Life Style

‘හිනැහෙන්න මගෙ සඳ හැමදාම’ සුසන්තා චන්ද්‍රමාලි තම දියණිය වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

සුසන්තා චන්ද්‍රමාලි කියලා කියන්නේ රංගන ලොව තුල සිටින දක්ෂතම ප්‍රවීණ රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ අහිංසකාවිය විදිහට බොහෝ ටෙලි නාට්‍යය තුළ රංගන කටයුතු සඳහා සිය දායකත්වය ලබා දුන් ඇය බොහෝ සිනමාපට ඔස්සේත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. 1964 පෙබරවාරි මස 21 වන දින උපත ලැබූ ඇය රංගන ක්ෂේත්‍රය සඳහා පිවිසෙන්නේ 2000 වසරේ දී සෝමරත්න දිසානායකයන්ගේ සරෝජා චිත්‍රපටයේ සහය චරිතයක් ඔස්සේයි. ඉන්පසුව ජය පිට ජය , රන්කෙවිට , නිදහසේ පියා ආදි ජනතාව ඉතාමත් ම ආසාවෙන් වැළඳගත් සිනමා නිර්මාණ කීපයකම රංගන දායකත්වය ලබා දීමට ඇයට පුළුවන්කම ලැබුණා.

ඉතින් මේ වන විට නව යොවුන් වියෙහි පසුවන ආදරණීය දියණියකගේ මවක් වන ඇය සැබෑ ජීවිතය තුළත් ඉතාමත්ම නිහතමානී නිරහංකාර කාන්තාවක් වනවා. ඇයගේ දියණිය වන තිසුරි යුවනිකාත් කලා ලොව තුළට ප්‍රවිෂ්ට වී බොහෝ සිනමා නිර්මාණවලට සහ ටෙලි නාට්‍ය සඳහා සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒ දවස්වල අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන පිච්ච මල සුවඳයි ටෙලිනාට්‍ය තුළත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන්. ඉතින් මීට අවුරුදු කීපයකට පෙර ඇය විවාහ වූ අතර ඇය විවාහ වන්නේ ඉතාම කඩවසම් තරුණයෙක් සමගයි. පවුලේ එකම දියණිය නිසාම ඇයට මවගෙන් සහ පියාගෙන් ලැබෙන්නේ ඉතාමත් ම ලෙන්ගතු ආදරයක්.

ඉතින් පසුගිය කාල වකවානුව තුළ සුසන්තා චන්ද්‍රමාලි දරුණු රෝගයකින් පීඩා වින්ද බව ඔබ අප කවුරුත් දන්නවා. මේ වන විට සුව වෙමින් පවතින ඇයට ලොකුම ශක්තියක් වුණේ ඇගේ ආදරණීය දියණිය වන තිසුරි යුවනිකා යි. තමන්ගේ හිත පවතින සැබෑ මව් සෙනෙහස පෙන්නමින් ඇය සිය මව අසනීපව සිටි අවස්ථාවේදී ඉතාමත්ම ආදරයෙන් යුතුව රැක බලා ගත් ආකාරය සමාජ මාධ්‍ය තුළින් අප නිරන්තරවම දුටුවා. ඉතින් මෑතකදී සුසන්තා චන්ද්‍රමාලි තම ආදරණීය දියණියට ඉතාමත්ම ආදරණීය සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණ අතර එය කාගේත් අවධානයට ලක් වුණා. ඉතින් ඇය සටහන් කරලා තිබුණේ මේ වගේ දෙයක්.

” හිනැහෙන්න මගෙ සඳ හැමදාම එයයි මා පතන සැනසීම ජීවිතයේ හැමදාම “ ඉතින් ඉතාමත්ම ආදරණීය ඡායාරූපයක් සමඟ තමයි ඇය මෙම සටහන පළ කරල තිබුනෙ. ඉතින් කවුරුත් ආදරය කරන ඇයගේ සියලුම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.