News

මංජුලාගේ පතලේ නිල් මැණිකට විදින්න ආපු පොලිස් නලුවා

මංජුලා කුමාරි කියන්නේ අපේ රටේ පුංචි තිරය තුළ ජනප්‍රිය වෙච්ච අහිංසකාව්යක්. ඕලු නමින් ප්‍රසිද්ධ වෙච්චි ඇය ජනතාවගෙන් මතකයේ රැඳෙන නාට්‍ය ගණනාවක රංගනයෙන් දායක වුණා. අද අපි ඔයාලට කියන්න යන්නේ මංජුලා කුමාරි ගැන වෙනස් විදිහෙ ආරංචියක්.

වව්නියාව දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට මංජුලා කුමාරිගේ නියෝජිතයෙකු වුණු සහාය නළුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත්තු ටෙලිනාට්‍ය සහාය නළුවා. ටෙලිනාට්‍ය කිහිපයකම පොලිස් චරිත සඳහා පෙනී සිටි එද්දී ගුණරත්න බණ්ඩාර නැමැති අයෙක්. මංජුලා කුමාරි ලග්ගල ප්‍රදේශය තවත් කාන්තාවක් සමග මැණික් පතල් කැපීම ගිවිසුමකට එළැඹිලා තියෙනවා. ඇය සමග පැමිණිලා තියෙන්නෙ ඉහත කියපු සහාය නලුවා. මාස ගාණක් පදිංචි කාරයන්ට කියලා තියෙන්නේ මම පොලිසියේ උසස් නිලධාරියෙකු බවයි.

මංජුල කුමාරි සමඟ පතල් කැපීමේ ගිවිසුමට අත්සන් කරපු අනෙක් කාන්තාව මෙහිදී පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ තමා හවුළේ පටන් ගත්ත පතලෙන් ලැබුණු නිල් මැණික ඉහත පුද්ගලයා විසින් වංචා සහගතව රැගෙන යන්න උත්සාහ කරන බවත්. තමා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙසය හඟවමින් තර්ජනය කරන බවටය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වුන ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා අදාල පුද්ගලයා හා මැණික් ගල ද ඔහු පාවිච්චි කරන සුඛෝපභෝගී මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තියෙනවා.

සැකකාර ටෙලිනාට්‍ය සහාය නළුවා පොලිසියට කියලා තියෙනවා මංජුලාගේ සැමියා සමග ඇතිවුණු මිත්‍රකමක් මත ඉහත පතල බලා ගැනීමට භාරදුන් බව.මීට කලින් ද පතල් ආරවුලක් සම්බන්ධ තිබූ ප්‍රශ්නයක් මොහු ව්‍යාජ රඟපෑමෙන් නොමඟ යවා බේරා ගෙන තියෙනවා.