Paper Article

තනියම ඉන්නකොට සමහරු හිතනවා මුදලට ගන්න පුළුවන් කියලා-ජනප්‍රිය සුරූපී නිලි මේධා ජයරත්න

අපේ රටේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුල වගේම අපේ රටේ නිතරම කතා බහට ලක්වෙන ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් හදුනවලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම කලකට පෙර ඉතා නිහඬ දිවියක් ගතකළ මේධා ජයරත්න පසුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඇති කළ පෙරළිය සුළු පටු නොවේ. ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම රඟපාන මෙට්‍රෝ හීන සහ ඉන්ටර්නැෂනල් යන ටෙලි නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනවා. ඒ හැරුණම පහුගිය කාලයේ තවත් ටෙලි නාට්‍ය දෙකක රඟපෑවා. මම ඇත්තටම උපාධිධාරිණියක් ලෙස රජයේ සේවයට බැඳුණා නම් මාසෙ පුරාම වැඩ කරලා වැඩිම වුණොත් රුපියල් හැට හැත්තෑදාහක වැටුපක් ලබයි. නමුත් ඒ ගාණ අපි කලාකරුවන් විදිහට දවස් කිහිපයක් වැඩ කරලා හොයනවා. වැඩසටහනක නිවේදන කටයුතු මෙහෙයුවොත් එක දවසට රුපියල් හතළිස්දාහක් පනස් දාහක් ගන්නවා. එහෙම බැලුවාම රජයේ සේවකයෙක් මාසෙම වැඩ කරලා හොයන මුදල් අපි එක දවසකින් හොයන අවස්ථාත් තියෙනවා.

ඉතින් ඒ වගේම පුතාට දැන් අවුරුදු 18යි. දුවට අවුරුදු 8යි. ඒ දෙන්නම පාසල් අධ්‍යාපන කටයුතුවල යෙදිලා ඉන්නවා. දරුවන් හා අම්මා කෙනෙක් අතර තියෙන බැඳීම මොනම හේතුවකින්වත් කාටවත් වෙනස් කරන්න බැහැ. නමුත් මිනිස්සු තමන්ගේ හිත්වල තියෙන තරහා දරුවන් හරහා පිරිමහන්න හදනවා. මම සති දෙකකට වරක් දරුවන්ව බලනවා.

මම කවදාවත් කැමති වුණේ නැහැ වැඩිහිටියන්ගේ ප්‍රශ්න ඉදිරියේ මොනම හේතුවක් නිසාවත් දරුවන් අතරමැදියන් කරගෙන එයාලව පීඩාවට පත්කරන්න. ඒ නිසා ඒ අවස්ථාවේ මම යම් තීරණයක් ගත්තා. නමුත් මම අදටත් කියන්නේ දරුවෝ දෙන්න භාරගන්න මම කැමතියි. මට කිසිම නඩත්තු මුදලක් හෝ වන්දියක් වුවමනා නැහැ.

මට පෙම්වතෙක් ඉන්නවා. නමුත් විවාහයක් ගැන නම් මම තවම දින වකවානු යොදාගෙන නැහැ. පෙම්වතෙක් ඉන්නවා කියලා මම ප්‍රකාශ කරන්න බලපෑ හේතු තිබෙනවා. ගැහැනියක් තනියම ඉන්නකොට ඇතැමුන් හිතනවා අපිට කිසිම හව්හරණක් නැහැ, අපි අසරණයි, ඔවුන්ගේ මුදල්වලට අපේ ජීවිත ගන්න හැකියි කියලා. සමහරු එක එක කතා හදනවා. විවිධ යෝජනා කරනවා. මගේ ජීවිතයට ආදරයක් රැකවරණයක් තියෙනවා. මම වැඩ කරන්නේ මගේ කාලය නිකරුණේ ගත වෙන නිසා. මට ජීවත් වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන් මම වැටිලා නැහැ. කාගෙවත් දේවල් අරන් ජීවත් වෙන්නවත් කාගෙවත් යෝජනාවලට අවනත වෙන්නවත්, කාගෙවත් පිළිසරණ පතන්නවත් මට ඕන නැහැ.

ඉතින් ඒ වගේම මම හිතන්නෙ නැහැ ආදරය කරන්න වයස බලපානවා කියලා. මගේ පෙම්වතා මට වඩා වසර තුන හතරකින් බාලයි. ඒක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මටත් ප්‍රශ්නයක් නෙවෙයි. අපි දෙන්නට ප්‍රශ්නයක් නොවේ නම් ඒක සමාජය ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.

අපේ රටේ විවාහයක් කර ගන්නවා වගේ පහසු නැහැ, දෙන්නෙකුට වෙන් වෙන්න වුණාම. උසාවි ගාණේ රස්තියාදු වෙලා කාලය කා දමමින් මානසික පීඩනයට පත් වෙමින් ලොකු කාලයක් ගත කරන්න වෙනවා. දෙන්නෙක්ට වෙන් වෙන්න තියෙන අමාරුව නිසාමයි මම විවාහ වෙන්න හදිස්සි නොවෙන්නෙත්.

ඉතින් ඒ වගේම මම පුංචි කාලෙ ඉඳන්ම විලාසිතාවලට ආසයි. ලස්සනට හැඩට ඉන්න ආසයි. හැබැයි අපි ආස දේවල් අපිට ඒ ආකාරයෙන් කරන්න ඉඩ නොලැබෙන අවස්ථා තියෙනවනේ. දෙමව්පියෝ එක්ක ඉද්දි තාත්තගේ නීතිරීති යටතේ හැදුණා. ඊට පස්සේ ස්වාමියාගේ නීතිරීති යටතේ ජීවත් වුණා. ඒ බැඳීම්වලින් නිදහස් වෙලා නිදහසේ ජීවත් වෙන්න ලැබුණාම මම ආස විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. සමාජයේ අයට කුද ගහගන්න කියලා මම සතුටින් මට ආස විදිහට ජීවත් වෙනවා කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.