Paper Article

මට අවුරුදු 17 ඉඳලාම විවාහ යෝජනා ගලාගෙන එනවා-ජනප්‍රිය සුරූපී නිලි අමන්දා ජයරත්න

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියලා කියන්නේ. නීල පබළු ටෙලිනාට්‍යයේ මොණිකාගෙ චරිතය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය ඉන්පසු චරිත ගණනාවක් ඔස්සෙ ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඉතින් ඒ අතර ඉත්තෝ, තාදී, සිදූ, ක්වීන්, තෝඩු ආදී ටෙලිනාට්‍ය මෙන්ම මේ දිනවල ඇය තවත් ජනප්‍රිය වෙලා තියෙන්නේ හිරු නාළිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ සුදු මැණිකෙ නැත්තම් සත්‍යාගේ චරිතය හරහායි. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත් පතක් සමඟ කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය නිසා වෙන නිර්මාණ වලට ගියේ නැහැ. මේක වෙනුවෙන්ම තමයි කාලය වෙන් කළේ. ඇත්තටම සත්‍යාගේ චරිතයට ලොකු පොඩි හැමෝම ආදරෙයි. හිතා ගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ කියලා අහනවා. සුදු මැණික කියලා තමයි බොහෝ අය කතා කරන්නේ දැන්. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ප්‍රඩක්ෂන් ටීම් එක, නළු නිළියෝ සියලු දෙනාම. ඔවුන් තමයි මට මේ චරිතය සාර්ථක කරගන්න උදව් කරන්නෙ.

ඉතින් ඒ වගේම මේක කතෝලික ආගමට සම්බන්ධ කතාවක්නෙ. ඒ නිසා විශේෂයෙන් පල්ලිවල ෆාදර්ස්ලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට මීට කලින් එහෙම ප්‍රතිචාර ලැබිලා නැහැ. මමත් කතෝලික ආගමේ කෙනෙක්. මම හැම දෙයක්ම ජේසුට කියනවා. ඇත්තටම මට මේ ලැබූ ජනප්‍රියත්වය දේවාශිර්වාදය එක්ක ලැබුණු දෙයක්. මට ෆාදර්ලා ආශිර්වාද කරනවා කෝල් කරලාම. ඒ වගේම බෞද්ධ ස්වාමින් වහන්සේලා හරියට කතාකරලා සුබ පතනවා. මට ඒ ප්‍රතිචාරම ඇතිනෙ.

ඉතින් ඒ වගේම මේ චරිතයේ දර්ශන කිහිපයක්ම තිබුණ බෝට්ටු වල ඒ රූපගත කිරීම් කරන්න. මම මීට කලින් බෝට්ටුවල ගිය කෙනෙක් නෙමෙයි. මට වෙනම පුහුණුවක් ලබන්නට වුණා බෝට්ටුවල යන්න. සමහරවිට ඒ බෝට්ටු ගමන් කරලා ගියාට පස්සෙ නතර වුණේ කොහේ හරි හැප්පිලා. රන්දික අයියයි මමයි බෝට්ටුවක යන දර්ශන තමායි ගොඩක් තිබුණේ. අපි දෙන්නා අන්තිමේට බෝට්ටුව කොහේ හරි හප්පලා තමයි නවත්තන්නෙ. අන්න ඒ බෝට්ටුවල කරපු හැම දර්ශනයක්ම මගේ ජීවිතේ අමතක නොවන අත්දැකීම් කියලා කියන්න පුළුවන්.

ඇත්තටම අවුරුදු 17 ඉඳලම තමයි මට ප්‍රොපෝසල් එන්නේ. මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. තවමත් ප්‍රොපෝසල් එනවා. නමුත් මට ආදරය ගැන හිතන්නට කලින් ලොකු ගමනක් යන්න තියෙනවා මේ ක්ෂේත්‍රයේ. ඊට පස්සේ ඔය ගැන හිතනවා.

ඉතින් ඒ වගේම මම එක චරිතයක් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. මට හිතෙනවා එක චරිතයක් කරද්දි තව නිර්මාණ බාර ගත්තොත් කරන නිර්මාණයටත් සාධාරණයක් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ නිසා මට ලැබුණ ආරාධනා බොහොමයක් ප්‍රතික්ෂේප කළා කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.