනුයි.