Paper Article

අම්මටයි දුවටයි එකට රඟපාන්න ලැබීම ගොඩක් විශේෂයි-ජනප්‍රිය ප්‍රවීණ නිලි නිමත්ති පෝරගේ

අපේ කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිමත්ති පෝරගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍ය තුළ නොමැකෙන මතකයක් තබන්නටත් ඇයට වාසනාව උදාවුණා. ඒ වගේම සුදෝ සුදු, සබඳපබිලිස්, කඩුපුල් මල්, පියගැටපෙළ, මින්ලාව වලව, භාර්යාව වැනි ටෙලි නාට්‍යය රැසක් හරහා ප්‍රේක්ෂක මතකයේ ලැගුම්ගත් චරිත ගණනාවකට ජීවය දුන් ඇය අද මෙට්‍රෝ හින ටෙලි නාට්‍යයේ නිමාලිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පතක් එක්ක එකත බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම විවාහයෙන් පස්සේ පවුල් සංස්ථාවේ වගකීම් වෙනුවෙන් මට අවුරුදු 4ක් විතර රංගනයෙන් දුරස් වෙන්න වුණා. කස්තිරම ටෙලි නාට්‍යයෙන් රංගනය ආරම්භ කරපු මම ටෙලි නාට්‍ය සියයකට එහා මේ වෙනකොට රංගනයෙන් දායක වෙලා තියෙනවා. සියයකට වඩා රගපෑවට හදවතට දැනෙන චරිත මට ලැබිලා තියෙන්නේ බොහොම අතළොස්සයි. දශක ගණනාවක්ම මාව පෙම්වතියගේ චරිතයට කොටු වෙලාම තිබුණා. වෙනස් විදිහේ චරිත මට ලැබුණේ අඩුවෙන්. ගොඩක් වැඩ කරලා, ඉතින් විවාහයෙන් පස්සේ ලොකු විවේකයක් ගත්තා.

කොහොම නමුත් දරුවෝ දෙන්නා හා මගේ පවුල වෙනුවෙන් කැපකරපු කාලය වගේම රංගනය පැත්තෙන් මට මඟ හැරුණු දේවල් ගැන මට කිසිම දුකක් නැහැ. මම දරුවෝ දෙන්නා වෙනුවෙන් කාලයක්ම කලාවෙන් ඉවත්වෙලා සිටියා. ඒත් මම රංගනය පැත්තෙන් නිහඬ වුණාට ටෙලි නාට්‍ය නිෂ්පාදනය පැත්තෙන් සැමියාගේ වැඩ කටයුතුවලට දායක වුණා. මගේ සැමියා ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් විදිහට ගොඩක් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරලා තියෙනවා. සැමියාගේ නිෂ්පාදන කටයුතුවලට දායකවෙලා ඒ වැඩ එක්ක කාර්ය බහුල වුණාට පස්සේ රංගනයෙන් දායක වෙන්න ලොකුවට පහුගිය කාලේ කාලයක් තිබුණේ නැහැ. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන වැඩයි ගෙදර වැඩයි එක්ක මට දැන් රංගන කටයුතු වලට දායක වෙන්න ලැබෙන විවේකය අඩුයි.

ඒත් මම රංගනයෙන් ඈත් වෙන්නේ නැහැ. දුවයි පුතයි දෙන්නම දැන් ලොකුයි. පුතා මෞලි මතීෂ අවුරුදු 13යි දැන්. දුව සංසා අවුරුදු 7යි. දැන් රගපාන්න වෙලාවක් වෙන්කරගන්න පුළුවන් වුණත් හිතට දැනෙන චරිතයක් ලැබුණොත් විතරයි මම භාරගන්නේ. නිෂ්පාදන කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යනවා. සැමියටත් මටත් කාලෙක ඉඳලා තිබුණු හීනයක් තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. කොවිඩ් ප්‍රශ්න එක්ක ඒක ටික ටික පස්සට ගියා. ලබන වසර වෙද්දි ඉක්මනටම චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම අවුරුදු දෙකකින් විතරම මම රංගනයෙන් දායක වූයේම නැහැ. මිල්ලෑව වලව්වෙන් පස්සේ අවුරුදු දෙකකින් තමයි මෙට්‍රෝ හීන ටෙලි නාට්‍යයට දායක වූයේ. මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කටයුතු කරනෙත් මගේ මහත්තයමයි. දවසක් මෙහි අධ්‍යක්ෂ සුපුන් රත්නායක සහ පිටපත් රචක රසික සුරවීර ආරච්චි අපිට පිටපත දෙන්න කලින් කතන්දරේ කිව්වා. ඒ වෙලාවේ සුපුන් මේ චරිත දෙන්නේ කාටද කියලා කිව්වේ නැහැ. හැබැයි කතාව කියනකොට මේ හිමාලි කියන චරිතයට මට මාර ලෝභකමක්, තණ්හාවක් ආවා. ඒ චරිතය මගේ හදවතට ගොඩක් දැණුනා. ඔන්න ඊට දින කිහිපයකට පසේ සුපුන් පිටපතත් අරක්ගෙන ඇවිල්ලා කිව්වා හිමාලිගේ චරිතය හොඳටම කරන්න පුළුවන් නිමන්ති අක්කේ ඔයාට. මොකද කියන්නේ කියලා ඇහුවාම මගේ ඉහේ මල් පිපුණා. දෙපාරක් හිතුවේ නෑ ගත්කටටම හා කියලා කිව්වා.

ගොඩක් අය දන්නේ නැහැ මෙට්‍රෝ හීන නාට්‍යයේ නිමාලිගේ දුවට රඟපාන්නේ මගේම දුව කියලා. දුව රගපාන්නෙත් පළමු වතාවට. අම්මටයි දුවටයි එකට රඟපාන්න ලැබීම ගොඩක් විශේෂයි. මෞලි පුතාත් පුංචි කාලේ ඉඳලම රගපානවා. දෙන්නටම කලා දක්ෂතා තියෙනවා. ඒ දෙන්නා කලා කටයුතුවලට දායක වුණත් අධ්‍යාපනික පැත්තෙන් ඉහළට යවන්න තමයි අම්මා කෙනෙක් විදිහට මගේ එකම බලාපොරොත්තුව.

ඉතින් ඒ වගේම මට ලැබුණු හැම චරිතයකටම මම උපරිම සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා. කැප කිරීම් කරලා තියෙනවා. ටෙලි නාට්‍ය සියයකට විතර මම රංගනයෙන් දායක වුණත් මගේ හදවතට දැණුන චරිත තියෙන්නේ අතළොස්සයි. ඒ අතුරින් මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යයේ නාලනි මැණිකේ මාව හදවතින්ම හඬවපු චරිතයක්. ඊට පස්සේ මාව හදවතින්ම ඇඬුවේ නිමාලි කියන ගැහැණියගේ චරිතය කියලයි මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.