Lifestyle

අපි කාටවත් 100%ක්ම ගැළපෙන කෙනා හම්බ වෙන්නෙ නෑ මට දැනෙන තැනයි මං නතර වෙන්නේ

ශලනි තාරකා කියලා කියන්නේ පුංචි තිරයේ වැඩිපුරම අපට දැකගන්නට පුළුවන් වන ඉතාමත්ම දක්ෂ චරිතයක්. සිය අද්විතීය තාත්වික රංගන හැකියාව නිසාම බොහෝ සම්මාන වලට හිමිකම් කීමට සමත්කම් දැක්වූ ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ ගිරිදේවි කියන නමින්. ඒ වගේම පසුගිය කාලයේදී ඇයව අසේකා කියන නමිනුත් බොහෝ දෙනා හැඳින්වූවා. තමාට ලැබෙන ඕනෑම චරිතයකට එය උපරිම සාධාරණය ඉටු කරන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ දවස්වල ටෙලිනාට්‍ය ගණනාවකම වැඩ කටයුතු කරගෙන යන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඇයගේ ප්‍රථම සිනමා අත්දැකීම තමයි සෙල්වම් කියලා කියන්නේ. ඉතින් ඒ ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ මේ විදියට.

” සෙල්වම් තමයි මගේ පළමු සිනමා අත්දැකීම. මේ වෙද්දි චිත්‍රපට නවයක විතර රඟපාලා තියෙනවා. ඉන් චිත්‍රපට තුනයි තාම ප්‍රදර්ශනය වුණේ. රොහාන් පෙරේරාගේ ‘සීගිරි‘ කියන චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ‘වියසිදුරු’ කියන්නේ තවමත් ලංකාවේ ප්‍රදර්ශනය නොවූ අන්තර්ජාතික සිනමා . සඳහා නිර්දේශ වී සම්මාන ලැබූ චිත්‍රපටයක්. ඒක ලංකාවේ බලන්න ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. “

ඒ වගේම තමයි ඇය යම්කිසි චරිතයක් තෝරාගැනීමට පෙර අධ්‍යක්ෂක තුමා සහ තිරපිටපත් රචකයා සමග ගැඹුරින් සාකච්චා කරනවා ලු. ඇය එසේ සිදුකරන්නේ ඇයට එම චරිතය තුළ කොතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා බලන්නලු. ඒ වගේම ඇයට ලැබෙන චරිත තුළ තිබෙන සුවිශේෂීම කරුණ තමයි ප්‍රධාන චරිතයම කියා තෝරා ගැනීමක් නොකළත් ඇයට ප්‍රධාන චරිත පමණක්ම ලැබීම. ඒ වගේම ඇය කියන විදිහට එකම ජාතියක චරිත රඟපාන අය කැමති නැතිලු. කලින් කළ චරිතයක් හා සමාන චරිතයක් තියෙනවා නම් ඇය එම චරිත ප්‍රතික්ෂේප කරනවලු. ඒ වගේම තමයි ඇය එම චරිතය සඳහා වෙන මහන්සියට සරිලන මුදලක් ඇයට ලැබෙනවද කියන එක ගැනත් ඇය සැලකිලිමත් වෙනවාලු. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇයට ලැබෙන ආදර යෝජනා පිළිබඳව සහ ආදරය දැනෙන ආකාරය පිළිබඳව පවසා සිටියෙ මෙවන් දෙයක්.

” මට ගැළපෙන කෙනා එක්කයි මං ජීවත් වෙන්න ඕන කියන එක මං දැඩි ලෙස විශ්වාස කරන දෙයක්. අපි කාටවත් සීයට සීයක්ම ගැළපෙන කෙනා හම්බ වෙන්නෙ නෑ. ඒත් ඔයා දැන් වයසට යනව නේද? දැන් කෙනෙක් හොයා ගන්න ඕන නේද? කියලා කවුරුත් කියන තැන නැතුව මට මෙන්න මෙයත් එක්ක තමයි ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා කවදාහරි මට දැනෙන තැන තමයි මං නතර වෙන්නේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.