Life Style

මම නොමැරුනත් ස්වේතගෙ තාත්තා. දුව සතුටින් ඉන්න අම්ම වගේ වෙන්නත් එපා – මධුමාධව අරවින්ද

මධුමාධව අරවින්ද කියලා කියන්නේ කලා ලොව තුල සිටින දක්ෂ කලාකරුවෙක්. ලඹ සවන් පත් වලින් ආදී සවනට ඉතාමත්ම මියුරු ගීතයන් රසික රසිකාවියන්ට දායාද කර දුන් ඔහු දේශපාලන වේදිකාවේත් ක්‍රියාකාරී සාමාජිකයෙක් වනව. ධනංජය සිරිවර්ධන කියන්නේ ඔහුගේ ආදරණීය සහෝදරයා. ඉතින් ඔහුත් කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා මධුමාධව අරවින්ද පළමු වරට විවාහ වන්නේ අප කවුරුත් හඳුනන ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමගයි.

ඉතාම ආදරණීය විවාහ ජීවිතයක් ඔවුන් ගත කළ අතර ඔවුන් දෙපළට ස්වේතා නමින් ආදරණීය දියණියක් ද සිටිනවා. නමුත් ඉතින් ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ ඇති වූ යම් යම් මත භේදාත්මක ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ම එම විවාහයෙන් සමු දීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. ඉන්පසුව මධුමාධව අරවින්ද දෙවන වරට විවාහ වන අතර එම විවාහයටත් සමු දුන් ඔහු තුන්වැනි වරටත් යුවතියක් සමග විවාහ දිවියට එළඹෙනවා. කොහොම නමුත් දැන්නම් මධුමාධව ඉතාම සතුටින් සහ සැහැල්ලුවෙන් තමයි කාලය ගත කරන්නේ. ඔහු තම බිරිඳට ආදරේට කතා කරන්නේ සීනි බනිස් කියන නමින්.

ඉතින් පසුගිය දිනකදී මධුමාධව අරවින්දගේ ආදරණීය දියණිය වන ස්වේතාගේ ජන්ම දිනය යෙදී තිබුණා. ඉතින් එයට ආදරණීය සුබ පැතුමක් එක් කිරීමට මධුමාධව අමතක කරලා තිබුණෙ නැහැ. ඔහු සිය මුහු ණු පොතේ සටහන් කරලා තිබුණේ මේ වගේ දෙයක්.

” සුබ උපන් දිනයක් , ස්වේතා …. මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න…. මා මිය ගියත් මේ දෙරනත අසම සම ප්‍රේමය නුබ දුවේ මගෙ දූ නුබ එකම රැක ගන් අම්මවත්, ඈ අම්මා හොදම මිය ගිය තාත්තෙක්ගෙන් මේ සුබ පැතුම අම්ම වගේ වෙන්නත් එපා… තාත්ත වගේ වෙන්නත් එපා… ඔයා වගේ වෙන්න.. ස්වේත වගේ ඉන්න… ස්වේතගෙ අස්සෙ ඒ දෙන්නම ඇති. දෙමව්පියන් වෙන් උනාම මිය යන්නේ දරුවො නෙවෙයි….. අපි….. එහෙම වෙනවා ලෝකෙ…. එකට ඉන්න බැරිනම්… අපහාස අවලාද කර කර ලෝකෙට හොදා වෙන් නැතිව… මිනි මරා ගන් නැතිව.,වැදල සමුගන්න ඕනෙ.. ඒක සමු ගැනීමක්, වගේම් ආදරනීය මරනයක්. මේ එහෙම මිය ගිය ආදරනීය තාත්තෙග්ගෙ සුබ පැතුමක්…… මම නොමැරුනත්…. ස්වේතගෙ තාත්තා ….. මැරුවා හෝ මිය ගියා. ලෝකේ හිටිය හොදම අම්මා ලෝකෙ ඉන්න හොදම දූ…… සන්තෝසෙන් ඉන්න.. බොහෝ කල් ජීවත් වෙන්න.. මම මදු මාදව අරවින්ද. “ ඉතින් ආදරණීය ස්වේතාට අපිත් සුභම සුභ උපන්දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.