Life Style

පියුමි හංසමාලිගෙන් චන්දිමාල්ට නැවත වරක් ලක්ෂ ගණනක් වටිනා තෑග්ගක් මෙන්න ඇත්තම යාළුවො

පියුමි හන්සමාලි සහ චන්දිමාල් ජයසිංහ කියල කියන්නේ මේ දවස් වල වැඩි දෙනෙක් අතර කතා බහට ලක්වන චරිතයක් දෙකක්. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා ඔවුන් දෙදෙනා හොඳම මිතුරන් ලෙස එකිනෙකාට උදව් කර ගනිමින් දුකේදිත් සැපේදිත් පිහිට වෙමින් හරිම ආදරණීය විදිහට ජීවිතය ගතකරන බව. චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෙක් වන අතර ශ්‍රී ලාංකික රූ රැජින තේරීම සඳහා වූ තරගයේ මූලිකවම කටයුතු සංවිධානය කරන අයෙක් ද වනවා. ඒ වගේම තමයි ඔහු ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත ව සිටින්නේ තමන්ට යෙදෙන විශේෂ අවස්ථාවන් වලදී රාජකීය උත්සව සංවිධානය කරන පුද්ගලයෙක් විදිහට. ඒ විතරක් නෙවෙයි ඔහු බොහෝ දාන මාන කටයුතු වලටත් සිය දායකත්වය ලබා දෙනවා.

පියුමි හන්සමාලි කියලා කියන්නෙත් නිරූපණ ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම තමයි ඈව අපට බොහෝ වෙළෙඳ දැන්වීම් තුළත් music videos තුළත් දැක බලා ගැනීමට පුළුවන්කම ලැබුණා. මේ දවස් වල දී ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒ ඇයගේ නව පෙම්වතා සමග ඇය ගෙවන ජීවිතය ගැන විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු කරන නිසයි. ඒත් ඉතිං ශ්‍රී ලාංකික බොහෝ රසික රසිකාවියන් ඇයට ඉතාමත්ම ආදරය කරනවා. ඒ ඇයගේ දුකේදී උණුවන උතුම් හදවත නිසයි. ඉතින් පසුගිය කාල වකවානුව තුළදී පියුමි හන්සමාලි තම හොඳම මිතුරා වන චන්දිමාල්ට ලක්ෂ පහළොවක් වටිනා රන් අත් පළඳනාවක් තෑග්ගක් විදිහට දුන්නා ඔබට මතක ඇති. ඉතින් නැවතත් පසුගිය දිනකදී ඇය ඔහුට ලක්ෂ ගානක් වටිනා ෆෝන් එකක් තෑගි දීල තියෙනවා. ඉතින් ඒ ගැන චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන්නටත් අමතක කරලා තිබුණේ නැහැ.

” Received 1st unit in Sri Lanka -iPhone 14 Pro max Thax for the gift my best T Piumi Hansamali

මගෙ හොදම යාලුවා එයාත් ගත්තා අලුත් 14 pro max එක ඉතිං එයා මටත් අරං දුන්නා එහෙම තමයි හොදම යාලුවො උනාම thank you so much Piumi ඔයාට තව තවත් වැඩි යැඩියෙන් ලැබෙන්න ඔනෙ ඇත්තටම මට ජිවිතෙ හමු උන ලස්සනම හදවත ” ඉතින් හැමදාමත් මේ අපූරු මිතුදම ඔවුන් දෙදෙනා අතර පවතීවා කියලා රසිකයන් විදිහට අපි ප්‍රාර්ථනා කරනවා.