Life Style

වෝටර් බෑග් එක කැඩිලා රෑ 2.30ට ගියේ. බබා මගේ උඩට ගිහින් තිබුණා. ඒ නිසා මට සීසර් කරන්න වුණා – නදිනි පේමදාස

සිරස සුපර්ස්ටාර් ගායන රියැලිටි වේදිකාවෙන් කලා ලොවට පෑයූ ගායන තාරකාවියක් කමයි නදිනි ප්‍රේමදාස කියලා කියන්නෙ. ඇයගේම ගීත නිර්මාණ බොහොමයක් ඔස්සේ රසික ආකර්ෂණය නිරන්තරයෙන්ම දිනාගත් ඇය මේ වන විට ඉතාමත්ම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය බිරිඳක් වගේම මවක් වෙනවා. ඉතින් පහුගිය දවස්වල ඇය මව් පදවිය ලැබීමත් සමඟ ඇගේ ශරීර බර ඉතාමත්ම වේගයෙන් වැඩි වුණා. ඇය කියන විදිහට ඇයට බබා ලැබෙද්දී ඇයගේ බර කිලෝ 90ක් ලු. ඉතින් එහෙම තිබුණු බර අඩු කර ගත් විදිහ ගැන ඇය කිව්වෙ මේ විදිහට.

” මගේ බර තිබුණේ 65යි. අන්තිමට මට මතකයි ඩොක්ටර් කිව්වා, පුතේ මහත් වෙන්න එපා, මං දන් නෑ ඔයා කොහොම බස්සගන්නද කියලා. හැබැයි ඩිලිවරි එකෙන් පස්සෙ මම හිතුවා කොහොම හරි මේක අඩුකරගන්නවා කියලා. මහත් වෙලා හිටියම මට හරිම uncomfortable මම හිමින් හිමින් කෑම පාලනය කරලා තමයි 65ට ආවෙ. මම බඳින්න කලින් හිටියටත් වඩා කෙට්ටු වුණා. “

ඒ වගේම ඇය එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී මව් පදවියේදී තමාට මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පිළිබඳව කිව්වේ මේ විදියට.

” මගේ බබා normal ඩිලිවර් කරන්න තමයි හිටියේ. ඇත්තටම මට බබා ලැබුණේ උදේ අටයි ගාණකට. මොකද ඒ වෙලාවේ වෝටර් බෑග් එක කැඩිලා තමයි රෑ 2.30ට ගියේ. හරිම අමාරුවෙන් මම හිටියේ. බබා මගේ උඩට ගිහින් තිබුණා. ඒකෙන් මට සීසර් කරන්න වුණා. මම සීසර් කරනවා කිව්වම බයවුණා. මම නෝමල් ඩිලිවරි එකකට හිතහදාගෙන ගිහිල්ලා. අන්තිම මොහොතේදී මෙහෙම වුණේ. මම ඇත්තටම ඒ වෙලාවේ බයවුණා. මට ඇඬුණත් එක්ක. දෙවැනි එක්කෙනා නම් සීසර් කරන්න වුණා. ඒක වෙනස්ම දෙයක් වුණා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය ගායන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.