Paper Article

මට ප්‍රේම ආරාධනා නම් ගොඩක් ලැබෙනවා, හැබැයි එකක්වත් භාරගන්නේ නැහැ-සුරූපී නිලි ශලිනි ප්‍රනාන්දු

අපේ රටේ කවුරුත් ආදරය කරන ආදරණීය ආදර්ශවත් නවක රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් අපේ රටේ ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් ඇය දැන් ලොක්කි බවට පත් වෙලා. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ.

මේ දවස්වල මම හොඳින් සතුටින් වගේම කාර්ය බහුල ජීවිතය ගෙවනවා. කලා කටයුතුවල විස්තර කිව්වොත් සුපුරුදු ලෙස දෙවැනි ඉනිමේ වැඩකටයුතු වගේම ලොක්කි ටෙලිනාට්‍යය රූගත කිරීම් මේ දිනවල සිදු කරනවා. ඊට අමතරව ටෙලි නාට්‍යවලින් බැහැරව යම් කලා කටයුතු කිහිපයකට ආරාධනා ලැබුණා. ඉතින් ඒවා තුළිනුත් ප්‍රේක්ෂකයන් අතරට ඒමට බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඒ වගේම බොහෝ කාලයක් චූටි මැණිකෙගෙ චරිතය සිදුකර ලොක්කිගේ චරිතයට අනුගත වෙන්න මට සැබැවින්ම අභියෝගයක් වුණා. නමුත් ලොක්කිහි අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගෙන් ලැබුණු සහයෝගය නිසා චූටි මැණිකෙගෙ චරිතයෙන් මිදී ලොක්කිට වෙනස් හැඩයක් එක් කරන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා එකී අභියෝගය සාර්ථකව ජය ගත්තා කියලා මං හිතනවා.

මම 2017 වසරේදී දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගැනීමට සමත් වුණා. ඉතින් එම ජයග්‍රහණයෙන් අනතුරුව ලක්සිරි මහතාගේ ස්ත්‍රීන් ටෙස්ට් එකකට මුහුණ දුන්නට පස්සේ ළිහිණිගේ චරිතයට මාව තෝරා ගත්තා. කලා ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුනේ එහෙමයි.

ඇත්තටම මම ෆැෂන් කරන්නේ තෝරා බේරාගෙන යැයි කිව්වොත් නිවැරැදියි. මං fashion trends පසුපස එළවන්නේ නැහැ. යම් විලාසිතාවක් මම අනුගමනය කරන්නේ මට ගැළපෙනවා නම් විතරයි. සමහරක් ට්‍රෙන්ඩ්ස් කල්පැන ගියාම එය මගේ ෆැෂන් එකක් වෙනවා. එය මං තීරණය කරන්නේ එක් එක් අවස්ථාවට අදාළ විධියට වගේම ගැළපෙන විදිහටයි.

මගේ බාහිර ස්වරූපය නිසා මට ලැබෙන ගැමි පෙම්වතියගේ චරිත මට බෙහෙවින් සමීපයි. නමුත් මං එකී කාණ්ඩය තුළ කොටු වෙලා නැහැ. මියුසික් වීඩියෝ තුළින් මගේ වෙනම ස්වරූපයෙන් දැකගන්න පුළුවන් වුණා. ග්‍රාමීය චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබුණත් එකී චරිත එකිනෙකට හාත්පසින් වෙනස්.

ඉතින් ඒ වගේම මම ඉදිරියේදී රංගනය හැදෑරීමට බලාපොරොත්තු වෙනවා. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ හිමාලි අක්කා වගේම ලොක්කිහි රගපෑ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ආදරය වගේම මගපෙන්වීම තුළ මා ලැබූ අධ්‍යාපනය මෙතෙකැයි කියන්න අපහසුයි. ඒ වගේම මං අභියෝග භාර ගන්න ගොඩක් කැමැති කෙනෙක්. ඒ නිසා අභියෝගාත්මක චරිතයකට මුහුණදෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඇත්තටම චරිතයක් භාර ගැනීමට පෙර එකී චරිත ස්වාභාවය පිළිබඳ මං අධ්‍යයනය කරනවා. එකී චරිතය සඳහා භාවිත කරන ඇදුම් පිළිබඳවත් මං බෙහෙවින් සැලකිලිමත් වෙනවා. ඒ අනුව මට ගැළපෙන චරිතයක් නම් මම භාර ගන්නවා. ඇත්තටම මට ප්‍රේම ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත් ඒවා පිළිගන්නේ නැති නිසා ගැටලුවක් නැහැ කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.