Life Style

මම පුතාගේ කකුල් අත් මූණ මොකුත් හැදුවෙ නෑ. ඉපදුන විදියටම තමයි ඔය ඉන්නේ – රිද්මා පිලපිටිය

රිද්මා පිලපිටිය කියලා කියන්නේ මේ වෙනකොට සමාජය තුළ නොදන්න චරිතයක් නම් නෙවෙයි. සමාජයේ සිටින කොයි කාගේත් ආදරය සහ ආකර්ෂණය නිරන්තරයෙන්ම දිනා ගන්නා ඇය ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ වෙනවා. ඉතින් ඉතාමත්ම නිහතමානි ගති පැවතුම් වලින් සන්නද්ධ ඇය රිද්මා පිලපිටිය නමින් ඇයගේම youtube channel එකකුත් පවත්වාගෙන යනවා. ඉතින් එහිදී ඇය ඇයගේ ගෙවතු වගාවන් පිළිබඳ වත් ආහාර වර්ග සකසා ගැනීම පිළිබඳවත් ඇයගේ පවුලේ උදවියත් සමඟ යන විනෝද චාරිකාවන් පිළිබඳවත් රසිකයන් සමඟ බෙදා හදා ගන්නවා. ඉතින් ඇගේ එම චැනල් එකට බොහෝ රසික රසිකාවියන් පිරිසක් එක් වී සිටින අතරම ඉතාමත්ම ධනාත්මක ප්‍රතිචාරත් ඇයට ඒ සඳහා හිමිවෙනවා.

රිද්මා පිලපිටිය කියලා කියන්නේ රොෂාන්ගේ දෙවන බිරිඳ. රොෂාන් පිලපිටිය පළමු වරට විවාහ වන්නේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමඟයි. ඒත් ඉතින් ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක ගැටළු නිසාවෙන් එම විවාහයෙන් සමු ගැනීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. චතුරිකා පිරිස් ගයාන් වික්‍රමතිලක සමඟ යුගදිවියට එළඹෙන අතර රොෂාන් පිලපිටිය රිද්මා සමඟ යුගදිවියට එළඹෙනවා.

ඉතින් මේ වන විට ඉතාමත්ම සැහැල්ලු ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන රොෂාන් සහ රිද්මාට රාහුල් නමින් සිඟිති පුතෙක් සිටිනවා. කුඩා කාලයේ සිටම ඉතාමත්ම ගුණගරුක වැදගත් පරිසරයක් යටතේ හැදෙන වැඩෙන ඔහුට මුළු මහත් ශ්‍රී ලාංකික රසික ජනතාවම ආදරය කරන බව නම් නොරහසක්. ඉතින් පසුගිය දිනකදී රිද්මා එක්කරා යූටියුබ් වැඩසටහනකට සහභාගි වුණා. ඉතින් එහිදී ඇය තම මව් පදවියත් සමඟ වැඩ කටයුතු කර ගත් ආකාරය පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියට.

” මමයි රොෂාන් අයියයි කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැතුව නින්දක් නැතුව තමයි රාහුල් පුතාව හදා වඩා ගත්තේ. වෙන අයට නම් අම්මලා හරි නෑදෑයෝ හරි ඉන්නවනේ එයාලගේ උදව්වට. ඒ දවස් වල රොෂාන් අයියා මට බබා ලැබෙනකම්ම එක දිගට වැඩ කරලා ඊට පස්සේ මාසයක් විතර වැඩ කරන්නැතුව මට බබාගේ වැඩ වලට උදව් වුණා. මට එහෙම ලොකු තේරුමක් නෑ. මම පුතාගේ කකුල්, අත්, මූණ මොකුත් හැදුවෙ නෑ. ඒ ඉපදුන විදියටම තමයි ඔය ඉන්නේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය පවුලේ සියළුම වැඩකටයුතු ඔවුන් සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.