Paper Article

මට විසේ තිබුනට මගේ ළඟ කොලු ගති නැහැ-ලොක්කි ටෙලිනාට්‍යයේ දෙවෙනි වුනු සුරූපී නිලි ධනූ පෙරේරා

අපේ කළා ලෝකයට පායපු නවක සුරූපී රංගන තරුවක් තමයි ධනූ පෙරේරා කියලා කියන්නේ. දෙරණ නාලිකාවේ විකාශනය වන ලොක්කි ටෙලිනාට්‍යයේ දෙවෙනි ලෙස ඇය මේ වනවිට අපේ රටේ අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්නවා. ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මගේ නම තමයි ධනුෂිකා සඳරේණු පෙරේරා. ඒත් හැමොම වගේ කතා කරන ධනූ කියලා. ඒ නිසා ධනු පෙරේරා කියලා භාවිතා කරනවා. ඇත්තටම මම බොහොම සාමාන්‍ය ගැහැනු ළමයෙක්. තවම මට රංගන ශිල්පිනියක් කියලා කියන්න බැහැ. මේ තමයි මගේ පළවැනි රංගනය. කොහොමටත් රංගනය මගේ වෘත්තිය නෙවෙයි. මම නර්තන අංශයේ ගුරුවරියක වීමේ අපේක්ෂක්ෂාවෙන් ඉන්නෙ.

මගේ ගම පිළියන්දල. මගේ ගෙදර අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, මමයි තමයි ඉන්නේ. මම ඉගෙන ගත්තේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන්. ඉන්පසුව සෞන්දර්ය සරසවියට තේරුණා. ඉතින් උපාධිය ලබාගෙන ඉන්න අතරෙදි. ගුරු වෘත්තියට බැදීමේ අරමුණ මූලික කරගෙන කටයුතු කරනවා.

මට රංගනයට අවස්ථාව හිමිවුණේ කාශ්‍යප දිසානායක අයියා නිසා කිව්වොත් හරි. හර්ෂ සහ ෂමාල් අයියාට මාව හඳුන්වලා දුන්නෙ කාශ්‍යප අයියා. ලොක්කි ටෙලිනාට්‍යයේ පහන්ගි හෙවත් දෙවැනි චරිතය රගපෑමට අවස්ථාව ලැබුණේ ඒ විදියටයි. ඇත්තටම මම ටිකක් විතර පහන්දි වගේ තමයි. හැබැයි එච්චරම කොලු ගති නැහැ,

මේක මට ලොකු අත්දැකීමක්. මට ලැබුණු ලොකුම අත්දැකීමක් වෙන්නෙ රගපෑම ගැන කිසිම දවසක මම හිතුවෙ නැති නිසයි. කාශ්‍යප අයියා මට මේ චරිතය ගැන කිව්වාමත් මම ඒකට එච්චර කැමති වුණේ නැහැ. බයක් තිබුණෙ. ඒ නිසයි අකමැති වෙලා හිටියෙ. ඒත් අපේ ඥාති මල්ලිලා දෙන්නෙක් වන පින්සර සහ ආකාශ් තමයි මාව ඉස්සරහට තල්ලු කළේ. අක්කෙ අපි කොහොමහරි මේ වැඩේ කරමු. අපි දෙන්නත් එන්නම් කියලා මාව එක්කගෙන ගියේ ඒ දෙන්නා. ඉස්සෙල්ලාම මට ලොකු කොටසක් කරන්න තිබුණෙ නැහැ. ඒත් පිටපත අතට දුන්නාම පුදුම බයක් ඇතිවුණේ.

ඇත්තටම ආදරයේදි මම හරිම සංවේදියි. ඒ වගේම ආදරයේදි මම හරිම ලෝබයි. අම්මයි තාත්තයි මට වඩා අයියලා දෙන්නට ආදරය කළොත් ඊර්ෂ්‍යාවක් එනවා. ඒ විදියට ආදරයට වෙලාවකට මම ආත්මාර්ථකාමියි. මගේ ආදරය ඉතිං අම්මා තාත්තා, අයියලා දෙන්නා තමයි.

ජීවිතේ ඕනෑම දෙයක් දුෂ්කරයි. අසීරුයි. කිසිම දෙයක් කර ලෙහෙසියෙන් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඒ සියල්ල සුන්දර කරගෙන ජීවිතය විඳින්න පුරුදු වෙන්න ඕනෑ. ජීවිතය තියෙන්නෙම විඳින්න. මම දවසේ හරිම කාර්යබහුල කෙනෙක්. සාපෙළ කරන නංගිලා, මල්ලිලාට වගේම, නර්තන විෂය මාලාවට සම්බන්ධව හදාරන සිසු සිසුවියන්ට මම පංති කරනවා. ඒ හැරුනාම රංගනයට දැන් සම්බන්ධවෙලා ඉන්න නිසා දවස හරිම කාර්ය බහුලයි.

ජීවිතේ කිසිම දෙයක් ල්සි නැහැ. ලේසි කියලා හිත්තෙන දෙයක් තියෙනවා නම් ඒක සාර්ථක නැහැ. ඇත්තටම රංගනය ලෙහෙසි නැහැ. ඊට කලින් රඟපාලා තිබුණෙත් නැහැ. ඒ නිසා ඒක ලොකුම අභියෝගයක් වුණා. හැබැයි ඉතින් කලා ජීවිතය හරි ලස්සනයි. රගපෑම ගත්තොත්, ඒක ලොකු වගකීමක්. අපි එය හරියට නොකළොත්, මුළු නිර්මාණයම අසාර්ථක වෙනවා. ඒ නිසා ඒ තේරුම් ගැනීම වැදගත්.

මම තවම විවාහය ගැන නම් ලොකුවට හිතලා නැහැ. විවාහයට පෙර මම ස්වාධීන වෙන්න ඕනැය කියල හිතනවා. මගේ ස්වඋත්සාහයෙන් ස්ථාවර වුනාට පස්සේ හිතලා බලනවා. කොහොම වුණත් කවදහරි විවාහ වෙන කෙනා මාව හොඳින් රැක බලා ගන්න, මම ගැන සොයලා බලන, සෙනෙහස, ආදරය නිබඳව ලබා දෙන කෙනෙක් වෙන්න ඕනෑ. ආදරයේදි, විවාහයේදි බාහිර පෙනුමට වඩා මට වැදගත් වෙන්නේ ගතිගුණයි කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.