Lifestyle

මම කවදාවත් කිසිම තැනකදි කියන්නෑ මට කොල්ලෙක් නෑ කියලා එහෙම බොරු කියන අයත් ඉන්නවා – ටිනා ශනෙල්

නිල්වන් මුහුදු තීරේ ගීතයේ රූප රචනාව ඔස්සේ මෑත කාලීනව අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් අපූරු රංගන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියලා කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් පමණක්ම නොව නිරූපණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නිරූපණ ශිල්පිනියක් ද වනවා. දේදුනු ආකාසේ සිනමාපටය ඔස්සේ රංගන කරළියට පිවිසි ඇය පසුගිය කාලයේදී විකාශය වු වල වෙට්ටුවා ටෙලි නාට්‍යයේ වෙනස්ම ආකාරයේ චරිතයක් නිරූපණය කරනු ලැබුවා. ඉතින් ඒ සඳහා ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. ඉතින් පසුගිය දිනක දි ඇය එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ආදරය පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහට.

” ඇත්තටම ආදරය තියෙන්න ඕනේ. එක එක වකවානුවලදී මමත් ආදරේ කරලා තියෙනවා. ඒ යාළුවෙලා හිටපු අය යම් යම් නොගැළපීම් නිසා අතහැරිලා තියෙනවා. ඒවා ගැන මම පසුතැවීම් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ හැමදේම වෙන්නේ මගේ හොඳට කියලා. මම කවදාවත් කිසිම ඉන්ටව් එකකටවත්, නාලිකාවකට ගිහින් කියන්නේ නැහැ මට කොල්ලෙක් නැහැ කියලා. එහෙම බොරු කියන අය ඕනේ තරම් ඉන්නවා. නමුත් හැමදාම කියන්නේ මම ආදරවන්තියක්. නමුත් විවාහය ගැන තවම හිතලා නැහැ. මම හිතන්නේ මගේ වැඩ ගැන. හරි කාලය ආවම විවාහය ගැන හිතයි. දැනට මම ආදරේ කරන කෙනා එක්ක සතුටින් ආදරෙන් ඉන්නවා

ඒ වගේම තමයි ඇය එහිදී ඇයගේ එකම සිහිනය පිළිබඳව කියන්නටත් අමතක කළේ නැහැ. ඒ මේ විදිහට.

” මගේ dream එක මගේම කියල ඩ්‍රීම් හවුස් එක හදාගන්න එක. හැමදාම වගේ වැඩ කළත් ඒකට තවම මම මහන්සිවෙනවා. “

ඉතින් ඇය පවසන ආකාරයට ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඇයගෙන් අහනවලු මෙච්චර වැඩ කරලත් ඔයාගේ ටාගට් එකට යන්න බැරිද කියලා. නමුත් ඇය කියන විදිහට ක්ෂේත්‍රය තුළ එක එක විදිහට තමන්ගේ ගමන යන අයලු ඉන්නෙ. ඉතින් ඒකට ඇය කාටවත් ම දොස් කියන්නේ නැති බවත් හරි විදියට හෙමින් ගමනක් ගොස් ඇයගේ target සම්පූර්ණ කරගන්න මහන්සි වෙනවා කියලත් ඇය වැඩිදුරටත් පවසා සිටියා. ඉතින් ඇයගේ එම සියලුම බලාපොරොත්තු සියල්ලක්ම ඇය සිතන පතන විදිහට ම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.