Paper Article

මම මදි නොකියන්න පෙම් කළා, මට වඩා බාල අයගෙත් පෙම්වතිය වෙලා තියනවා-නිලි ඕෂධී හේවාමද්දුම

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියලා කියන්නේ. දුටුවන්ගේ නෙත් වශී කරන රූ සපුවකින් හෙබි ඇය ඉතාමත් ප්‍රියකරුයි වගේම සුන්දරයි. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වන ඇය අද වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්ද වනවා. ඉතින් ඇය දරුවන්ගේ කටයුතුත් රංගන කටයුතුත් කරමින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ඉතාම සුන්දර ජීවිතයක් තමයි ගත කරන්නේ. කොහොම නමුත් කාලයක් පුංචි තිරයේ දකින්න නොලැබුණ ඕෂධී, ෂෙරින් ආච්චි ලෙස නැවතත් රංගනය ඔස්සේ පැමිණීම ගැන ලොකු පොඩි කවුරුත් කතා කරනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්නත් පහුගිය දවසක ඇයව පුවත්පතක් විසින් කතා බහට එකතු කරගෙන තිබුණා.

මම අවුරුදු දෙකකට පස්සෙ ආයෙමත් වැඩ පටන් ගත්තා. තවත් කෙනෙක් ගෙන් ඇතිවුණ හිස්තැනක් පුරවන්නයි මම අවුරුදු දෙකකට පස්සේ කරලියට ආවේ. නමුත් මට ඒක ගැටලුවක් නොවුණේ නිර්මාණය හොඳ නිසා. ඒ වගේම දීර්ඝ නාට්‍යයක් වුණත් ප්‍රමිතියක් ඇතිව පිටපත ගැන සැලකිලිමත්ව කරන නිර්මාණයක් නිසා. නිවංත ප්‍රසාද්ගෙ සිහින ගෙනෙනා කුමාරියේ ටෙලි නාට්‍යය ළමුන් අතර වගේම වැඩිහිටියන් අතරත් ජනප්‍රියයි. ඒ වගේම ළමයින් හැරුණම ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වන හැමෝම ප්‍රවීණයෝ. ඒ නිසා ලැබුණ ආරාධනාව බාර ගන්න මම අකමැති වුණේ නැහැ. මම අලුත් අධ්‍යක්ෂවරයෙක්ගේ, අලුත් වැඩකට නොවැම්බර් ඉඳන් දායක වෙනවා. අධ්‍යක්ෂවරයා ලංකාවට අලුත් වුණාට ඔහු හොලිවුඩ්වලත් වැඩ කරලා අත්දැකීම් ගත් කෙනෙක්. අපි ඒ ගැන පස්සෙ විස්තර සහිතවම කතා කරමුකෝ.

මම ටෙලි නාට්‍ය 65ක් කළා නම් මම 62කම පෙම්වතිය. ජීවන් කුමාරතුංග අයියාගේ ඉඳන් අපේ කාලයේ නළුවන් වගේම මට වඩා බාල අයගෙත් මම පෙම්වතිය වෙලා තියනවා. ඒ කාලෙ මදි නොකියන්න පෙම්වතිය වුණ නිසා මට දැන් පෙම්වතිය වීමේ අමාරුවක් නෑ. හැබැයි මගේ වයසට, පෙනුමට ගැළපෙන චරිත තමයි මම තෝරා ගන්නේ. ඕනෑවටත් වඩා වයස චරිත කරන්නත් ඕන නෑනේ. හැබැයි සරත් වීරසේකර මහත්තයාගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ නම් තරුණ වයසේ ඉඳන් අවුරුදු 70ක් විතර වයස නියෝජනය කරන චරිතයක් කළා. ඒ එකම චරිතයේ විකාශනය. ඒ වගේම පාර්ලිමේන්තු යන්න බැරි වුණා කියලා මම කලකිරිලා නෑ. සමාජ සේවා වැඩ කරනවා. පැරදුණා කියලා මම කරන ‍වැඩ නතර කරලා නෑ. ඡන්දයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා ඒ කාලය ආවාම තීරණය කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment