Lifestyle

අම්මියි තාත්තියි වෙන්වුන එකට මට සතුටුයි. තාත්ති වෙන කෙනෙක් ගැන හිතනවනම් මම සපෝර්ට් කරනවා – චන්න පෙරේරාගේ දුව

කලා ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්ත රංගන පෞරුෂයක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. රංගනය ඔස්සේ පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය ඔස්සේත් චිත්‍රපට නිෂ්පාදනය ඔස්සේත් ලංකාව තුළ නමක් දිනා ගෙන් ඇති ඔහු ඉන්දියානු නිළියන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නා. පූජා උමාෂංකර් කියලා කියන්නේ ඒ අතුරෙන් ලංකාව තුළ අතිශය ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක්. අංජලිකා සිනමාපටය ඔස්සේ කා අතරත් ජනප්‍රිය වූ ඇය ඉන්පසුව සිනමාපට කිහිපයක් සඳහාම සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඒ අතුරෙන් කුස පබා , පත්තිනි ආදී ආගමානුකූල සිනමාපට ද වීම විශේෂත්වයක්. කලක් චන්න පෙරේරා සහ ඇය අතර සම්බන්ධයක් පැවතුන බවට කටකතාවක් සමාජය තුළ පැතිර ගියා. ඒත් මෙම කටකතාව සාවද්‍ය ප්‍රකාශයක් කියලා තමයි ඔවුන් දෙදෙනාම පවසා සිටියේ.

චන්න පෙරේරා ගැන කතා කරනකොට කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඔහුගේ ආදරණීය බිරිඳ. ඔහු විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස් සමඟයි. දිගු කාලයක් මුළුල්ලේ ඔවුන් දෙදෙනා ඉතාම ආදරණීය විදිහට පවුල් ජීවිත ගත කළ අතර ඔවුන්ට ආදරණීය දියණියන් දෙදෙනෙක් ද සිටිනවා. ඡන්න සහ ගයත්‍රි පසු කාලීනව සිය විවාහ ජීවිතයෙන් ඈත්වීමට තීරණය කරනවා. ඒ ඔවුන් අතර ඇති වූ යම් යම් මතභේදාත්මක ගැටළු නිසයි. ඒත් ඔවුන්ගේ දරුවන්ගේ ඕනෑම දෙයකදී දෙමව්පියන් විදිහට ඔවුන් දෙදෙනා පෙනී සිටිනවා. ඉතින් මේ වන විට ඔවුන් දෙදෙනා වෙන්ව තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන්ගේ දියණිය පවසා තිබුනෙ මේ වගේ දෙයක්.

” ඇත්තටම අපේ අම්මියි තාත්තියි එකට හිටපු කාලේ සතුටින් නෙමෙයි හිටියේ. ඒක මම හොදටම දැක්කා. ඉතින් ඒ නිසා ඒ දෙන්නා දැන් වෙන් වෙලා ඉන්න එක ගැන මම සතුටු වෙනවා. මොකද දැන් දෙන්නම සතුටින් ඉන්නේ. මට ඕන අම්මියි තාත්තියි දෙන්නම සතුටින් ඉන්නවා දකින්න. දෙන්නා වෙන් වෙලා කියලා අපේ වැඩකදි කිසිම වෙලාවක අපිට අඩුවක් කරන්නෙ නෑ. තාත්ති වෙන කෙනෙක් ගැන හිතනවනම් මම ඒකට support කරනවා. මට ඕන කොහොමහරි ඒ දෙන්නා සතුටින් ඉන්නවා දකින්න. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.