Paper Article

මට ඕන වුණේ ලංකාවේ හිට් එකක් වෙන්න නෙමෙයි, හොඳ නළුවෙක් වෙන්න-ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන

ධනංජය සිරිවර්ධන කියන දක්ෂ කළා කරුවා මෙලොව හුස්ම ගැනීම අරඹන්නේම කලාවත් සමගිනුයි. එයින් ලද පන්නරයෙන් ඔහු මේ වනවිට අපේ කළා ක්ෂේත්‍රය තුල බොහෝ දුරක් ගමන් කර හමාරයි. ඉතින් ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ පුංචි තිරයේ කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමා ධනංජය ස්වාධීන රූපවාහිනී නාළිකාවේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනේ සොඳුරු නිවේදකයා ලෙසින්ද ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඉතින් ඒ වගේම මේ වනවිට ආදරණීය පුංචි දෝනි කෙනෙක්ගේ සුරතල් බලන ධනංජය පහුගිය දවසක පුවත් පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මේ ගතවෙන කොරෝනා සමයේ මම පිටපතක් ලිව්වා. ඒක අධ්‍යක්ෂණය කළේ චරිත් අබේසිංහ. නම්බර් නයින් කියන නමින් ඒ නිර්මාණය බලාගන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපට පිටපතක් ලිව්වා. එකේ වැඩකටයුතු පටන් ගන්න ඉන්නවා. ඒ වගේම පොතක් ලියන්න හිතන් ඉන්නවා. මගේ තිරපිටපතම තමයි නවකතාවක් විදිහට ලියන්නේ. බොහෝවිට ඒක ලබන අවුරුද්දේ එළියට එයි.

නිවේදකයෙක් විදිහට ගත්තොත් වැඩසටහනකට කියලා ලෑස්ති වෙන්න බැහැ. අපි සූදානම් වෙන්න ඕන ජීවිතය සඳහා. ජීවිතය තමයි අපි ඉගෙන ගන්න ඕන. එක දවසකදී ඒවා වැඩසටහනකට උපකාරී වෙයි. රංගන සම්බන්ධයෙන් මගේ තියෙන හැදෑරීම නම් එලෙසමයි. දිගටම ඒ කටයුතු කරනවා. ඇත්තටම රූකඩ පැංචි ලොකු බලාපොරොත්තු කළ නිර්මාණයක්. පුළුවන් නම් ගෙදරදී හරි බලන්න. බොහොම අවාසනාවන්ත කාලයක් චිත්‍රපට කර්මාන්තයට. එත් එක්කම හෝන් කියලා නිර්මාණයක් කළා එකත් හරියට ප්‍රදර්ශනය කරගන්න බැරි වුණා. ලබන අවුරුද්ද වෙනකොට මම රංගනයට ඇවිත් වසර 20ක් වෙනවා. එත් රංගනය නම් තාම හදාරනවා. ප්‍රාණ වැඩසටහන හරහා අපි ඒ දැනුම් වෙනත් අයටත් බෙදා දෙමින් හිටියා. හැබැයි තාවකාලිකව කොරෝනා නිසා ඒ දේවල් නැවතුනා. ළඟදීම ඒ වැඩ පටන්ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මට ඕන වුණේ නැහැ ලංකාවේ හිට් එකක් වෙන්න එක දවසකට. මම ලංකාවේ හිට් එකක් වෙයි මගේ අවසානයේදී. මගේ ජීවිතයෙන් මම සමුගන්න දවසේ මගේ ගැන හැමෝම කතා කරයි. දැන් කාලේ විදිහට කියනවා නම් මම ට්‍රේන්ඩින් වෙයි. ඒත් මම අවස්ථා දෙකකදී ජනප්‍රියම නළුවා වුණා. අවුරුදු 15 විතර ජනප්‍රියම ලිස්ට් එකේ හිටියා. මට ඕන වුණේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න නෙමෙයි. හොඳ නළුවෙක් වෙන්න. මගේ කලා ජීවිතයෙන් අවුරුදු 10ක් ගෙවෙන්නෙම සමාජ මාධ්‍ය නැතුව. මාව ජනප්‍රිය වුණේ චරිතවලින්. ඒ කාලේ අපි අපි වෙනුවෙන් මාර්කටින් කළේ නැහැ. හැබැයි දැන් තරඟය වැඩි වෙලා. දැන් අපි අපිවම මාර්කට් කරන්න සමාජ මාධ්‍ය භාවිත කරනවා. ඒත් මම පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි විචාරයක් ඉදිරිපත් කරන්න සමාජ මාධ්‍ය සුදුසු තැනක්. මොකද අපි මොන දේ ලිව්වත් කියවන අය කියවන්නේ ඔවුන්ට අවශ්‍ය ටික විතරයි. ඒ නිසා මම බොහොම පරිස්සමින් තමයි සමාජ මාධ්‍ය වල ලියන්නේ. මම විශ්වාස කරන විචාර කලාව ෆේස් බුක් එකේ නිර්මාණය වෙලා නැහැ.

මාව මේ රටේ කලාකාරයෙක් කළේ මේ රටේ මිනිස්සු. ඒ අය සල්ලිකාරයෝ නෙමෙයි. මට ඒ අය ආදරය කරනවා. ඒ අයම හදලා දුන්න ජනප්‍රියත්වය මම පාවිච්චි කරනවා ඔවුන්ට වැරැද්දක් අසාධාරණයක් වෙනකොට. මිනිස්සුන්ගෙන් ජනප්‍රිය වුණු මම මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ නැත්නම් වැඩක් නැහැ. මම ගැටුමකට යනවා නම් යන්නේ වැරද්දක් කරපු කෙනෙක් එක්ක තමයි. මම දැකලා තියෙනවා සමහර කලාකරුවන්ට කමෙන්ට් දානවා දැන් නාකියි නේද කියලා. දැන් වයසයි නේද කියලා. මට ඒවා දකිනකොට හිනා යනවා. සමහර මිනිස්සු බයයි වයසට යන්න. මම අවුරුදු 20ක් රඟපානවා. එත් මට හැමදාම අවුරුදු 20 ඉන්න බැහැ. මමත් වයසට යනවා. නමුත් මට චරිතයක් දුන්නොත් අවුරුදු 25 ක කොල්ලෙකුගේ චරිතය රඟපාන්න මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා. ධනංජය සිරිවර්ධනගේ තරුණ බව හෝ මහලු බව අදාළ නැහැ ප්‍රේක්ෂකයාට. ඔවුන්ට අදාළ මම නිරූපණය කරන චරිතය විතරයි කියලයි මේ කඩවසම් රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.