Paper Article

මට ආදරය ගැන එක එක කාලවලදී හිතෙන්නේ එක එක විධියට-ජනප්‍රිය සුරූපී නිලි රිතූ ආකර්ෂා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් තමයි රීතූ ආකර්ෂා කියලා කියන්නේ. හිරු නාළිකාව ඔස්සේ විකාශය වන මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ගුම්භකභූතාගේ චරිතයට පණ පොවන ඇය ප්‍රේෂකයන්ට වඩාත් සමීප වූයේ බොඳ මීදුම් හි වරුණිගේ චරිතය හරහායි. ඉතින් මේ ජනප්‍රිය කළා ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ දවස්වල මගේ ජීවිතේ ටිකක් කාර්යබහුල වෙලා. මම සමන් කුමාර මහත්මයාගේ අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒ වගේම මහවිරු පණ්ඬු ටෙලි නාට්‍යයේ රූගත කිරීම සිදු කරනවා. ඊට අමතරව හිරු නාළිකාවේ නිවේදන කටයුතුත් සිදුකරනවා. කාර්යබහුල වීමත් සමග ටිකක් අපහසුයි. ඒ වුණාට මම වැඩ කරන්න ආසයි.

ඉතින් ඒ වගේම ක්ෂේත්‍රයට ආපු කාලයේ ඉදන් මම දිගටම වැඩ කළා. පහුගිය කාලයෙත් ඇය ටෙලි නාට්‍යයේ සිටියා. ඒ වගේම මම හිරු නාළිකාවේ ජල්ලි ජකිරි වැඩසටහනේ නිවේදනය කරනවා.

ඇත්තටම ප්‍රේක්ෂකයින්ට මාව තාම මතක වරුණි විධියට. අදටත් බොහෝ දෙනෙක් මට කතා කරන්නේ වරුණි කියලා. උතුම් පැතුම් නැවත විකාශය වීම මම නැවත ඉපදුණා වගේ. බොහෝ දෙනෙක් මගේ මුහුණු පොතට, ඉන්ස්ටග්‍රෑම් ගිණුමට බොහෝ පණිවුඩ එවලා තිබුණා. කොවිච් නිසා නිවසට වෙලා හිටපු බොහෝ දෙනෙක් එය නරඹලා මට පණිවුඩ එවලා තිබුණා. මම සිතනවා මම ඒ චරිතයට සාධාරණයක් ඉටු කරලා තිබෙනවා කියලා. ඇත්තටම හරිම සතුටුයි.

ඉතින් ඒ වගේම මෙගා ස්ටාර්ස් සීසන් 2 එකෙත් මම අවසන් තරගකරුවන් අතරට පැමිණියා. මෙගා ටාර්ස් සීසන් 3 එකෙත් අවසාන දස දෙනා අතරට පැමිණියා. ප්‍රේක්ෂකයන් කැමැතියි අපිව විවිධ විධියට දකින්න. ප්‍රේක්ෂකයන් ඒ බව මට කියලා තිබෙනවා. එම නිසයි මම එම රියැලිටි වැඩසටහන් සඳහා සම්බන්ධ වුණේ. මම කැමැතියි රඟපාන.

ඇත්තටම ප්‍රේක්ෂකයන් තමයි මගේ සම්මානය. මඟතොටදී මුණගැහිලා අපි කළ චරිතවල නමින් අපිට කතා කරන එක මට සම්මානයක් වගේ. සම්මාන බලාගෙන වැඩ කරන්න ගියොත් හොඳ රංගන ශිල්පිනියක් වෙන්න බැහැ කියලා මම හිතන්නේ. අපි කරන වැඩේ හරියට කරලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න එක හොඳටම ඇති. නමුත් කවදාහරි දවසක හොඳම නිළිය සම්මානය ලබා ගන්න මට බලාපොරොත්තුවක් තිබෙනවා.

ඇත්තටම මම රංගන ශිල්පිනියක් නොවුණා නම් ගුවන් සේවිකාවක් විධියට කටයුතු කරයි. මම කැමැත්තෙන් හිටියේ ගුවන් සේස්විකාවක් වෙන්න. මම රංගන ක්ෂේත්‍රයට ආවෙත් ගුවන් සේවිකාවක් වෙන්න සිතාගෙන. නමුත් රංගන ශිල්පිනියක් විධියට කටයුතු කරනකොට මිනිසුන්ගෙන් ලැබෙන ආදරය නිසා මට මේ ක්ෂේත්‍රය දාලා යන්න ලෝබ සිතුණා.

ඇත්තටම මට ආදරය ගැන ජීවිතේ එක එක කාලවලදී හිත්තෙන්නේ වෙනස් විධියට. ආදරය විදින විධියත් සමඟ ආදරය ගැන හිතෙන විධියත් වෙනස් වෙනවා. ඒ වගේම මම ආදරය හරියට විඳින්න නොලැබුණු කෙනෙක්. මට මගේ ජීවිතයට සහකාරයෙක් සොයාගන්න අදහසක් නැහැ. ලැබුණොත් හොඳයි. ජීවිතේ අපිට ඕනෑ ඕනෑ වෙලාවට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ඒ දේවල් සිද්ධ වෙයි කියලා මම හිතනවා. මම කැමැති නැහැ වයස යන නිසාවත් හෝ අනෙක් අය විවාහ වෙන්න කියන නිසා හදිසියේ විවාහ වෙලා පස්සේ දික්කසාද වෙන්න. එම නිසා සුදුසු කෙනා ලැබෙන තුරු ඉන්නවා.

ඉතින් ඒ වගේම සතුටින් සිනහ වෙලා ජීවත් වෙන්න වගේම ඉදිරියේදී හොඳ නිර්මාණ සඳහා දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.