Paper Article

ගැහැනුන්ට වඩා මට පිරිමි ආකර්ෂණය වැඩියි – ජනප්‍රිය කඩවසම් නළු හෙක්ටර් ඩයස්

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියලා කියන්නේ. ඔහු විසින් ගායන කල නිලවන් මුහුදු තීරේ ගීතයත් පහුගිය කාලේ අපේ රටේ බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල ඔහු ගැන වැඩිපුර කතා බහට ලක්වෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ ඔහුගේ රංගනය නිසයි. ඉතින් මේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියා ඔහුගේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. රඟපාන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. මම සංගීත ශිල්පියෙක් ලෙසිනුයි වැඩකටයුතු කරගෙන ගියේ. එක අවස්ථාවක විරාජ් වැලිවත්ත මෙහෙම වැඩක් තියෙනවා කියල මට කතා කළා. නමුත් ඒ ඇරියුමත් එක්ක මට ඇතිවුණ ප්‍රශ්නයට මට මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන එකයි.

මොකද මම නළුවෙක් නොවුණ නිසා සහ මම රංගනය හදාරල නොතිබුණ නිසා පසුව මගේ බිරිඳ පාඨලී සමගත් සාකච්ඡා කළාම ඇයත් පැවසුවේ අපි මේක කරල බලමු කියලා. අගස්තිගේ චරිතය කරන්න පටන් ගත්තට පසුව මම තේරුම් ගත්තා අපිට බැහැයි කියල දෙයක් නැහැ උත්සාහ කළොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියල. මට ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් ඒක භාරගන්න තැනක තමයි ඉන්නෙ දැනට. මම බොහොම තෘප්තියෙන් මේ දේ කරගෙන යනවා. අගස්ති කියන්නෙ චරිතයක් විතරයි. දැනට රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් අගස්තිගෙ චරිතය ඔවුන් වැළඳගෙන තියෙනවා කියලා දැනෙනවා. හැබැයි හෙකටර් ඩයස් කියන කෙනයි අගස්ති කියන චරිතයයි දෙන්නෙක් මිස එක චරිතයක් නෙවෙයි කියලා බාරගන්නවා නම් හොඳයි. මං හිතනවා අපේ රසිකයා බුද්ධිමත් කියලා ඒ වෙනස තේරුම් ගන්න.

කලාකාරයෙක් හැටියට මට කාන්තා ආකර්ෂණය කියන එක හරි වැදගත්. හැබැයි කාන්තාවන්ගෙ විතරක් නෙවෙයි පිරිමි අයගෙත් ආකර්ෂණයත් මට ලැබිලා තියෙනවා. සමහර පිරිමි අය කියනව අපි රැවුල කපල සුදු කෙස් හා රැවුල් කළු කරගෙන හිටියෙ දැන් අපිට ආයෙ එහෙම කරන්න ඕන නැහැ කියල. මගේ පවුලේ අයත් එක්ක මම ප්‍රංශයට එන්නෙ 2011 අවුරුද්දෙ. ඊට පස්සෙ මම 2012 ලංකාවට ඇවිත් මගේම කියල සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මම ලංකාවේ තමයි වැඩි හරියක් හිටියේ. ඒ අතර මගේ පවුලේ අය ලංකාවට එනවා, එහෙම නැතිනම් මම ප්‍රංශයට යනවා. ඔය විදිහට අවුරුද්දකට හතර පස් සැරයක් අපි හම්බවෙනවා. ලංකාවේ තමයි මම වැඩිපුර රැඳෙන්නේ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment