Paper Article

ආදරය වෙනුවෙන් සියල්ල අත්හරින අය අද කාලේ හරි අඩුයි-ලඟදි විවාහ වුනු කඩවසම් නළු පැතුම් රුක්ෂාන්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි පැතුම් රුක්ෂාන් කියලා කියන්නේ. මේ දවස්වල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා අපට ඔහුගේ රංගන හැකියාවන් දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ කඩවසම් රංගන ශිල්පියා පහුගිය දවසක විවාහ වුනා කියන්න තාම අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ අලුත ගෙනා මනමාලි ගැන පැතුම් පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මම මේ දවස් වල දිවිතුරා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඊටත් අමතරව හිරු එකේ මම ඉදිරිපත් කරන ජල්ලි ජකිරි වැඩ සටහනේ නිවේදන කටයුතු කරගෙන යනවා. ඒ ඔක්කොටම අමතරව මගේ ව්‍යාපාරය වන සැලෝන් PR එකේ වැඩ කටයුතු හොඳින්ම කරගෙන යනවා.

ඉතින් ඒ වගේම මම පහුගිය කාලේ විවාහ ගිවිස ගත්තා. ඒක සිද්ධ වුණේ කොවිච් තත්වය තිබියදීමයි. දැන් වයසත් හරින්නේ. ඒ නිසා තවත් මොකටද කල් දාන්නේ කියලා හිතුවා. අපි දෙන්නාගේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තේ 2012දී විතර. එතකොට මම රංගනයට ඇවිත් හිටියේ නැහැ. හැබැයි නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරමින් හිටියේ. ඒ කාලයේදී තමයි ඇයව මට මුලින්ම හමුවුණේ. ඒ හමුව ආදරයක් බවට හැරිලා අන්තිමට විවාහය දක්වා දුර දිග ගියා. ඇය ගණකාධිකාරිවරියක්. හැබැයි මෙහේ නෙවෙයි හිටියේ. කැනඩාවල හිටියේ. හොඳට ඉගෙන ගෙන එහේ රැකියාව කරමින් හිටපු එයා මම වෙනුවෙන්ම ලංකාවට ආවා.

ඇය මාව හඳුනා ගත්තේ ක්ෂේත්‍රයේ කවුරුවත් මාව හඳුනාගෙන නොසිටි කාලයේදියි. මම ක්ෂේත්‍රයට ආ මුල්ම කාලයේදි. මම කුරුණෑගල. එයා නුවර. කතාවක් තියනවනේ නුවර ගැහැනු ළමයි ලස්සනයි හොඳයි කියලා. ඒ අදහසත් මට තිබුණා. හැබැයි විශේෂම දේ එයාගේ සහ මගේ අදහස් හොඳට ගැලපෙනවා. කිසිම වෙලාවක මට තහංචි දාලා මා දිහා සැකෙන් බලන කෙනෙක් නොවෙයි. ඒ අදහස් සහ ආකල්ප වලට මම බොහොම කැමතියි. කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන්න නම් මානසික නිදහස කියන දේ හරි වැදගත්. මම වෙනුවෙන් පෙනී සිටිනවා. ඉතින් එයා එක්ක ජීවිතේ ගෙවන්න හරිම පහසුයි. විවාහ වෙනවාය කියන තැනට ආවේ ඒ නිසයි. අදහස් ගැලපෙනවා නම්, තවත් කල් දාන්න හේතුවක් නැහැනේ.

ඇත්තටම මම හරි ලකී. එයා ටිකක් වෙනස් චරිතයක්. කිසිම දෙයක් ගැන වැරදියට තේරුම් ගන්න කෙනෙක් නෙවෙයි. හොඳ සුබවාදී ආකල්ප තියන ගැහැනු ළමයෙක්. ඒ වගේ දේ එක්ක ආදරය කියන දේ වැඩිවෙනවා. ඒත් අහඹුවක් වෙන්නේ නැහැ. ඇය කෙරේ එන්න එන්න ආදරය වැඩිවුණේ ඒ දේවල් එක්කයි.

ඇත්තටම කිවුවොත් එයාගේ හැම දෙයකටම මම කැමතියි. ලක්ස්ගේ එක දෙයක් විතරක් කියලා කියන්න බැහැ. උගත්, වැදගත්, බුද්ධිමත්, ලස්සන ඔය ඔක්කොම තියෙන සහ කවදාහරි මම මගේ බිරිඳ කරගන්න කෙනාගේ තිබිය යුතුය කියලා මම හිතපු සියලු ගුණාංග ඇය සතුයි. ඒ නිසා මම ආයේ දෙපාරක් හිතන්නට ගියේ නැහැ. ඇය තමයි මට ගැලපෙන මේ ලෝකයේ හොඳම කෙනා.

ඇයගේ අම්මා, තාත්තා, අක්කා, අයියා සහ එයාගේ මල්ලී ඇතුළු පවුලේ ඔක්කොමලා ඉන්නේ කැනඩාවේ. උගත් පවුලක්. මුලදී මට එයාගේ තාත්තා අකමැති වෙලා හිටියේ. මුලින්ම ලක්ස් ගිහින් එයාගේ තාත්තටයි, අම්මටයි මන් ගැන කියලා තිබුණා. ඒත් එක පාරටම උත්තරයක් දෙන්න එපා කියලා මව්පියන් එයාට කියලා තිබුණේ. පසුව මන් ගැන සොයාලා බලලා ලක්ෂානිගේ අදහසට මුල් තැන දීලා. අද ඇත්තටම මට ඒ අම්මයි තාත්තයි හරිම ආදරෙයි. ඒ අයගේ ආදරය ලබන්නට හැකිවීමත් මගේ වාසනාවක්.

එයා ඉගෙන ගත්තේ හැදී වැඩුනේ කැනඩාවේ. එයාගේ මහගෙදර වෙච්ච කැනඩාවේ ඔක්කොම අත්හැරලා, එයාගේ ආදරණීය සුනඛ සුරතලා පවා දාලා මම නිසා ලංකාවට ආවා. කවුරුවත් නොකරන දෙයක් ඇය කළේ. මම වෙනුවෙන් එයාගේ සියලු දේ අත්හැරලා වගේ ආ ගමනක්. ආදරය වෙනුවෙන් මේ විදියට සියල්ල අත්හැරලා එන අය අද කාලයේ අඩුයි. විශේෂයෙන්ම කැනඩාව වගේ අති සුඛෝපභෝගී රටක ගෙවන ජීවිතය අත්හැරලා මෙහේ ආව එකම කොච්චර කැප කිරීමක්ද? දැනට අපි දෙන්නගෙම අදහස ගෙයක් හදාගෙන ලංකාවෙම ජීවත්වීමයි. මම වෙනුවෙන් එයා කළ කැපවීම වෙනුවෙන්, එයාව ඉස්තරම් විදියට රැක බලා ගැනීම දැන් මට පැවරිලා තියෙන වගකීමයි.

එයා හරි සුබවාදීව හිතන කෙනෙක්. මම රඟපාන දේ හරිම ආසාවෙන් නරඹන කෙනෙක්. සමහර වෙලාවට මම රඟපාන්න අදිමදි කරද්දී, එයා මාව දිරිගන්වනවා. ඔයා ගිහින් හොඳට ඒ වැඩේ කරලා එන්න කියලා. මගේ දැන් ජීවිතේ හරිම වෙනස්, හරිම සුන්දරයි. මම තනියම ජීවත් වෙච්ච කෙනෙක්. දැන් තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා. ඒක තනිකඩ ජීවිතයට වඩා හරි වෙනස්. ඉක්මනට ගෙදර යන්න ඇය එක්ක වැඩිපුර කාලය ගත කරන්න දැන් මම හුරුවෙලා කියලයි මේ කඩවසම් රංගන ශිල්පියා අවසාන වශයෙන් පවසලා තිබුනේ.