Paper Article

මාව දැක්කම මිනිස්සුන්ට ඉබේම හිනා යනවා, මම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්-ජනප්‍රිය නිලි දිලුක්ෂි වීරපෙරුම

අපේ කලා ක්ෂේත්‍රයට එක්වුණු දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිලුක්ෂි වීරපෙරුම කියලා කියන්නේ. ඉතින් ඒ වගේම විකාශනය අවසන් වූ දෙරණ නාළිකාවේ ලොක්කි ටෙලි නාට්‍යයේ ප්‍රවීණාගේ චරිතය හරහා වගේම ධරණී ටෙලිනාට්‍ය හරහා ඇය බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තා. ඒ වගේම පුංචි තිරයේ මෙන්ම සිනමාවේද තම දක්ෂතා පෙන්වමින් රංගනයේ ස්ථාවර ගමනක සුබ ලකුණු පෙන්වන නවක රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස් වල ධරණී ටෙලිනාට්‍ය සමඟ තමයි වැඩ කටයුතු සිදුවෙන්නෙ සහ ලොක්කි ටෙලිනාට්‍යය බොහෝ ප්‍රතිචාර මැද අවසන් වුණා. ඒ අවසානය සමඟ අලුත් වැඩකටයුතු වලට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඉතින් ඒ දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නෙ.

ඉතින් ඒ වගේම ලොක්කි ටෙලිනාට්‍යයේ ප්‍රවීණාට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මම ෆීල්ඩ් එකට එන්නෙ 2016. නමුත් මාව ජනප්‍රිය වුණේ ලොක්කි ඩ්‍රාමා එකෙ ප්‍රවීණගෙ චරිතය හරහා. මම ගොඩක් නපුරු චරිත කළේ. ඒ චරිතවලට ගොඩක් අය බැන්නා. නමුත් ලොක්කි එකෙ ප්‍රවීණා කියන්නෙත් නපුරු චරිතයක් වුණාට කමෙන්ට්ස් වල තියනවා පළවෙනි වතාවට තමයි විලන් කෙනෙක්ට ආදරේ කළේ කියලා. ප්‍රේක්ෂකයෝ ඩ්‍රාමා එකෙ අනා කියන වචනයට තමයි ගොඩක් අය ආදරේ කළේ. පාරේ දැක්කත් අනා කියල තමයි කතා කරන්නෙ. පුදුම ආදරෙයි මේ ප්‍රවීණට. මට හිතා ගන්නත් බැහැ.

ඉතින් මම හිතන්නෙ දිලුක්ෂිට වඩා ප්‍රවීණා ජනප්‍රියයි. මටත් දැන් නමක් හැදිලා තියෙන්නෙ අනා කියලා. චූටි කියලත් කියනවා. අනික මාව දැක්කමත් මිනිස්සු ඉබේම හිනා වෙනවා. මම සැබැ ජීවිතෙත් ගොඩක් විනෝදෙන් ඉන්න චරිතයක්. හැමෝම කියනවා දිලුක්ෂිගෙ සැබෑම චරිතෙ තමයි මේ ඇවිත් තියෙන්නෙ කියලා. මම කොච්චර ප්‍රශ්නවල හිටියත් මම කැමති නැහැ වෙන කෙනෙක්ට ඒ ප්‍රශ්නය දීලා මූඩ් අවුල් කරන්න. මම ෂූටින් ගියත් එතන අයත් හිනස්සවලා තමයි ඉන්නෙ. ඒක මම එක්ක ඉන්න ගොඩක් අය දන්නවා. මම සැහැල්ලුවෙන්ම ඉන්න කැමති කෙනෙක්.

කොහොම නමුත් ක්ෂේත්‍රයට එන නවකයන්ට කැපිලිකෙටිලි වැඩියි. මුලදි නම් මම සෑහෙන්න වැටුණා. මොන ක්ෂේත්‍රයේ වුණත් ඒ දේවල් තියනවා. දක්ෂ නම් අනිවාර්යයෙන්ම තැන තියනවා කොහෙන්හරි. කැපිලි කෙටිලි බාර අරගෙන අපි ඉස්සරහට යන්න අවශ්‍යයි. අදටත් මට එහෙම වුණොත් දුක්වෙනවා. කවදහරි මේ කැපිලිකෙටිලි අපිට පොසිටිව් විදියට අරන් හිනාවෙවී කතා කරන්න පුළුවන්.

මම ක්ෂේත්‍රයට එන්නෙ සිනමාවෙන්. මම කරපු චිත්‍රපට තුනක් තියනවා විකාශනය වෙන්න. මම ගෝත්‍රා කියලා ෆිල්ම් එකක් කළා. එහි ප්‍රධාන චරිතය මමයි කරන්නෙ. 2017 දී මම කළා බෆලෝ ට්‍රැවල් කියලා චිත්‍රපටයක් ගාමිණී ෆොන්සේකා මහත්මයගෙ පුතාගෙ පළවෙනි අධ්‍යක්ෂණය. එහිත් ප්‍රධාන චරිතය. ඊළඟට ඉන්දියාවේ නිෂ්පාදනයක් වුණු අන්දනිමිඩම් කියලා චිත්‍රපටයට දායකත්වය ලබා දුන්නා. ලංකාවේ තමයි ඒක ෂූට් කළේ. කොවිඩ් වසංගතය නිසා තමයි තිරගත වීම් කල් ගියේ.

මම වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්. ඇත්තටම පවුලෙන් සහයෝගයක් ලැබෙන්නෙ නැත්තම් මට මෙච්චර දුර එන්න බැහැ. මගෙ අම්මා කොතනකවත් අපිව හිර කරන්නෙ නැහැ. අම්මා තමයි මගේ ස්ක්‍රිප්ට් එක මුලින්ම කියවන්නෙ. අම්මා අක්කා දෙන සහයෝගය මට වචන වලින් කියන්න බැහැ. තාත්තත් ගොඩක් ෆනී චරිතයක්. තුන් දෙනාගෙන්ම තුන් පැත්තකින් සහයෝගය ලබා දෙනවා. මගෙ ලොකු අම්මලා එහෙම ඔක්කොම ලොකු සපොර්ට් එකක් දෙනවා. නැදෑයෝ ඔක්කොම එහෙමයි.

මේ මොහොතේ මට නිවෙසින් ලැබෙන ආදරය ඇති. මම පෙම්වතියෙක් වෙලා ඉදලා තියනවා, නැත්තෙ නැහැ. නමුත් මම ඒ පස්සෙ දැන් යන කෙනෙක් නෙමෙයි. මට ජීවිතේ සතුටින් ඉන්න අවශ්‍යයි. මම ඒක ගැන ලොකුවට හිතන්නෙ නැහැ. වෙලාව ආපුවම හොඳ කෙනෙක් ලැබුණොත් බලමු කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.