News

මං කෙලින් කරපු පොල් ගෙඩියෙයි බිත්තරෙයි සත්‍යතාව මං ලඟට ඇවිත් වැඩ කර ගත්ත අය දන්නවා – සෙව්වන්දි මෑණියෝ

ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදානුකූල ගණයට අයත් වන එක්තරා කොට්ඨාසයක් විශ්වාස කරනු ලබන ශාස්ත්‍රයක්. අතීතයේ සිටි හෙළ මුතුන් මිත්තන් මේ දේවල් ඉතාමත් භක්තියෙන් යුතුව ඇදහූ අතර පසුකාලීනව ක්‍රමක්‍රමයෙන් ලෝකයේ දියුණුවත් සමඟ ඒවා අප සමාජයෙන් ටිකෙන් ටික දුරස් වුණා. නමුත් එම සිරිත් විරිත් වල යම් යම් වෙනස්කම් සිදුවෙමින් නූතන වේදීව ඒවා පිළිගන්නා තැන් බොහොමයක් අදටත් ලංකාවේ පවතිනවා. ජෝතිෂ්‍යයට එහා යමින් අදෘශ්‍යමාන බලවේගයන් පිළිබඳ ව ඉතාමත් තද මතයක් දරන පුද්ගලයින් බොහොමයක් අපට දැකගන්නට පුළුවන්. ඒ අතුරින් මෑත කාලීනව අතිශය ජනප්‍රිය වුණ කාන්තාවක් තමයි සෙව්වන්දි මෑණියෝ කියන්නේ.

ඇත්තම ඇයගේ නම කියූ පමණින් ම බොහෝ දෙනා ඇයව හඳුනා ගන්නවා. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පොහෝ දින ජාතික රූපවාහිනියෙ පැවැත්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයත් සමඟ වෛද්‍ය වරයෙක්ද ස්වාමීන් වහන්සේ නමක් ද සහභාගී කරවා ගෙන සමාජයේ බොහෝ දෙනෙක් පිළිගන්නා අදෘශමාන තත්ත්වයන් පිළිබඳව කතිකාවතක නිරත වීමත් සමඟයි. එහිදී වෛද්‍යවරයා විසින් තර්කානුකූල ක්‍රම සහ විධි භාවිතා කරමින් ඇය දැරූ මත සියල්ලක්ම පාහේ බිඳ දැමූ බව අප කවුරුත් දුටු කරුණක්. ඉතින් ඉන්පසු නැවතත් ඇය එක්තරා youtube මාධ්‍ය වැඩසටහනකට සහභාගී වූ අතර එහිදී කී දෑ පිළිබඳව ඔබ සමඟ ගෙන ඒමට අප සිතුවා.

‘මං කෙලින් කරපු පොල් ගෙඩියෙයි මං කෙලින් කරපු බිත්තරෙයි සත්‍යතාව මගෙ ලඟට ඇවිල්ල වැඩ කර ගත්ත උදවිය දන්නවා. මං මන්තර එකක් දෙකක් නෙවෙයි සිය දහසක් කියන්නම්. මට හයියක් තියෙනවා නම් කෙලින් කතා කරන්න ඇයි එයාලට එන්න බැරි මගෙ ගාවට. මමත් මේ දේවල් පිළිගත්තු කෙනෙක් නෙවෙයි. නමුත් සිය දහසක් මේ කකුල් දෙක අල්ලලා වඳින කොට තමයි මමත් පිළිගත්තෙ. දැන් මට අවුරුදු 27යි නේ. ඒ අවුරුදු 27 ට කුඩා කාලයේ පටන් තාත්තා කන්න බොන්න දුන්නා. විවාහ ජීවිතයට ගියාට පස්සේ මහත්තයා කන්න බොන්න දුන්නා. හැබැයි සාස්තර කියලා කෑවේ බිව්වේ නෑ. ඒවා දන්නවා ආව මිනිස්සු’

මේ අයුරින් තවත් බොහෝ දේ එම යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවේදී ඇය පවසා සිටියා. ඉතින් මේවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ තීරණය කිරීමේ වගකීම ඔබ සතුයි.