Life Style

රමණය කරනවා කියන එකත් හරියට දවල් කෑම කනවා වගේ. අපි සිනමාව කරන්නේ වැඩිහිටියන්ට – දසුන් පතිරණ

දසුන් පතිරණ කියලා කියන්නේ ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙක්. සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණ සදහා සහ ටෙලි නාට්‍ය නිර්මාණ සඳහා වැඩි වශයෙන් සිය රංගන දායකත්වය ලබා දෙන වූ සැබවින්ම තාත්වික ගනයේ රංගනයක යෙදෙන අපූර්ව රංගන පෞරුෂයක්. පහුගිය දවස් වල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ගිරිදේවි කියන ටෙලි නාට්‍යයේ සඳුන් කියන චරිතයට පණ පෙවූ ඔහු ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම තමයි සයපෙති කුසුම , හුස්ම , දැවෙන විහඟුන් ආදී වැඩිහිටියන්ට පමණයි ගණයේ සිනමා නිර්මාණයන් තුළ ආන්දෝලනාත්මක චරිත නිරූපණයක යෙදුණු ඔහු, එය ඔහුට බලපෑ අන්දම පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටිය මේ විදියට.

” ඒ ප්‍රේක්ෂකයා අපේ රංගනයන් අර්ථකථනය කරන විධිය. බොහෝ දෙනා මම හුස්ම චිත්‍රපටය වෙනුවෙන් කළ රංගන දායකත්වය බලලා ඒ රංගන ශිල්පිනිය සමඟ මම යහන්ගත වූවාද කියා පවා ඇහුවා. යම් රංගන ශිල්පිනියක් සමඟ එවන් දර්ශනයක රඟපෑවා කියා අපිට ඇති වන්නේ ඇය පිළිබඳව ගෞරවයක් මිසක වැරදි වැටහීමක් නෙමෙයි. ඒක රංගනයක් පමණයි. ප්‍රේක්ෂකයා කියන මේ දේවල් බොහෝමයක් අපිට සාමාන්‍යයි. රමණය කරනවා කියන එකත් හරියට දවල් කෑම කනවා වගේ වැඩක්. “

” රමණය කියන්නේ මිනිස්සුන්ගෙ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්. ලංකාවේ මිනිස්සුන්ට මේ ගැන තිබෙන්නේ ලොකු ඇරියස් එකක්. මේ නිකන් උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක්. අපි කරන්නේ ළමා චිත්‍රපට නෙමෙයි. අපි සිනමාව කරන්නේ වැඩිහිටියන්ට. අනික මෙවැනි දේවල් තේරුම් ගන්න පුළුවන් පිරිසකට. මිනිස්සු මට සයපෙති කුසුම රඟපාන්න එපා කියපු අවස්ථා පවා තිබුණා. එක විධියකට කොටු වෙලා රඟපාන්න මම ෂාරුක් ඛාන් නෙමෙයිනේ. යූත් එකට මේවා ගැන ඇරියස් නැහැ. මේ හැම ප්‍රශ්නයක්ම තිබෙන්නෙ යල්පැනගිය ලෝකයේ මිනිස්සුන්ට “

ඉතිං මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලුම රංගන වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.