Life Style

දැන් ඉතින් මම ආයේ ටිකක් මහත් වෙලා. ඇවිදින්න කරන්න ටිකක් අමාරුයි – නෙහාරා පීරිස්

නෙහාරා පිරිස් කියලා කියන්නේ පුංචි තිරය තුල සිටින දඟකාර කටකාර සුරූපී යුවතියක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය තුළින් කරලියට පැමිණි ඇය ඉන්පසු ටෙලි නිර්මාණ කිහිපයකටම සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඉතින් මේ වන විට මෙයිලි නමින් හඳුන්වන සුරතල් දියණියකගේ මවක් වන ඇය ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් තමයි ගත කරන්නේ. පළමු විවාහයෙන් වෙන් වෙන ඇය දෙවැනි වරට විවාහ වන්නේ කවුරුත් ආදරය කරන කඩවසම් රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමඟයි. මේනක රාජපක්ෂ නෙහාරාව විවාහ කර ගන්නේත් දෙවැනි විවාහය ලෙසින් වීම විශේෂත්වයක්.

කොහොම නමුත් මේ වන විට ඔවුන්ට ආ සියලුම ගැටලු නිරාකරණය කරගනිමින් ඉතාම විනෝදකාමී සැහැල්ලු ජීවිතයක් ගත කරන ඔවුන් මේ දවස් වල තවත් පුංචි අමුත්තෙක් එනකන් තමයි ඇඟිලි ගනිමින් මග බලාගෙන සිටින්නේ. ඒ ඇය දෙවන වරටත් මව් පදවිය ලැබීමට සූදානමින් සිටි නිසයි. ඉතින් තමන්ගේ දෙවැනි මව් පදවිය ගැන නෙහාරා පීරිස් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූයේ මේ විදිහට.

” ඇත්තටම ඒක හරිම සුන්දර හැඟීමක්. මමයි මේනකයි ප්ලෑන් කරලම තමයි දෙවැනි වරටත් දරුවෙක් හදමු කියලා සූදානම් වුණේ. දැන් ඉතින් මම ආයේ ටිකක් මහත් වෙලා. ඇවිදින්න කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම මගෙ මල්ලියි, මල්ලිගෙ වයිෆුයි , බබයි නිවාඩුවකට ලංකාවට ඇවිත් සිටිනවා. එයාලා එක්ක Party දානවා. Trip යනවා. ඒ නිසා මේ දිනවල නම් ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. “

ඒ වගේම තමයි මේ වන විට මුළු මුලු ලංකාවටම බලපා ඇති දැඩි ආර්ථික අර්බුදය පිළිබඳව ඇය අදහස් දක්වල තිබුන මේ විදිහට.

” අර්බුදය නම් හැම ක්‍ෂේත්‍රයකටම එක ලෙස බලපා තිබෙනවා. මම pregnant නිසා ගොඩක්ම රැඳුණෙ නිවෙසෙයි. නමුත් මට ඇහෙන දේවල් දකින දේවල් එක්ක මේනක මට කියන දේවල් එක්ක කලාවට ගොඩක්ම අර්බුදයෙන් පීඩා සිදු වී තිබෙනවා. සෑම දෙයකම මිල ඉහළ ගිහින්. ඉස්සර දවසකට යන වියදමයි දැන් දවසට යන වියදමයි දෙගුණයකින් වැඩි වෙලා. නමුත් ඒ වියදම වැඩි වුණාට අපේ මාසික වැටුප වැඩි වෙලා නෑ. “

ඉතින් කවුරුත් ආදරය කරන ඔවුන්ගේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.