Life Style

පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන. එයා මගේ ජීවිතේ බිමට ඇදලා දැම්මා හැබැයි මම නැගිට්ටා

රංගන ක්ෂේත්‍රය තුළ සහ නිරූපණ ක්ෂේත්‍රය තුළ සිටින කැපී පෙනෙන චරිතයක් තමයි උදාරි කෞශල්‍යා කියලා කියන්නේ. ටෙලිනාට්‍ය තුළ මෙන්ම බොහෝ music මියුසික් වීඩියෝ සදහාත් වෙළඳ දැන්වීම් සඳහාත් පෙනී සිටින ඇය පහුගිය දවස් වල දී නම් අපට වැඩිය දකින්නට ලැබුණේ නැහැ. ඉතිං ඔබ අප කවුරුත් දන්නවා ඇය මේ වන විට ඇය ඇගේ විවාහයෙන් වෙන් වී තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ. ඇය විවාහ වන්නේ ලංකාවේ සිටින ප්‍රසිද්ධම පවුලක් වන සුරන් සතරසිංහ පවුලේ එකම පුතා වන සංගීත් සතරසිංහ සමඟයි. ඉතාමත්ම උත්සවශ්‍රීයෙන් පැවැත්වූ එම විවාහය සඳහා කලා ක්ෂේත්‍රයේ සිටින බොහෝ කලාකරුවන් සහභාගි වී සිටි බව අපට දැකගන්නට ලැබුණා. ඉතාමත් ආදරණීය විදියට පවුල් ජීවිතය ගත කළත් ඔවුන්ගේ විවාහයට වැඩි ආයුෂ තිබුණේ නැහැ.

මේ වන විට සංගීත් සතරසිංහ දිනිති වල්ගමගේ සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බව කවුරුත් දන්නා රහසක්. ඔවුන් ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයේ නොපැවසූවත් ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව රසික රසිකාවන් හොඳාකාරවම දන්නවා. උදාරි කෞශල්‍යාත් මේ වන විට පෙම්වතියක් කියලා තමයි අපට දැනගන්නට ලැබෙන්නෙ. ඔහු රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් නොවන බවත් ව්‍යාපාරිකයෙක් බවත් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තුළදී ඇය පවසා සිටිනවා. ඉතින් ඇය ඇගේ පෙම පිළිබඳව එහිදී පවසා තිබුණේ මෙවැන්නක්.

” එයා මේ වෙද්දී අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යනවා. අපි ගොඩක් වෙලාවට දැම්ම විවාහ වෙන එකක් නෑ. අපි ගොඩක් ආදරෙන් ඉන්නවා. එයා මගේ වැඩවලට නීති දාන කෙනෙක් නෙවෙයි. මගේ දියුණුවට මම කරන හොඳ දේවල්වලට ඔහු උදව් කරනව. මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. විවාහයක් උනාම විශ්වාසය වගේම අවංක වෙන්න ඕන. නැත්තම් ඒක බිඳුන විවාහයක්. මිනිස්සු සැබෑ ජීවිතයේ පවුල පිටින් රඟපානවා වෙස්මුහුණු දාගෙන. ඇත්තම කියනවනම් මගේ විවාහයේ මට හොඳ රැකවරණයක් , හොඳ ආදරයක් ලැබුනේ නෑ. එයා මගේ ජීවිතේ බිමට ඇදලා දැම්මා. හැබැයි මම ඇදලා දාපු පාර ලොකු පිම්මක් අරන් නැගිට්ටා. ඒ වගේම දැන් මම මගේ අනාගත හදාගන්නවා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.