Paper Article

මම කසාද බැඳලා එනකොට මට පපඩමක්වත් බැදගන්න බෑ-ජනප්‍රිය ප්‍රවීණ නිලි නිල්මිණී තෙන්නකෝන්

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ආදරණීය සුන්දර දුවක් එක්ක කාලය ගත කරන ඇය ගැන බොහෝ දෙනෙක් අතරේ නිතරම කතා බහට ලක්වෙනවා අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒ වගේම කලා කටයුතු, ව්‍යාපාර කටයුතු, දියණියගේ කටයුතු, නිවසේ කටයුතු වැනි දහසකුත් වැඩ රාජකාරි සමඟ රංගන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක්, මවක්, නිවේදිකාවක්, ගහණියක් විදිහට සැබෑ ජීවිතයේදී පණ පොවන ඇය පහුගිය දවසක පුවත්පතකට ඇයගේ ගේ දොර වැඩකටයුතු ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම මගේ ජීවිතේ අම්මාගේ චරිතයට මම ගොඩක් ආසයි. මගේ දෝණිත් හරිම ආසයි මේකප් රිමු කරලා එයා ළඟට ගියාම. මේ ලෝකයේ ගැහැනියක් ලබන උත්තරීතර ඔටුන්නනේ මව් පදවිය. යුතුකම්, වගකීම්, ආදරය. සෙනෙහස පිරුණු මේ පදවියට මම ගොඩක් ආදරෙයි.

ඉතින් ඒ වගේම නිවසේ හිටියත් නැතත්, මගේ ගෙදර සියලු වැඩ සැලසුම් කෙරෙන්නේ මගේ අතින්. නිවසෙන් පිටදී මොනතරම් කාර්යය බහුල වුණත් නිවසේ රැඳෙන වෙලාවට ඒ හැමදේම මම හරිම සතුටින් කරනවා. ඉතින් දිනකට පොදුවේ අපි හැමෝටම තියෙන්නේ පැය 24යි. උදෑසන අවදිවීම, කලින් වැඩ සැලසුම් කිරීම, වෙලාවට වැඩ කිරීම කියන කාරණා එක්ක කාලය නෑ කියලා ප්‍රශ්නයක් නම් මතුවෙලා නෑ.

ඇත්තටම මම බැඳලා එනකොට මට පපඩමක්වත් බැදගන්න බෑ. ඊට පස්සෙ තමයි ටික ටික උයන පුරුදු වුණේ. දැන් නම් ඕනෑම කෑමක් රහට උයන්න පුළුවන්. ඉස්සර ස්වර්ණවාහිනියෙන් විකාශය කළ ලියසෙවන වැඩසටහන ඉදිරිපත් කරන කාලෙදි මට ලංකාවේ නම් දැරූ සූපවේදීන් ඉවුම් පිහුම් කරන හැටි දෑසින්ම දැක ගන්න ලැබුණා. ජීවිතයට ලැබුණු ඒ අපූරු අත්දැකීමෙන් මම දක්ෂ ඉවුම් පිහුම් දන්න අම්මා කෙනෙක් වුණා. ඇත්තටම ඉවුම් පිහුම් කියන්නෙත් කලාවක්. රගපෑමක් කරලා ඒක ආපහු දකිද්දී හිතට සතුටක් දැනෙනවා වගේම, කෑමක් උයලා රස විඳිනකොට අමුතුම දෙයක් හිතට දැනෙනවා.

දුවයි, අම්මත් ආස නිසා නිතර අපේ ගෙදර හැදෙන්නේ ගමේ ගොඩේ කෑම වර්ගම තමයි. වස විස නැතුව කන්න තියෙන්නෙත් දැන් ඒතේ. ඉතින් ඒ වගේම සිංදුවක් අහගෙන තමයි මම උයන්නේ. පුරුද්දක් විදිහට උදෑසන 11ට සම්බුද්ධ පූජාව පූජා කරන නිසා ඒ වෙලාවට බෞද්ධ වැඩසටහන් දානවා. මම නිවසේ නැතත් උදෑසන, දහවල් සුපුරුදු චාරිත්‍රවලට අනුව බුද්ධ පූජාව පූජා කරනවා.

ඒ වගේම මගේ දුව හැමදාම කෑම මේසෙන් නැගිටින්නේ ඔයාට ගොඩක් ස්තුතියි අම්මා කියලා. ඒ පුරුද්ද ඇය දිනපතාම කරනවා. ඒ වචන ටික ඇහෙනකොට, උයනකොට දැනෙන මහන්සිය කොහෙන් ගියාද නෑ.

ඇත්තටම දියණියක මුළුතැන්ගෙයි කටයුතු දැන සිටීම ඇයගේ අනාගතයට අත්වැලක්. වසංගතය නිසා රට වහල තිබුණ කාලේදී වෙනදාට වඩා වැඩි කලක් මට දුව එක්ක ඉන්න ලැබුණා. ඒ කාලෙදි ඇයත් එක්ක එකතු වෙලා මම, එක එක කෑම ජාති හද හද රස බැලුවා. සමහර ඒවා හරි ගියා, සමහර කේක් වර්ග එහෙම වැරදුනා. වැරදුනත් ඒ තුළින් අපි දෙන්නා හරිම සතුටක් වින්දා.

නිවසක පැවැත්මට මවගේ ආදරය, සෙනෙහස වගේම පෝෂණයත් හරිම වැදගත්. ඒ හැමදේම මම හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒ වගේම ගෙදර සුරතලේ හදන පූසාට වෙනම කෑම හදනවා. කුරුල්ලන්ටත් හැමදාම කෑම දානවා. සතෙකුට කෑම ටිකක් දැම්මත් ඒවා පිළිවෙළට දෙන්න ඕනේ. ඒ වගේම උයන වෙලාවට ගොඩක් වතුර බොනවා. ඊට අමතරව සීනි අඩුවෙන් දාපු පලතුරු යුෂ වීදුරුවකුත් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව උයනකොට කෑමවල ලුණු බලන්නේ එකම එක සැරයයි. සැරෙන් සැරේ ලුණු බලනකොට ඇඟ මහත් වෙනවා කියලයි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.