Life Style

තාත්තා අසනීප වෙලා ඉද්දි මමයි මල්ලියි නොනිදා මාරුවෙන් මාරුවට පිරිත් කිව්වා – ගීතිකා රාජපක්ෂ

ගීතිකා රාජපක්ෂ කියල කියන්නෙ මේ දවස් වල කා අතරත් ඉතාම ජනප්‍රිය චරිතයක්. පහුගිය දවස් වල අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්වාධීන රූපවාහිනී රූපවාහිනි නාලිකාවේ විකාශය වු මීනු ටෙලිනාට්‍යයේ අසේකාගේ යෙහෙළිය විදිහට රංගනයෙන් දායක වූ ඇයට බොහෝ දෙනෙක් ආදරේ ආදරය කරන්නට පටන් ගත්තා. ඉතාමත්ම සුරූපී රුවකට හිමිකම් කියන ඇය සැබෑ ජීවිතයේදීත් ඉතාමත්ම නිහතමානි යුවතියක් වනවා.

පාසල් අධ්‍යාපනය හොඳින් නිමාකර සරසවි වරම් ලබා ගන්නා ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යා අංශයෙන් විද්‍යා වේදී උපාධිය ලබා ගන්නට සමත් වෙනවා. ඇය කියන විදියට ඇය සරසවියෙ සිටින කාලේ ඉදංම නිරූපණ ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙලා තියෙනවා. එක් වරක් ඇය සරසවියේ තිබූ එක්තරා විලාසිතා වැඩසටහනකට සහභාගි වීමෙන් පසුව රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට ආරාධනා ලැබෙනවා. ඉන්පසුව මියුසික් වීඩියෝ එකකට පෙනී සිටින ඇය ඒ ඔස්සේ සිහින කිරිල්ලිය කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායකවීමට වාසනාවන්ත වෙනවා.

ඇය පවසන විදියට ඇය රංගනයට පමණක් නොව නර්තනයටත් එක සේ දක්ෂතා දක්වනවා. ඉතිං ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය දිගටම මේ ක්ෂේත්‍රය රැඳෙනවා ද නැද්ද යන්න ඇසූ පැනයකට පිළිතුරු දුන්නේ මේ විදියට.

” අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. නවක නිළියක ලෙස රසික මතකයේ රැඳෙන තරමේ හොඳ චරිත කිරීම අරමුණයි. දක්ෂතාවය අනුව ක්ෂේත‍්‍රයේ රැඳෙන්න පුළුවනි. ඒ නිසා රඟපෑමේ විෂයට උපරිම කැපකිරීමක් කරනවා. “

ඒ වගේම පසුගිය දිනක දී ඇයගේ ජීවිතයේ එක්තරා කනගාටුදායක සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුණා. තමයි ඇයගේ පියා හදිසියේම අසනීප වී සති දෙකක් රෝහල් ගත කිරීමට සිදු වීම. ඉතින් ඒ අත්දැකීම ගැන ඇය පැවසුවේ මේ විදියට.

” අපේ තාත්තා සති 2ක් ඉස්පිරිතාලෙ නැවතිලා හිටියා අසනීප වෙලා. මම හැම වැඩසටහනක්ම ටෙලිනාට්‍යය හැම දේම අතහැරලා තාත්තා එක්කම හිටියා. සති දෙක පුරාවටම මමයි මල්ලියි තාත්තා එක්කමයි හිටියේ. ඒ නිසාම අපිට තාත්තව ගොඩ දාගන්න පුලුවන් වුණා. අපි නිතරම පිරිත්දාලා හිටියේ. මමයි මල්ලියි ඇහැ පියා ගන්නැතුව මාරුවෙන් මාරුවට පිරිත් කිව්වා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.