Paper Article

අපි දෙන්නම කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක්, අක්කා නිසා තමයි මට ක්‍රිෂාන්ව ලැබුනේ-ශේෂාද්‍රි ප්‍රියසාද්

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය පහුගිය දවසක යුග දිවියට පිවිසුන බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මේ දිනවල ගොඩක් හොඳින් සතුටින් කාලය ගත කරනවා. තවම විවාහ වුණා විතරයි. අලුත් ජීවිතයට හුරුවෙමින් තමයි ඉන්නේ. විවාහ වෙන්න කලින් අපි දෙන්නා ජීවත් වුණෙ පවුල් දෙකක. ඒ කියන්නෙ දෙමාපියන් ළඟ. ඉතින් ඒ නිසා අලුත් ජීවිතේට එකවර හැඩ ගැහෙන්න අමාරු නිසා ටිකෙන් ටික හුරු වෙමින් තමයි ඉන්නෙ.

මගේ ආදරණීය සැමියා තමයි ක්‍රිෂාන් පෙරේරා. පෞද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු විදිහට තමයි ඔහු රැකියාව කරන්නෙ. ඊට අමතරව මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා සංගීතය පැත්තටත් යොමු වෙන්න කාලයක් ඔහුට තිබෙනවා. ඉදිරියෙදි යහළුවො කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා ගීත කිහිපයක් එළි දක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔහු ඩොක්ටර් බෑන්ඩ් එකේ සමාජිකයෙක් විදියටත් වැඩ කරලා එයින් ඉවත් වුණා. නමුත් සංගීතයෙන් නම් ඉවත් වෙන එකක් නැහැ. මමත් කැමතියි ක්‍රිෂාන් සංගීතය පැත්තෙන් ඉදිරියට යනවට.

මීට අවුරුදු දෙකකට කලින් තමයි මට ක්‍රිෂාන් මුණගැහුනේ. අපි දෙන්නම කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක්. ඒ ප්‍රශ්න ඔක්කොම ඉවර වුණාට පස්සෙ මමත් තනියම හිටියෙ. ක්‍රිෂානුත් තනියම හිටියෙ. මගෙ අක්කි දිනක්ෂියි ක්‍රිෂානුයි හොඳම යාළුවො. අක්කිගෙ හිතවත්කම මත කතා බහ කරලා යහළුවො වගේ ඉන්නකොට මට තේරුණා ජීවිතේ ඉදිරිය ක්‍රිෂාන් එක්ක යන්න ලෙහෙසියි කියලා. එහෙම තමයි අපි දෙන්නා ආදරවන්තයො වුණේ. ක්‍රිෂාන් මට තහංචි දාන්නෙ නැති කෙනෙක්. ඒක තමා මට ලැබෙන මුල්ම සහයෝගය. මම මොන දේ කළත් කලින් එයා එක්ක කතා කරලා තමයි කරන්නේ.

මම නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම දැන් ගෘහණියක්. අපි මේ දේවල් වැඩිය හිතන්නෙ නැති වුණාම අපිට හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන්. අපේ කාලය කළමනාකරණය කර ගන්න විදිය සහ වැඩකටයුතු කළමනාකරණය කරගන්න විදිය තමයි අපි හිතන්නට අවශ්‍යය. මම දැන් මුල්තැන දෙන්නෙ නිවසෙ වැඩ කටයුතුවලට. උදෑසනම නිවසේ වැඩ කටයුතු සිදු කරලා පසුව තමයි මම මගෙ වැඩකටයුතු සඳහා යොමු වෙන්නෙ.

මගෙ අක්කි දිනක්ෂි දැන් පුංචි දුවකගේ අම්මා කෙනෙක්. ඇත්තටම මේ වෙලාවෙ තිබෙන කොරෝනා ප්‍රශ්නය එක්ක කිසිම දෙයක් සැලසුම් කරන්නට බැහැ. අපි බබාව බලන්න යන එකත් හරිම අවධානම්. බබාට තෑගිත් අරන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ එයා වෙනුවෙන්. මේක හරිම අලුත් අත්දැකීමක්. අපේ පවුලට අලුත් අමුත්තෙක් ආවා කියන එක වෙලාවකට හිතා ගන්නත් අමාරුයි. ඒ තරම් සතුටුයි. කොහොමත් ටිකක් කල් අරගෙන තමයි පැටියව බලන්න යන්න වෙන්නෙ.

Leave a Comment