Paper Article

මගේ සුන්දරත්වයේ විශේෂතම ලක්ෂණය මගේ ඇස් දෙක-ජනප්‍රිය ප්‍රවීණ නිලි සබීතා පෙරේරා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය සම්මානනීය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සබීතා පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් ඇය වර්තමානයේ වැඩිය නිර්මාණ සඳහා රංගනයෙන් දායක නොවුනත් පහුගිය දිනවල තිරගතවුණු ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක වෙලා තිබුණා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ මව හා පියා සිනමාවට සම්බන්ධයි. මට අවුරුදු තුනේදී මගේ පියාගේ දියණිය විදිහට රඟපාන්න අවකාශ ලැබුණා. එකී අවධියේ මගේ මවගේ දුව ලෙසත් මං රඟ පෑවා. ඒ වෙනකොට දෙබස් හඬ කවන්නවත් දැනුමක් මට තිබ්බේ නැහැ. එකී දෙබස් හඬ කැවීම් සිදුකළේ මගේ ලොකු අක්කා. එවකට චිත්‍රපට විචාරකයෙක් වන ජයලාල් විලේගොඩ මගේ රංගන හැකියාව ඇගයීමකට ලක් කළා වගේම සිනමාවේ අනාගතය තුළ මාව දැක ගැනීමට හැකියාව ලැබේ යැයි අනාවැකි පළ කළා. ඉන්පසු පාසල් අවධියේදී සබීතා චිත්‍රපටය තුළ සබීතාගේ චරිතයෙන් රංගන ජීවිතය නිල වශයෙන් ආරම්භ කළා.

මම සිනමාවට පිවිසි මුල් අවධියේදී රංගනයෙන් දායක වුණේ ඉතාමත් සරල චරිතවලට. පසුකාලීනව සිනමාව තුළ ලත් අත්දැකීම් මත පුළුල් චරිතවලට රංගනයෙන් දායක වීමට මට හැකි වුණා. රංගන හැකියාව අප මුවහත් කර ගත්තේ අප ප්‍රවීණයන් ඇසුරේ හැදීවැඩුණු නිසයි. ඒ වගේම රංගනය කරන අතරවාරෙදිත් හැදෑරීමට අපට අවකාශ හිමි වුණා. 80 දශකයේ සිනමාව ගොඩනැගී තිබුණේ 60 හා 70 දශකයන්ගේ ආලෝකයෙන්. එවැනි අත්දැකීම් නවකයන්ට හිමිවෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයකට ගියා හා සමාන එකිනෙකට වෙනස් වූ චරිත නිරූපණය කිරීමට අපට පරිසරය ගොඩනැගුණා. තිස්ස අබේසේකරයන් වැනි දක්ෂ අධ්‍යක්ෂවරුන්ගෙන් බොහෝ දේ උකහා ගැනීමට අපට හැකි වුණා. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමට නම් හැදෑරීම අත්‍යවශ්‍යයි. වර්තමානයේ බිහි වුණ නවකයන් බෙහෙවින් දක්ෂයි. නමුත් ඔවුන්ට තම හැකියාවන් පෙන්නුම් කිරීමට අවස්ථාවක් නොලැබීමයි ප්‍රධානම ගැටලුව.

මං රංගනයට පිවිසෙන කොට මගේ සුන්දරත්වයේ විශේෂතම ලක්ෂණය මගේ ඇස් දෙක. මං රංගනයට පිවිසෙන කොට මගේ ඇල වර්ණයට සමාන දෑසක් කාටවත් තිබුණෙ නැහැ. බොහොමයක් දෙනා ඒ නිසා මගේ ඇස් ගැන කතා වුණා. එයට තිබුණේ කොළ පාට හා අළු පාට මුසු වූ වර්ණයක්. එය මට ආච්චි අම්මගෙන් ලැබුණු දායාදයක්. මං බොහොමයක් නිර්මාණ භාර ගනිද්දී කොළඹින් පිටදි රූගත කිරීම් කරනවා නම් ඒවාට සම්බන්ධ වෙන්නේ ඉතාමත් සීමිතව. මගේ එදිනෙදා ජීවිතය කාර්යබහුලත්වය ඊට ප්‍රධාන හේතුවක්. ඒ වගේම අධ්‍යක්ෂවරයාගේ විශ්වාසනීයත්වය, මට චරිතයට සාධාරණයක් ඉටු කිරීමට හැකියාව තිබෙනවාද යන්නත් මං සොයා බලනවා.

සිනමාවට සම්බන්ධ වූ මුල් අවධියේදී එහි පැවැත්ම ගොඩනගා ගැනීමට තේරීමකින් තොරව මං නිර්මාණයට දායක වුණා. නමුත් සිනමාවේ පරිණත බව තුළ යථාර්ථවාදී චරිතයට පණ පෙවීමේ ආශාව මතු වුණා. ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය විවිධාකාරයි. ජනප්‍රිය ගණයේ නිර්මාණවලට වෙන් වූ පිරිසක් වගේම යථාර්ථවාදී නිර්මාණවලට වෙන් වූ ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. එකී ද්විත්ව ක්ෂේත්‍රයන් තුළ මම වැඩකටයුතු කළා. තරු ගුණය රැකගන්න මං අතිරේක මහන්සියක් දැරුවේ නැහැ. නිර්මාණ තුළින් එය නොදැනුවත්ව මට එක් වූ බෝනස් එකක්. ඒ නිසාම චරිතයකට සාධාරණයක් කළ හැකි හොඳම දේ මං ඉටු කරනවා. නමුත් අඩ නිරුවත් හෝ නිරුවත් දර්ශන පවතින නිර්මාණයන් මං සැමවිටම බැහැර කළා. එවන් දර්ශන සඳහා හිතේ තියෙන චකිතය නිසා එයට සාධාරණයක් ඉටු කරන්න මට නොහැකි වෙයි කියන සාධාරණ බිය ඊට බලපෑවා.

පාකිස්තානු චිත්‍රපට කණ්ඩායමක් චිත්‍රපටයක් රූගත කිරීම් කරන්න ලංකාවට පැමිණියා. එකී චිත්‍රපටයට ලාංකික නිළියකගේ අවශ්‍යතාවක් පැවතුණා. මං රඟපෑ රෝසි චිත්‍රපටය ඔවුන් නරඹා එකී චරිතයට මාව තෝරා ගත්තා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ පාකිස්තානයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. ඒ නිසාම මට Hollywood සිනමාවේ චිත්‍රපට 16කට පමණ සම්බන්ධවීමට අවකාශ ලැබුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment