Paper Article

ඕන කෙනෙක් කැමති තරම් මට කටකතා හදන්න, මම ඒකට කැමතියි-ජනප්‍රිය නිලි සංජානා ගමාරච්චි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනාලි ගමආරච්චි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය වර්තමානය වන විට අපේ රටේ ඉතාම ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. මේ දිනවල අපට ඇයව හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා වගේම පසුගිය සතියේ සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මෙට්‍රෝ හීන ටෙලිනාට්‍යයේ රයිලිගේ චරිතය දකින්න ලැබෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම මේ දවස්වල හොඳින් සතුටින් ඉන්නවා. රටේ තියෙන වාතාවරණයත් එක්ක ටිකක් පරිස්සමෙන් රූගත කිරීම් කටයුතුත් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම මේ දවස්වල කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය රඟපානවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී නාළිකාවේ මම ප්‍රධාන චරිතය රඟපාන මෙට්‍රෝ හීන ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මේ නිර්මාණත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

මම 2018 හිරු නාළිකාවේ අවුරුදු කුමරා කුමරිය තරඟයේ හොඳම දොළොස්දෙනා අතරට ආවා. ඊටපස්සේ 2019 වසරේ දෙරණ අවුරුදු කුමරා කුමරිය තරඟයේ තුන්වැනි ස්ථානයට තේරුණා. ඒත් සමඟම ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ ජීවිතය ඇති තුරා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණා. මගේ ගමන ආරම්භ කළේ එතැනින්. මම ක්ෂේත්‍රයට එද්දි නම් රංගනය ගැන කිසිම දෙයක් හදාරලා තිබුණෙ නැහැ. ඇත්තටම මම කැමරාවක් ඉස්සරහා හිට ගන්නවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් මේ වෙනකොට රංගනය ගැන ඉගෙන ගනිමින් පවතිනවා. රංගනය ගැන විවිධ වැඩමුළු සහ පාඨමාලාවලට සහභාගි වෙනවා.

ඇත්තටම මට කළා ක්ෂේත්‍රයේදී ලොකු සහයෝගයක් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් ලැබෙනවා. මම රඟපාන චරිතය ගොඩනැඟෙන්න ඕනෙ කොහොමද, ඒ චරිතය ගලාගෙන යන්න ඕනේ කොහොමද, දෙබස් උච්චාරණය කරන්න ඕනේ කොහොමද කියලා ප්‍රවීණයන් මට කියලා දෙනවා. මම ඒ හැමෝටම ගොඩක් ගරු කරනවා. මම රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා. ප්‍රධාන නාළිකා කීපයක නිවේදන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් වැඩ කරනවා.

තරුණ රංගන ශිල්පිනිකයට කලා ක්ෂේත්‍රයේ ඉන්න අපහසුයි කියන්නත් බැහැ. ඒත් කැපිලි කෙටිලි නම් ක්ෂේත්‍රයේ ඉන්නකොට එනවා. ඒ වගේම කටකතා, මඩ ඕනෑ තරම් එනවා. අපි රඟපාන චරිත හරි නැහැ කියලා මානසිකව වට්ටන්න පුළුවන්. විශේෂයෙන් ක්ෂේත්‍රයේ ඇතුළේ අයගෙන් වැඩිපුර කැපිලි එනවා. ඒවාට හරි විදිහට මූණ දීලා මගේ ගමන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම සහභාගි වුණ රූපවාහිනී වැඩසටහනක මම කියපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොඩක් අය මට කටකතා හැදුවා. මඩ ගැහුවා. හැබැයි ඒ ගොසිප්වලින් මට හොඳක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් ගොඩක් අය මාව දැනගත්තා. ඒ ගොසිප් එක නිසා මම මිනිස්සු අතරට ගියා. හැබැයි ඒක බොරු කටකතාවක් ඒ වැඩසටහන හරියට බැලුවා නම් ඒක තේරෙයි.

හැම දෙයකටම නෙගෙටිව් මාකටින් හරියන්නේ නැහැ. සමහර අවස්ථා තියනවා ඒ නෙගටිව් එක පොසිටිව් වෙන. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. මට කටකතා හදන අයට පවා මම කියන්නේ පුළුවන් තරම් මට කටකතා හදන්න. මම කැමැතියි කටකතා හදනවට. එහෙම මට කටකතා කතා හදලා එයාලා සතුටු වෙනවා නම් ඒක මට පිනක් කියලා මම විශ්වාස කරනවා. මම මට පුළුවන් විදිහට මට හැකිතාක් කල් ක්ෂේත්‍රයේ මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වැඩ ටිකක් කරගෙන්න යන්න බලාපොරොත්තු වෙනවා. මම ලොකු බලාපොරොත්තු හීන දකින්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ මොහොතේ ජීවත් වෙන එකයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment