Paper Article

අපේ පවුලට අමුත්තෙක් ළඟදීම බලාපොරොත්තු වෙනවා-උතුම් මව් පදවියට සැරසෙන ජනප්‍රිය නිලි දුලානි අනුරාධා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි දුලානි අනුරාධා කියලා කියන්නේ. ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. කොරෝනා තත්ත්වය නිසා කලා කටයුතුවලින් තරමක් ඈත්වෙලා නිවෙසටම වෙලා ආරක්ෂිතව කාලය ගත කරනවා. ඉතින් ඒ වගේම මට ඉතිහාසය පදනම වූ චිත්‍රපටවලට වැඩි වශයෙන් දායක වීමට අවස්ථාව ලැබීමට මගේ පෙනුම විශේෂයෙන් බලපාන්න ඇති. අබා චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පිවිසීම තුළත් එකී තත්ත්වයට වැඩි බලපෑමක් එල්ල කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

මම මෙතෙක් සම්බන්ධ වෙලා තියෙන්නේ එක් දිර්ඝ ටෙලි නාට්‍යයකට පමණයි. එය වහින්න මුතු වැස්සක් ටෙලි නාට්‍යයයි. එහි රූගත කිරීම් එකී රූපයට සිදු වුණේ නැහැ. වර්තමානයේ දී ටෙලි නාට්‍යවල රූගත කිරීම සිදු කරන්නේ දැඩි වෙහෙසකාරී ස්වභාවයකින් වගේම සැලසුමකින් තොරවයි. නමුත් එවැනි තත්වයකට මම මුහුණදී නැහැ. වර්තමානයේ නිර්මාණවල දක්නට ලැබෙන චරිත පුයර බබාලට සමීපයි. එවැනි චරිත අපේ ජීවිත තුළ සාධාරණීයකරණය වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තිබ්බා ගැහුවා නිර්මාණ සාර්ථකත්වයෙන් තොරයි. රසවින්දනය එක් එක් පරාසයන්ට විහිදෙනවා. නමුත් යථාර්ථවාදී නිර්මාණ ගොඩනැඟීමෙන් ප්‍රේක්ෂකයන් එය වැලඳ ගනීවි කියලා මං විශ්වාස කරනවා.

බොහෝදෙනෙක් තරුවක් වීම තුළ පැවැත්ම ගොඩනගා ගන්නේ රූපය තුළ පමණයි. වයස අවුරුදු 25දී මම සිදුකළ චරිතයක් මට අවුරුදු 40දී නිරූපණය කළ නොහැකියි. එසේ කිරීමට තරම් බාහිර ස්වරූපය නඩත්තු කළත් එයින් චරිතයට එක් කළ හැකි ගුණාංග එක් වන්නේ නැහැ නිර්මාණයක් තුළ එක් එක් චරිත එක් එක් ආකාරයට වෙනස් වෙනවා. ඒ නිසා බාහිර ස්වරූපය තුළ පමණක් තරු ගුණය පවත්වාගත නොහැකියි. උදාහරණයක් විදිහට අනුරාධපුර ප්‍රදේශයක හේනක් කොටන චරිතයක් සුදු පුයර බබෙකුට කරන්න අපහසුයි. එසේ එක් එක් චරිතවල ස්වභාවය හා එහි ප්‍රදේශය අනුව එහි ගති ලක්ෂණ වෙනස් වෙනවා. එහිදී වැදගත් වන්නේ නමට ලැබෙන චරිතයට නිසි සාධාරණයක් ඉටු කිරීම හා එමගින් ප්‍රේක්ෂකයා ඇද බැඳ ගැනීමයි. තරු ගුණය රූපය රැකගෙන යන ගමනක් ලෙස අර්ථකථනය කළ නොහැකියි.

එයින් සිදුවන්නේ කෘතියට හානිකර වීම වගේම ප්‍රේක්ෂකයන්ගේ වැලඳ ගැනීම අඩු වීමයි. දරිද්‍රතාවයෙන් පෙළෙන චරිතයකට සුදු පිබුණු, චීස් කෑල්ලක් වගේ කෙනකුට තෝරා ගනොත් ඒ නිර්මාණයට හානිකර ලෙස බලපාන්න පුළුවන්. ඒ වගේම නිරූපණය කරන රංගන ශිල්පියාට හෝ රංගන ශිල්පිනියට සිදුවන අසාධාරණයක්. එවැනි තත්ත්වයන් අද ක්ෂේත්‍රය තුළ සුලබයි. හිතවත්කම් මත දක්ෂතාවන් යටපත් වීම අපට වැළැක්විය හැකි කරුණක් නෙමෙයි.

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. මම විවාහකයි. මගේ සැමියා නාවික හමුදාවේ සේවය කරනවා. ඔහු අශෝක සේනාධීර. අපේ පවුලට අමුත්තෙක් එක් කරගන්න ළඟදීම බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ වගේම කොරෝනා තත්ත්වයත් එක්ක ගොඩක් බලාපොරොත්තු ආපස්සට ගියා. ගුරුවරියක් ලෙස දරුවන්ට අතපසු වුණු අධ්‍යාපන කටයුතුවලට වැඩි වෙලාවක් වෙන් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.