Lifestyle

ජනප්‍රිය නිලි තාරුකා වන්නිආරච්චි හා හා පුරා කියලා පුංචි පුතත් එක්ක ගිය ඩුබායි සංචාරයේ ඡායාරූප පෙළ

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිහතමානී රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් මෙන්ම සුන්දර නිරූපණ ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය කාලයේ පුංචිම පුංචි හුරතල් පුතෙකු මෙලොවට බිහිකරමින් හා හා පුරා කියලා උතුම් මව් පදවිය ලැබූ පුවතත් දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා. කොහොම නමුත් රූප රාජිනියක ලෙසින් කිරුළු පැලඳ රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය උතුම් මවු පදවිය ලැබීමත් සමඟ කලාවෙන් කෙටි විවේකයක් ලබා ගත්තා. ඉතින් මේ වන විට සුරතල් සිඟිති පුතකුගේ මවක් වන තාරුකා නැවතත් කලා කටයුතුවලට පිවිසීමට සූදානම් වන බවත් පහුගිය දවසක ඇය පවසලා තිබුණා.

කොහොම නමුත් දැන් ඇයගේ පුංචි පුතාට අවුරුද්දකුත් වෙලා. ඉතින් ඒ වගේම තාරුකා කියලා කියන්නේ ගොඩක් ඇවිදින්න ආස කෙනෙක්. ලංකාවේ හරි පිට රටක හරි අපි නොදැක්ක දේවල් සෑහෙන්න තියනවා. ඒවා බලා ගන්න ඇය හරි ආසයිලු. පහුගිය කාලේ වැඩත් එක්ක ඇයට කොහෙවත් යන්න ලැබුණේ නැති නිසා පහුගිය දවසක මේ පුංචි පවුලේ තුන් දෙනාම ඩුබායි රටේ සංචාරයක ගිහින් තිබුණා. පාසල් කාලයේ සහ විවාහයට කලින් ඇය ඇවිදින්න ආස උනත් ඇයට ඒකට කාලයක් තිබිලා නැහැ. හැබැයි ඇය ඇයගේ මහත්තයාගෙන් විවාහයට පෙර ගත්ත පොරොන්දුවක් තමයි ඇයව ඇවිදින්න එක්කන් යන්න ඕනේ කියන එක. ඉතින් ඇය නොගිය තැන් ගොඩක් තියන නිසා. ඒවා බලන්න ආසයි කියලා එයාවත් කැමති කරවගෙන තමයි විවාහ වෙලා තියෙන්නේ.

ඉතින් ඒ වගේම ඇයගේ සැමියත් ඇවිදින්න ආස කෙනෙක්ලු. ඇවිදිනවා කියලා කියන්නේ එක අතකට ගත්තාම විනෝදාංශයක් වගේම ඒක කලාවක් කියලලු ඇය හිතන්නේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම එක්ක ඩුබායි ගිහින් ලබාගත්ත අපූරු සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ පුංචි ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.