Lifestyle

ජීවිතය කියන්නේ දුක සහ සතුට තුලනය කිරීම සුජානි මේනකා හදිසියේම එසේ කීවේ ඇයි?

සුජානි මේනකා කියලා කියන්නේ ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගේ වැඩිම ආදරය සහ ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි. සිනමාව තුළත් පුංචි තිරය තුළත් වේදිකා නාට්‍ය තුළත් තුළත සිය දස්කම් විදහා දක්වන ඇය සැබවින්ම ඉතාමත්ම තාත්වික රංගනයක යෙදෙන බව නොරහසක්. සතෙන් සතේ රුපියලෙන් රුපියල යන වෙළඳ දැන්වීම තුලින් කාගේත් අවධානය දිනාගත් ඇය මේ දවස් වල නම් වැඩිය අපට ටෙලි නිර්මාණයන් තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ.

වයස අවුරුදු තුනක් වැනි පුංචි වියේ සිටම රංගන කටයුතුවල නියැලුණු ඇගේ පළමු ටෙලි අත්දැකීම වන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රාර්ථනා කියන එකාංගික ටෙලිනාට්‍යයයි. ඉන් පසුව බොහෝ නිර්මාණයන් තුලට සිය රංගන දායකත්වය ලබා දෙන ඇය විවාහ වන්නේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමඟයි. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය නිතරම සතුටෙන් සිටීමේ රහස පිළිබඳ පවසල තිබුණා.

” උදේ නැගිට්ට වේලාවේ ඉඳලා අද දවස සුභදායී දවසක් කියලා හිතන්න පුළුවන් නම්, සමහර විට ඒ දවස කොච්චර කටුකදායී අත්දැකීම් ලැබෙන දිනයක් වුණත් ඒ දිනය හරිම මිහිරියි. රසවත්. සමහර විට දුක ගෙවන්නෙත් සතුටින්. නිරෝගීකම ආරක්ෂා කර ගන්න පුළුවන් සරලම දෙයක් තමයි සතුටින් ජීවත් වීම. සතුටක් නැති මනසක් නිතරම රෝගී වෙනවා. නිරෝගීකම ගිලිහෙනවා කියන්නේ අපි ඉබේම අවලස්සන වෙනවා කියන එකනේ. ඇතැම් වෙලාවට අපේ ජීවිතවලත් යම් කාලවලදී සතුට ඈතට ඈතට යන බව හැඟනවා. ඒ වෙලාවට කොහොමහරි සතුට ආයේ ළඟට ගන්න විවිධ උපක්‍රම යොදනවා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇය පසුගිය දිනක දී සිය මුහුණු පොත තුළ අපූරු සටහනක් පළ කරලා තිබුණා. ඉතින් ඒකට බොහෝ රසික රසිකාවියන්ගෙන් ප්‍රතිචාර ද ඇයට ලැබී තිබුණා. ඇය සටහන් කරලා තිබුන මෙවන් දෙයක්.

” ජීවිතය කියන්නේ දුක සහ සතුට තුලනය කිරීමයි “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.