Lifestyle

තව කෙනෙක්ගේ ජීවිතය තුල ජීවත් වෙමින් ඔබේ සහ එයාගේ කාලය නාස්ති කරගන්න එපා – ත්‍රිකලා ධරණි

ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ ඉහලම නමක් දිනාගත් නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ. mrs යුනිවර්ස් රූ රැජන කිරුළ දිනාගත් සුන්දර රුවැත්තියක් වන ඇය සංගීතය සම්බන්ධව විශාරදවරියක් වන අතරම ඇයගේ අලුත්ම ගීතය පසුගිය දා විකාශය වුණා. එහිදී ඇයගේ ජීවිත කතාව එම ගීතය ඔස්සේ ගායනා කළ ඇය ඒ සඳහා හෙලිකොප්ටරයක් රූප රචනාවට යොදාගෙන තිබුණු නිසා බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඇයගේ කෝටි ගණනක් වටිනා අලුත්ම range rover වාහනය නිසා කා අතරත් කතා බහට ලක් වූ ඇය පසුගිය දිනකදී හරි අපූරු සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ සටහන් කරලා තිබුණා. ඒ මේ විදිහට.

“වැඩසටහනකදී අපි ආදරය කරන ප්‍රවීණ ක්‍රිකට් තරුවක් මගෙන් මෙහෙම අහනවා ! ඔයාගෙ පොඩි වයසට මේතරම් දේවල් ජීවිතයට එකතු කරගත්තේ කොහොමද ? මම : සල්ලි හම්බකලත් කාලය හම්බකරන්න බැහැනේ . එනිසා මම කාලය නාස්ති කලේ නැහැ. ලංකාවෙ බහුතරයක් ලමයි O/L , A/L ඉවර කරලා මාස ගනන් ගෙදරට කාලේ නාස්ති කරනවා.හොදම රැකියාවක් ලැබෙනකන් කියලා ඔහේ ඉන්නවා. අසනීප වුන දවස් ඇරුනම,මම ජීවිතේ එක දවසක්වත් ප්‍රයෝජනයක් නැති විදියට ගෙවලා නෑ. හැමතිස්සෙම ජීවිතේ එක Option එකකට වඩා තියාගන්න ඕනා.එනිසා මම ක්ශේත්‍ර කිහිපයක්ම ඉගන ගත්තා!

මාව motivate කරපු ඇපල් සමගමේ අයිතිකරු කියපු කතාවක් මට ඒ වෙලේ මතක් වුනා.
කාලය සීමිතයි !! තව කෙනෙක්ගේ ජීවිතය තුල ජීවත් වෙමින් ඔබේ සහ ඒ කෙනාගෙ කාලය නාස්ති කරගන්න එපා. කාලය ගෙවෙන එක නවත්වන්න බෑ. හැබැයි ගෙවෙන කාලය උපරිම ප්‍රයෝජනවත් ලෙස හසුරුවාගන්න පුළුවන් .එහෙම අයතමා අද ලෝකයේ ඉහලින්ම ඔබ දකින්නේ කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ප්‍රශ්න ,ඔයාගෙ ගමනට බාධාවක් කරගන්න එපා .නොමිලේ ලැබෙන,ඒත් නැති වුනාම සල්ලි වලටවත් ණයටවත් ගන්න බැරි එකම දේ කාලය නිසා ” මේ විදිහට තමයි ඇය කියා තිබුනේ. ඉතින් කාගේත් ආදරය දිනාගත් මේ ආදරණීය නිරූපණ ශිල්පිනියගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.