Life Style

අපි දෙන්නා විවාහ වුණේ ලිවින්ටුගෙදර් ඉදලා. මං ගෙදර ආපු ගමන් යට ඇඳුම පිටින් තමයි ඇතුලට යන්නේ – භානුක

භානුක රාජපක්ෂ කියල කියන්නේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක්වන ක්‍රිකට් තරුවක්. ඉතාමත්ම දක්ෂ පිතිකරුවෙක් වන ඔහු ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය නිරන්තරව ම දිනා ගනිමින් සිටිනවා. ඒ වගේම තමයි ඔහු මේ වන විට බොහෝ තරුණියන්ගේ ක්‍රෂ් එකක් වෙලත් අවසානයි. ඉන්දියානු සම්ප්‍රදායට හුරු ද්‍රවිඩ නළුවෙක් ගේ පෙනුමක් ඇති ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ දී පමණක් නොව සැබෑ ජීවිතයේදීත් ඉතාමත්ම නිරහංකාර නිහතමානී තරුණයෙක්.

පහුගිය දවස් වල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග ඔවුන්ට බොහෝ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් වලට ආරාධනා ලැබුණා. ඉතින් එම වැඩසටහනකට ආ එක් අවස්ථාවකදී ඔහු ඔහුගේ ජීවිතයේ කවුරුත් නොදන්නා පෞද්ගලික තොරතුරු බොහොමයක් රසික රසිකාවියන් සමග බෙදා හදා ගන්නටත් අමතක කරන්නේ නැහැ. ඔහු කියන විදිහට ඔහුගේ නිවසේ ඔහු බලු සුරතලුන් 8 දෙනෙක් පෝෂණය කරනවා. සත්තුන්ට ඉතාමත්ම ආදරණීය විදිහට විදියට සලකන ඔහු ක්‍රිකට් පුහුණුවීම් වලට සහ තරගාවලීන් වලට ගොස් ගෙදර එන විට තම සුරතලුන් නිසා විඳීමට සිදුවන අපූරු අකරතැබ්බයක් ගැන මෙලෙස පවසනවා.

” මම ගෙදර ආපු ගමන් කරන්නේ ඉස්සරලාම ඇදුම් ඔක්කොම ගලවනවා. Underwear එක ඇදගෙන තමයි ඇතුලට යන්නේ. නැත්නම් බෑ මොකද ඇඳුම් ඔක්කොම ජරා කරනවා. කොහේ හරි ගිහින් ගොඩක් වෙලා වෙලාවකට පස්සෙ ආවහම එහෙම වෙනවා. නැත්නම් බල්ලො ටික මුළු ඇගම, සපත්තු කලිසං ඔක්කොම ජරා කරනවා. “

ඒ වගේම තමයි ඔහු සහ බිරිඳ පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ විදියට.

” මමයි මගෙ බිරිදයි විවාහ වුණේ living together ඉදලා. ඒක අපේ අම්මලාට ප්‍රශ්නයක් වුණේ නෑ. අපි දෙන්න හිතුවා කසාද බැදලා ඩිවෝස් වෙනවට වඩා එකට ඉදලා බලලා විවාහ වෙන්න. ඉතින් අපේ lane එකේ හැමෝම වගේ එහෙමයි. ඒ නිසා අපේ අසල්වැසියන්ට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. “

ඉතිං මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය ක්‍රිකට් තරුවගේ සියලුම ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.