Lifestyle

නදී ආදරේ කාටද එයා එක්ක නදී ඉන්නවා නම් මගේ සතුට එච්චරයි නදී රාජ් විවාහය දෙදරා යයි

නදී සහ රාජ් කියල කියන්නේ පහුගිය කාල වකවානුව තුළ සමාජ මාධය තුළ වැඩි වශයෙන්ම කතා බහට ලක් වූ චරිතයක් දෙකක්. ඒ නදී සංක්‍රාන්තික යුවතියක් වන රාජ් සමගින් පෙමින් වෙලී ඇයව විවාහ කර ගත් නිසයි. බටහිර රටවල් වල මේ ආකාරයේ විවාහයන් ඉතාමත්ම සාමාන්‍ය දෙයක් වුවත් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ සාමාන්‍ය පුද්ගලයෙක්ට සංක්‍රාන්තික පුද්ගලයෙකු සමගින් විවාහ වීමට නීතියෙන් අවසරයක් නැහැ. ඒත් ඉතින් නදි සහ රාජ් ඒ කිසිදු දෙයක් ගැන හිතන්නැතුව ඉතාම උත්සවශ්‍රියෙන් විවාහ මංගල උත්සවයක් පවත්වා සාර්ථක සතුටුදායක පවුල් ජීවිතයක් ගත කළ බව සමාජ මාධ්‍ය තුළින් අප දුටුවා.

රාජ් කියලා කියන්නේ උපතින්ම යුවතියක්. අනෙක් සාමාන්‍ය පුද්ගලයන්ට සාපේක්ෂව ඇයගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇති බව වටහා ගත් ඇය අවසානයේ දී පිරිමි පුද්ගලයෙක් ලෙස සිය හැඩ රුව පමණක් නොව සිය ශරීරය ම වෙනස් කර ගැනීමට පෙළඹෙනවා. ඒ ඇය ආදරේ කරන සුන්දර යුවතිය වන නදීගේ පූර්ණ සහයෝගයත් ඇතිව. නදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන අතර ඇය විවිධ රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කොට බෙදා හැරීමේ ව්‍යාපාරයක් ද පටන් ගත්තා. ඉතින් කුරුලු ජෝඩුවක් මෙන් ඉතාම ආදරයෙන් සිටි මේ යුවලගේ විවාහය දෙදරා යෑමේ පුවතක් මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ හරි හරියට පැතිරෙනවා. ඒ වගේම රාජ් සිය මුහුණු පොත තුල නොයෙක් ආකාරයේ සටහන් ද පළ කරන්නට අමතක කරන්නේ නැහැ. ඒ මේ විදියට.

” නීත්‍යානූකූල අයිතිය මට තිබුණත් නදී ආදරේ කාටද එයා එක්ක නදී ඉන්නවා නම් මගේ සතුට එච්චරයි. මම ඩිවොස් එක දාන්නෙ නෑ. නදීනේ දාන්න ඕන. දාන්න කියන්න. මම එන්නම් ඩිවොස් එකට උසවියට. බයවෙන්න එපා මම එන්නම් “

” ඔව් මාත් විශ්වාස කරනවා බොරුවට වැඩි ආයුෂ නැහැ. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙ කාට කාටත් “ ” වද දෙන්න එපා බ්ලොක් කරලා දානවා සමහරු හිතන් ඉන්නේ එහෙම කලාම හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා ඒත් විඳවන කෙනා විතරයි දන්නේ වේදනාව ගැන ” ඉතින් මේ ආකාරයේ බොහෝ වදන් ඔහු සිය මුහුණු පොත තුළ සටහන් කරනවා. කෙසේ නමුත් ඔවුන්ගේ මෙම ගැටලුකාරී තත්ත්වය ඉක්මනින්ම විසඳාගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.