Life Style

මං එකවර දෙන්නෙක්ට ආදරේ කරලා තියෙනවා. ලිවින්ටුගෙදර් concept එක හොඳයි – කාවින්ද්‍යා

සංගීත ලොව තුල සිටින ඉතාමත්ම ජනප්‍රිය දක්ෂ නව පරපුරේ ගායන ශිල්පිනියක් තමයි කාවින්දයා අධිකාරි කියලා කියන්නේ. ප්‍රවීණ ගායන ශිල්පී අතුල අධිකාරිගේ සහ ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මිය ගේ වැඩිමහල් දියණිය වන ඇය ඇයගේම ගීත නිර්මාණ කිහිපයක්ම මේ වන වනවිට එළිදක්වා අවසන්. ඒ වගේම තමයි ඇය ගායනයට අමතරව රංගන කටයුතු සඳහා ත් දස්කම් දක්වනවා. පහුගිය කාල වකවානු තුළ අතිශය ජනප්‍රිය වෙමින් සිනමාහල් තුළ විකාශය වූ ඝරසරප සිනමා පටයේ ප්‍රධාන චරිතය සඳහා රඟ දැක්වීමට තරම් ඇය වාසනාවන්ත උනේ ඇයගේ තාත්වික රංගන හැකියාව නිසාමයි.

කාවින්දයා අධිකාරි ට ෂේන් නමින් ආදරණීය සහෝදරයෙක් සිටිනවා. ඉතින් ඇය ඔහුට ඉතාමත්ම ආදරය කරන අතරම ඔවුන්ගේ videos photos නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ පල කරනවා අපට දැක බලා ගන්නට පුළුවන්. ඔවුන් පිළිබඳව සමාජය විසින් මොන තරම් කටකතා පල කලත් ඒ කිසිදු දෙයක් ගැන තැකීමක් නොකරන කාවින්දයා අධිකාරි පසුගියදා ගයාන් ගුණවර්ධන එක් වූ ගයාන් ගුණවර්ධනගේ youtube channel එක ඔස්සේ රසිකයා නොදත් බොහෝ දෑ පිළිබඳව පවසා සිටියා. ඉතින් එහිදී ඔහු ඇයගෙන් අහනව ඇයට වැදිච්ච නරකම කටකතාව මොකක්ද කියලා. ඉතින් ඒකට ඈ පිළිතුරු දුන්නේ මේ විදියට.

” කියන්න බැරි ඒවා තියෙනවා. අපි ක්ෂේත්‍රය ඉන්න අය විදිහට ඒ අපිට හැදෙන දේවල්නෙ. අපි කසාද බැඳලා ළමයි හදලා මැරෙනකම්ම කතා හදයි. හැබැයි මම වැටෙන්නේ නෑ. මං ඒ දේවල් ගොඩක් ඉගෙන ගත්තෙ මගේ අම්මගෙන්. ඇයත් කේෂ්ත්‍රයට ආපු මුල් කාලෙදි කටකතා හැදුණා. “

ඒ වගේම ඉන් පසුව ගයාන් ඇගෙන් අහනවා විවාහ ජීවිතයද living together සංකල්පය ද වඩාත් සුදුසු කියලා. ඉතින් ඒකට ඇය පිළිතුරු දුන්නේ මේ විදියට.

” ඒ දේට එක එක්කෙනා එක එක මත වල ඉදී. ඒත් මං පෞද්ගලිකව හිතනවා ලිවින් ටුගෙදර් concept එක හොඳයි කියලා. ෆෑන් කෙනෙක් එක්ක මට කවදාවත් සම්බන්ධයක් තිබිලා නැහැ. මට ඉක්මනට කේන්ති යනවා. හැබැයි නිවෙනවා. “

ඒ වගේම තමයි ඔහු ඇයගෙන් අහනවා එකවර දෙදෙනෙක්ට ආදරේ කරලා තියනවාද කියලා. ඉතින් එයට ඇය පිළිතුරු දෙන්නේ ඔව් කියලා. ඉතින් මේ විදියට අදහස් දක්වන මේ ආදරණීය ගායන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.