Life Style

ලක්ෂ 15ක් 20ක් ලැබුනෙ නෑ. ඕනෙ නම් ලක්ෂ 7ක් 8ක් ලැබෙන්න ඇති කටෙන් සියල්ල පිටවේ

රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියලා කියන්නේ. ඉතාමත්ම තාත්වික රංගන පෞරුෂය ඔස්සේ කාගේත් සිත් දිනා ගැනීමට සමත් වී සිටින ඇය බොහෝ ටෙලි නිර්මාණ සඳහා මෙන්ම සිනමා නිර්මාණයන් සඳහා ද සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි බොහෝ වේදිකා නාට්‍ය තුළත් ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. ඉතින් මේ වන විට දමිතා කියලා කියන්නේ ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය බිරිඳක්. ඇයගේ ආදරණීය සැමියාගේ පූර්ණ සහයෝගය ඇතිව රංගන කටයුතු මෙන්ම ගෙදර දොරේ වැඩ කටයුතු ද සිදු කරන ඇය ඉතාම සතුටෙන් තමයි කාලය ගත කරන්නේ.

ඉතින් ඔබට මතක ඇති පහුගිය කාල වකවානුවේ දමිතා අබේරත්න ගාලු මුවදර පිටියේ පැවති ජන අරගලය සඳහා පූර්ණ සහයෝගය ලබාදුන් බව. ඉතිං ඒ නිසාම ඇයට බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ අතරම සිපිරි ගෙයි දින ගණනාවක් ගත කිරීමටත් ඇයට සිදුවුණා. මේ වන විට ඉන් නිදහස් වී සිටින ඇය ඇතුලේ සිටිය දී ඇය ගත කළ දුක්ඛිත ජීවිතය පිළිබඳව මාධ්‍යයට සියල්ල පවසා සිටියා. බොහෝ දුක් කම්කටොලු වලට එහි දී මුණ පෑමට සිදු වූ ඇය මේ වන විට සිය නිවසට වී කාලය ගත කරනවා. ඉතින් පසුගිය දිනකදී ඇයට එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ආරාධනා ලැබෙන අතර දී එහි දී ඇය අරගලය පිළිබඳව පැවසූ කරුණු පිළිබඳව කාගෙත් අවධානයට යොමු වුණා.

” අපේ ජන අරගලයට බොහෝ මිනිසුන් අපට උදව් කළා පාට පක්ෂ භේදයකින් තොරව. මම නොදන්න මිනිස්සුන්ගෙන් නම් මගේ account වලට මම සල්ලි දම්ම ගෙන නැහැ. ඒ මිනිස්සු මට දාපු සල්ලි ඉතාම වගකීමකින් යුතුව ඉතාම පිරිසිදුව ඒ මිනිස්සුන්ට බිල් යවලා ඒ කටයුතු ටික ඉටු කළා. එහෙම ඉතින් ඔය කියන විදිහට ලක්ෂ 15ක් 20ක් ලැබුන් නැහැ. ඕනෙම නම් ලක්ෂ 7ක් 8ක් වගේ මුදලක් මගෙ හිතවතුන්ගෙන් ලැබෙන්න ඇති. ඉතින් ඒ සල්ලි විතරක් නෙවෙයි මගේ පොකට් එකේ තිබුනු සල්ලිත් දාලා මම මේකට උදව් කළේ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.