Lifestyle

සමාජ මාධ්‍ය තුළින් පියුමි පතුරු ගැසූ පෙම්වතා සමග පියුමි යළිත් එකතු වේ

මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ සිටින ජනප්‍රියම චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. දිනෙන් දින පුවත් මවන ඇය නිරූපණ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් ද වෙනවා. තම ආදරණීය පුතා වන කාවිංග සහ ආදරණීය මව සමඟ කල් ගත කරන ඇයට ශ්‍රී ලාංකික වගේම ලෝකයේ බොහෝ රටවල් වල රසික රසිකාවියන් ආදරය කරන බව නම් නොරහසක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සිටින ග්‍රාහකයින් ප්‍රමාණය ඇසුරෙන් ම අපට එය සිතාගත හැකියි. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පියුමි හන්සමාලි පහුගිය කාල වකවානුව තුළ ඉතාමත්ම ප්‍රීතියෙන් සහ සැහැල්ලුවෙන් තමයි තමන්ගේ ජීවිතය ගත කරනු ලැබුවේ. ඒ ඇයගේ පෙම්වතා වන ප්‍රගීත් නිසයි.

පළමු පෙමින් විරහ වේදනා විඳිමින් සිටි ඇයට අලුතෙන් ජීවිතය පටන් ගැන්මට රුකුලක් උනේ ඔහුයි. ඇය සහ ප්‍රදීප්ගේ බොහෝ videos youtube මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා තුළත් පහුගිය දවස්වල සැරිසරන්නට වුනා. ඉතින් ඒවාට බොහෝ රසික රසිකාවියන්ගෙන් ඇයට උණුසුම් ධනාත්මක ප්‍රතිචාර හිමි වූ අතර ම ඇය එම ප්‍රතිචාර ඉතාම සතුටෙන් බාර ගනු ලැබුවා. විවාහ නොවූ වත් ඔවුන් දෙදෙනා සිටියේ එක වහලක් යටයි. ඒ සඳහා පියුමි හංසමාලි ගේ මව මෙන්ම ඇයගේ පුතත් ඔවුන්ට ආශිර්වාද ලබා දී තිබුණා. ඒත් ඉතින් අවාසනාවන්ත ලෙස පහුගිය දවස්වල ඔවුන්ගේ සම්බන්ධයෙ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා.

පියුමි හන්සමාලි ප්‍රගීත්ට ඉතාමත්ම සැර ප්‍රකාශයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබූ අතර එහි සඳහන් වූයේ ප්‍රගීත් වෙනත් කාන්තාවක් සමග හෝටලයක සිටියදී ඇයට අතටම හසු වූ බවයි. ඒ වගේම ඔහුගේ පෙර බිරිඳ ඔහුගේ නියම තත්ත්වය පිළිබඳව පියුමිට පවසා සිටියත් පියුමි ඒ සියල්ලටම රැවටුනු බවත් ඇය එහිදී ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම තමයි ඒ සිද්ධිය නිසා වේදනාවෙන් හඬ හඬ ඉන්නකොට ඇයගේ පළමු පෙම්වතා වන වෙනුර ඇයව සැනසූ බවත් එහිදී ඇය සඳහන් කරලා තිබුනා. කෙසේ නමුත් මේ වන විට දැනගන්නට ලැබෙන ආරංචිවලට අනුව ඔවුන්ගේ එම සම්බන්ධය නැති වී නොමැති බවත් නැවතත් ප්‍රගීත් හා පියුමි හංසමාලි එකතු වී සිටින බවත් අපට දැනගන්නට ලැබෙනවා. ඒ පිළිබඳව ඇයගේ හොඳම මිතුරා වන චන්දිමාල් ජයසිංහ වීඩියෝ කෝල් එකක ඡායාරූපයක් සමඟ මෙලෙස සටහනක් සටහන් කරලා තිබුණා.

” මං කිව්ව ඇහුවෙ නෑනෙ. ඔය ළමයි දැන්වත් ගිහින් නිදා ගන්න. “

කොහොම නමුත් ඉතින් පියුමි සහ ප්‍රගීත්ගේ නැවත එකතු වීම පිළිබඳව රසිකයන් විදිහට අපි සතුටු වෙනවා. ඉතිං ඔවුන්ගේ සියලුම පැතුම් ඉටු වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.