Lifestyle

මම බහින්න ඔන්න මෙන්න තියෙද්දි පැටියෝ මට ටිකක් ඉඩ දෙන්න මගේ කකුල තියා ගන්න කිව්වා – සුලෝචනා වීරසිංහ

සුලෝචනා වීරසිංහ කියලා කියන්නේ සිනමා ක්ෂේත්‍රය තුළ පමණක් නොව වේදිකා නාට්‍ය තුළත් සිය තාත්වික රංගනයන් විදහා දක්වන අපූරු රංගන ශිල්පිනියක්. නිකිණි වැස්ස සිනමා නිර්මාණය ඔස්සේ ආන්දෝලනාත්මක පෙරළියක් මැවූ ඇයගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් එම සිනමාපටය වීම විශේෂත්වයක්. වැඩි හිටියන්ට පමණයි ගණයේ සිනමා නිර්මාණයක් වන එම චිත්‍රපටයේ ඇය රංගනයෙන් දායක වූ චරිතය වෙනුවෙන් බොහෝ රසික රසිකාවියන්ගේ ධනාත්මක ප්‍රතිචාර ඇයට ලැබී තිබුන. ඒ වගේම තමයි ඊට අමතරව තන්හා රතී රඟා සිනමාපටය තුළත් ඇය අපූරු ලෙස සිය රංගනයෙහි යෙදුණා.

සුලෝචනා වීරසිංහ කියන්නේ සමාජ මාධ්‍ය තුළ ටිකක් කතා බහට ලක්වන චරිතයක්. ඒ ඇය නිරන්තරයෙන්ම ඇයගේ පුද්ගලික ජීවිතයේ ඇයට මුහුණ පෑමට සිදු වූ යම් යම් සිද්ධීන් තම මුහුණ පොත හරහා රසිකයන් සමඟ බෙදාහදා ගන්නා නිසයි. ඉතිං පසුගිය දිනකදීත් ඇය එවන් වූ අත්දැකීමක් පිළිබඳව සිය මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ මේ විදියට.

” මේ දවස්වල ඉතින් අපි හැමෝටම ඉස්සර තිබුණට වඩා ආර්ථික ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසාම අනිත් පුන්චි ප්‍රශ්නත් හරි ලොකුවට මනසට වදයක් වෙනවා ගොඩක් වෙලාවට. මගේ තත්වෙත් එහෙමම තමයි. මේ හැම දේම එක්ක උදේම මෙහෙම හිනා වෙලා ඉන්න හේතුව නිකමට වගේ ලියන්න හිතුනා.

පෙට්‍රල් ගාන වැඩි කලාට පස්සේ දවස් 20 ක් කොට්ටාවේ ඉදන් නාරාහේන්පිටට කාර් එකේ office එන්න කීයක් යනවද කියලා ගණන් හදලා බැලුවා.දවසට යන්න එන්න km 35ට පෙට්‍රල් ලීටර් තුන හමාරක් යනවා. එතකොට දවසේ වියදම රු.1575 ක්. දවස් 20 ට රු.31500ක්. මගේ මාසික පඩිය රු.49000ක්. අතට ලැබෙන්නේ 45000ක්. පෙට්‍රල් ගහලා වැඩට ආවහම ඉතුරු වෙන්නේ රු.13500යි. සති දෙකක් ෂේප් එකේ කාලා ඉන්න පුලුවන් ඒ ගානෙන්. ( මගේ office පඩියෙන් විතරක් කරන්න පුලුවන් දේ )

ඉතින් අද මම bus එකේ එන්න තීරණේ කලා. උදෙන්ම නැගිටලා පුතාට ඉස්කෝලේ අරන් යන්න පැස්ටා එකක් හදලා දවල්ට කන්න බත් උයලා වට්ටක්කා හදලා කරෝල බැදුමක් හැදුවා.(තව දෙයක් හදන්න time නෑ ඉතින් ) දඩිබිඩි ගාලා පුතාවත් ලෑස්ති කරන් ( අම්මා ඒ වැඩේට උදව් කලා) පාරට ආවේ ත්‍රීවිල් එකක් අරන් මේන් රෝඩ් එකට යන්න. ත්‍රීවිල් එකක් හමු වෙනකම් කියලා පයින් එන්න ගත්තා,කොහොම හරි පුතාගේ බෑග් එකයි මගේ එකයි දෙකමත් එල්ලන් මහ පාරටම එන්න උනා මීටර් 550ක් විතර..පුතානම් හරි හැපී එකේ ඒ දුර ආවේ..මටත් ඒ තරම් වෙහෙසක් දැනුනේ නෑ ඉතින්.එයාගේ school van එකෙන් call කරද්දී පාර පෙනෙන දුර හිටියේ.ඒත් ඉතින් van මාමා මොකෝ අද car එක නැත්තේ කියලා අහන ගමන් කිව්වා 6.40 වෙද්දි පාරට ඇවිත් ඉන්න කියලා.

138 නැගලා කිරුලපනින් බැස්සා. ඒ ටික ත්‍රීවිල් එකක යන්න හිතද්දී 141 වැල්ලවත්ත bus එකක් ආවා.holt එකක දුරනේ කියලා නැග්ගා. ටිකට් එක 35 ක් කිව්වා. 35 ක් දීලා මම කොන්දොස්තර අය්යා (මල්ලිත් වගේ)දිහා බලන් හිටියා. ආ..කියලා රුපියලක් ඉතුරු දුන්නා.මම ඒක ගන්න බලන් හිටියේ එයා අනිත් අයටත් ඉතුරු නොදෙන එක පුරුද්දක් කරගෙන ඉන්න එකට උල්පන්දම් දෙන එක හොද නෑ කියලා හිතුනු නිසයි.

කොහොම හරි ඉතින් එයා පිටි පස්සට ගිහින් ටිකට් සල්ලි අරන් ඉස්සරහට ඇවිත් මම බහින්න ඔන්න මෙන්න හදද්දි “පැටියෝ මට ටිකක් ඉඩ දෙන්න මගේ කකුල තියා ගන්න” කිව්වා. අනේ ඉතින් උදෙන්ම කටපුරා පැටියෝ කිව්වනෙ කවුරු උනත්. එහෙම ආමන්ත්‍රණයක් කාලෙකින් ඇහුනෙම නෑ.ඉතින් කොන්දොස්තර අය්යා මල්ලී මගේ මූණට හිනාවක් ගෙනාවේ ඔන්න ඔහොම තමයි. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.