Life Style

සමිතා මගේ ඇඟට පැනපු පාර ඇඳ කඩාගෙන බිමට වැටුනා – ජානකී විජේරත්න

සමිතා මුදුන්කොටුව කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පිනියක්.ඇය ගායනයට පමණක් නොව රංගනය සඳහා ද සිය දස්කම් පුංචි තිරය ඔස්සේ දක්වලා තියෙනවා.ඇය ගායනා කරන ලද සියලුම ගීතයන් පාහේ අතිශය ජනතා ආකර්ශනයට ලක් වන්නේ ඇගේ වූ මියුරු කටහඬ නිසාමයි.ඇයගේ පළමු විවාහය සිදුවන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ සංගීතඥයකු වූ අතුල අදිකාරි සමඟයි.ඉතින් මොවුන්ගේ විවාහය සඳහා වැඩි කලක් ආයුෂ නොතිබුණත් මොව්න්ගේ ආදරයේ සංකේතයක් ලෙස ආදරණීය දරුවන් දෙදෙනෙක් සිටිනවා.කාවින්දයා අධිකාරි කියන්නේ ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් දියණිය.ඇය ද සංගීත ක්ෂේත්‍රය ඔස්සේ දෙමවුපියන්ගේ අඩිපාරේ යමින් මහත් වූ මෙහෙවරක් ඉටුකරනවා.

මේ වන විට සිය විවාහයෙන් ඈත් වී සිටින මොවුන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතවලට ගැලපෙනම සහකරුවන් සහ සහකාරිනියන් තෝරා ගෙන සිය පවුල් ජීවිත ගත කරනවා.සමිතා මුදුන්කොටුවගේ විවාහය පිළිබඳව සමාජය අතර යම් යම් මතභේදාත්මක කතාබහකට ලක් වූයේ ඇය විවාහ වී සිටින තරුණයා ඇයට වඩා වයසින් ගොඩක් බාල බැවිනි.කෙසේ නමුත් ඔවුන්ගේ ආදරයට උදව් උපකාර කළ එක් තැනැත්තියක් සිටිනවා.ඒ වෙන කවුරුත් නොව සමිතාගේ හොඳම යෙහෙළිය වූ ජානකී විජේරත්නයි.

ජානකී විජේරත්න කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් වගේම නිෂ්පාදකවරියක් ද වනවා.ඇය මේ වන විට රඟ දක්වා ඇත්තේ ටෙලි නාට්‍ය දෙකක පමණක් වුවත් ඇය ටෙලි නාට්‍ය 7ක් සදහා නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා.ඇය රංගනයෙන් දායක වූ සිනමා පට අතර අසනි වර්ෂා,චැලෙන්ජර්ස්,පාර්ලිමන්ට් ජෝක්ස් සුවිශේෂ වෙනවා.

ඉතින් ජානකී විජේරත්න ඇයගේ හොඳම යෙහෙළිය වූ සමිතා මුදුන්කොටුව පිළිබඳව දරන්නෙ මේ වගේ අදහසක්. “ඇත්තටම සමිතා කියන්නේ හරිම හිත ශක්තිමත් ගැහැනියක්.ඉතින් දරුවන් දෙදෙනා සමග සමාජයේ තනි වූ කාන්තාවක් විදිහට මට ඇය ගැන තිබුණෙ ලොකු දුකක්.ඒ නිසාම තමයි සමිතා ගොඩක් ආදරේ කරපු චිරන්ත හා තිබුණු ප්‍රේම සම්බන්ධයට මම දෙපාරක් නොහිතා උදව් කළේ.ආදරයට වයස කියන්නේ ඉලක්කමක් විතරයි.

මට සමිතත් එක්ක හරිම සුන්දර අත්දැකීම් තියනවා ඒ කාලෙ.දවසක් මම කටානේ රූගත කිරීමක් කරලා ඇවිත් මහන්සි නිසා ඇදේ පොඩ්ඩක් හාන්සිවෙලා හිටිය.සමිතගේ තියෙන එක්තරා පුරුද්දක් තමයි එක පාරටම ඇඟට කඩාගෙන පනින එක.ඉතිං එදා එයා මම නිදාගෙන ඉද්දි එකපාරටම ඇඟට පැන්නා.ඒ පැනපු පාර ඇදත් කැඩිලා අපි දෙන්නම බිම වැටුනා.ඒ කාලෙ හරි සුන්දරයි” කියලා තමයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.ඉතින් යාලුවෝ කියන්නේ එහෙම තමයි.දුකේදිත් සැපේදිත් නොවෙනස් යාලුවෙක් ඉන්නව කියන්නෙ ජීවිතයට ලොකු ආශිර්වාදයක්.ඉතින් ඔවුන්ගේ මිතුදම එලෙසින්ම හැමදාම පවතීවා කියලා හදවතින්ම සුබ පතනවා.