Paper Article

ඔක්කොම රැඩිකල් අදහස් FB එකේ, හැබැයි ජීවත් වෙන්නේ ගෝත්‍රිකයින් වගේ-ජනප්‍රිය නිවේදිකා තනුජා ජයවර්ධන

අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තනූජා ජයවර්ධන කියලා කියන්නේ. සිරස රස රිසි ගී හරහා හැමෝගෙම ආදරය දිනා ගත්ත මේ දක්ෂ නිවේදන ශිල්පිනිය පසුගිය කාලයේ පොදු නාට්‍යයෙන් ද දැක ගන්නට ලැබුණා. මේ වෙද්දීත් එහි දෙවැනි කොටස රූපගත වෙනවා. ඉතින් එහි භූමිකාව සේම ජාතික නාළිකාවේ දිග හැරෙන අපේ සින්දුව සහ තාල භාෂණ ගැනත් තනුජා පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. පොදු දෙක ඇතුළතත් මගේ භූමිකාව මාධ්‍යවෙදිනියගේ චරිතය. ශර්මිලා ධර්මදාසා ෆොන්සේකා අධ්‍යක්ෂකවරිය පිටපත ලියලා මට කිව්වේ කලින් සැරේට වඩා විවිධ පැතිකඩ වලට ව්‍යාප්ත වෙන මාධ්‍ය භූමිකාවක් කියන එක. මාධ්‍ය ආයතන තුළ, සහ විටෙක පර්යේෂණාත්මක ජන මාධ්‍යවේදිනියක් ලෙසින් වෙනස් පැති වලට ව්‍යාප්ත වන චරිතයක්. පොදු එපිසෝඩ් 10ක් 12ක් ඇතුළෙ උඩුයටිකුරු වෙන කතාවක්. මම සතුටුයි ඒ අය එක්ක වැඩ කරන්න ලැබීම ගැන.

එකක් තමා කාන්තා අධ්‍යක්ෂවරියන් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථා අඩුයි. ශර්මිලා කියන්නේ කාලයක් තිස්සේ මම දන්නා ටෙලිවිෂන් දැනුම සහ ටෙලි නාට්‍ය තුළ ස්ටෝරි ටෙලින් කියන එක හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මේ දිනවලව බොහොම ආසාවෙන් ශුටින් යනවා. මම ඉස්සර ඉඳන්ම කොල්ලෝ කෙල්ලෝ එක්ක හිටපු කෙනෙක්. මේක මම ආත්ම තෘප්තිය ඉහළින්ම ලබන වැඩක්. පොදු 2 මගේ ජීවිතේ අලුත් කළා. එකෙන් කියවෙන්නේ නැහැ ඉදිරියේදී මම රංගනයට වැඩි බරක් දෙයි කියන එක.

මට මුලින්ම චරිතයකට ආරධනා කරන්න කලින් මගේ චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම මොනවගේ කෙනෙක් ද? කතා කරන්නේ කොහොමද? අඳින්නේ මොනවද වගේ දේ. මම වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් නිසා එයින් ගොඩ නඟා ගත්ත ලොකු විශ්වාසයක් සහ ආදරණීය ගෞරවයක් තියෙනවා. ආරාධනා කරන චරිතය මගේ වෘත්තිමය ප්‍රතිරූපයට හානියක් නොවෙන නිර්මාණයක් වෙන්න ඕනේ. මේ වෙද්දීත් තව නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ ප්‍රධාන ඉලක්කය මාධ්‍ය තුළ කරන්න ඕන විප්ලවීය වෙනස්කම් සිදු කිරීම මිස රංගනය නෙවෙයි.

මාවෝ ලක්ෂිත තාල භාෂණ හි අධ්‍යක්ෂවරයා. විවිධ වෘත්තිකයන් 800කට වඩා සෑහෙන ප්‍රමාණයක් ඉන්ටව් කරන්න මට වාසනාව ලැබුණා. මගේ වැඩසටහනට එන හැමෝටම මම කියන්නේ ඒ අය සහභාගී වෙන මතක හිටින ඉන්ට විව්වලින් එකක් වෙන්න ඕනේ කියන දේ. ඒ අයගේ වෘත්තියට වඩා ජීවිතය සහ අත්දැකීම් ඇසුරෙන් මම කතා කරන්න උත්සාහ කරන්නේ. මේ ඔක්තෝබර් මාසේ නැවත ඒ වැඩසටහන පටන් ගන්න අපි සුදානම්.

ඉතින් ඒ වගේම මට අනාගත පරපුරට කියන්න තියෙන්නේ ජීවිතය ඩිජිටල් ලෝකය ඇතුළෙ හොයන්න එපා. ජීවිතය තියෙන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු එක්ක තියෙන ගනුදෙනු ඇතුළෙ. ඒ ගනුදෙනුව හොඳ අදහස් එක්ක ඩිජිටල් ලෝකයට අරන් යන්න. වර්චුවල් අවකාශයේ පොරක් වෙන්න කලින් සැබෑ ලෝකයේ මනුස්සයෙක් වෙලා ඉන්න ඕනේ. ඔක්කොම රැඩිකල් අදහස් FB එකේ, හැබැයි ළඟම මිනිස්සු එක්ක ජීවත් වෙන්නේ ගෝත්‍රිකයින්ටත් එහා පහත් විදියට. එතන තමා ගොඩක් අයට වැරදිලා තියෙන්නේ. ඇත්ත මිනිස්සු ඉන්නේ ඇත්ත ලෝකයේ. මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ මනුෂ්‍යයන් ආශ්‍රය කරලා මිසක් පරිගණක ආශ්‍රය කරලා නෙවෙයි. ඒ හින්දා මුලින්ම හොඳ මනුෂ්‍යයෙක් වෙලා ඒ මිනිසත් බව ඩිජිටල් ලෝකයට අරගෙන යන්න කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment