Paper Article

විවාහය කියන්නෙම ප්‍රශ්න ගොඩාක්, ඒ ප්‍රශ්න ගොඩට වඩා මම දැන් නිදහස්-ජනප්‍රිය නිලි ප්‍රියංකා අබේගුණස්කර

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ප්‍රියංකා අබේගුණස්කර කියලා කියන්නේ. ගිරිදේවි, මිහි, රාවණා, ඔබ නිසා, අකුරු මැකී නෑ, දළදාගමනය චිත්‍රපටය ඇතුළු නිර්මාණ රැසකින්ම ඇයව අපට දැක බලාගන්න ලැබුණා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ.

මම දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කරනවා. ඒ අතරේ රඟපෑමත් කරනවා. ඊටත් අමතරව තිර පිටපත් රචනය කරනවා. මගේ ගම අනුරාධපුරය. උපදුනේ කුරුණෑගල දී. මුලින්ම මම පාසල් ගමන පටන් ගත්තේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන්. ඉසුව මව්පියන් රජයේ නිලධාරින් වීම නිසා රටපුරා යන්න අපට සිද්ධවුණා. මම පාසල් 12 කට ගිහින් තියෙනවා. අත්තිමට පාසල් ගමන නිමා කළේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවෙන්මයි.

මුලින්ම ජාතික රූපවාහිනියෙ ඇගිලි සළකුණ වැඩසටහන් මාලාවෙන් තමයි මාව ගොඩක් දෙනෙක් හදුනා ගත්තේ. ඊට පස්සේ සුගත් සමරකෝන් මහතා යටතේ ඩ්‍රාමා කෝස් එක කළා. පසුව කැලණිය සරසවියෙන් ජනසන්නිවේදනය පිළිබඳව විෂයයන් හතරක් සහිතව කලා උපාධිය නිමා කළා.

මම රඟපෑමට එන්නේ අහම්බයෙන් වගේ. ඇගිලි සළකුණ වැඩසටහනක් අපේ ගෙදර කළා. එහි අධ්‍යක්ෂ මාවෝ ලක්ෂිත මහතා තමයි පසුව මට කතා කළේ. මම රගපාන්න ආසාවෙන් හිටියේ ඒත් ගෙදරින් කැමැත්ත තිබුණෙ නැහැ කොළඹ ඇවිත් මේවාට දායක වෙනවට. මට පාසල් යන කාලේදී ගුරුවරියක වීමේ ආසාව තිබුණෙ. පාසල් අධ්‍යාපනයේදී උසස් පෙළට කලා අංශයෙන් පෙනී ඉඳලා ආයුර්වේද ඩිලෝමා පාඨමාලාව කළා. දේශීය වෙදකමට සහ ආයුර්වේදයට මම කැමතියි.

මම මුලින්ම රගපෑමට ආවේ 2007 දී විතර. ස්වාධීන රූපවාහිනියේ පෝය කතාවල, නත්තල් කතාවල රඟපෑවා. මේ වන විට නාට්‍ය 20 ක විතර රඟපාලා තියෙනවා. ගිරිදේවි, මිහි, රාවණා, ඔබ නිසා, අකුරු මැකී නෑ, දළදාගමනය චිත්‍රපටය ඇතුළු නිර්මාණ කීපයකට දායක වුණා.

මේ දිනවල අහිංසා කියලා නාට්‍යයක ෂූටින් කරනවා. අන්තිමට විකාශය වුණේ මිහි නාට්‍යය. රගපෑමට අමතරව දැන්වීම්වලට පෙනී ඉන්නවා. නියත ජය ලොතරැයි දැන්වීමට, ටෙලිසීන් ඇතුළු තවත් දැන්වීම් කිපයකට මම දායක වෙලා තියෙනවා.

මගේ දැන් අරමුණ තිර රචනයෙන් ඉදිරියට යාමට. මේ දිනවලත් නාට්‍ය තුනක තිර රචනයට දායක වෙලා ඉන්නෙ. මම දැන් ඉන්නේ අම්මා එක්ක. මගේ සහෝදර, සහෝදරියන් ඔක්කොම විවාහ වෙලා. මම හිතන්නේ විවාහ ජීවිත්තේ ගැන මට එච්චර පැහැදීමක් නැහැ කියලා. ඒ සමාජයේ දේවල් දැකලම තමයි. විවාහය කියන්නෙම ප්‍රශ්න ගොඩාක්. මම හිතන්නේ ඒ ප්‍රශ්න ගොඩට මැදිවෙනවාට වඩා මම දැන් නිදහස්.

මම ඇත්තටම හරිම අවංක අන්‍යයන්ට උදවු කරන, උදවු කරලා සතුටු වෙන තමන්ට නැතත් අනුන්ට යමක් ලබාදෙන්න උත්සාහ කරන කෙනෙක්. මට හිතන්නේ මම හොඳයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.